Tuesday, July 3, 2012

ඉසිපතනාරාමය Isipathanaramaya

මහනුවර යාපනය අංක 9 පාරේ මැදවච්චියේ සිට කි.මී. දෙකක් පමන වවුනියාව දෙසට ගමන් කල විට දකුනු පැත්තේ පිහිටි පුන්‍ය භූමියකි. අද ඉසින්බැස්සගල ලෙස හදුන්වහන එම ස්ථානය එදා ඉසිපතනාරාමය නම් විය. ඒ අන් කවර තැනක් නොව ගෞතම බුදුන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනය කල පුන්‍ය භූමියයි.
ලොව විස්මිත තැනක් වන මෙම ස්ථානය සන්නිවේදනය ඉතාම හොදින් කල හැකි  ස්ථානයක් ලෙස නාසා ආයතයේ පවා පරීක්ශනයන්ට භාජනය වූ ප්‍රදේශයයි. බුදුන්වහන්සේ දස දහසක් සක්වලට ඇසෙන්නට දම්සක පෙරලා යැවුයේ එම අසිරිමත් පිං බිමේදීය.


එදා පස්වග මහණුන් වැඩසිටි ස්වාබාවික විශාල ගල් ලෙනත් එහි ඉදිකල සෙල්ලිපිත් බුදුපියානන් පස්වග මහනුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කල ස්ථානයත් යන සියල්ල ම අදටත් මේ ඉසින්බැස්සගල යන නමින් ප්‍රසිද්ධ වූ ස්ථානයේදීම දැක ගත හැක.
සාථාගිරි හා හේමවත යන යක්ක ගෝත්‍රික ප්‍රාදේශීය රජුන් පාලනය කල ප්‍රදේශය මිගදායට බටහිරින් පිහිටියේය.
 සාථාගිරි හා හේමවත දෙදෙනා බුදුන්වහන්සේ පිලිබදව එක් අයෙක් අනිකාට විස්තර දුන් ආකාරය පිලිබදවද අප අසා ඇත.
එසේම සාථාගිරි යක්ක ගෝත්‍රිකයා බුදුන්වහන්සේට "නමෝ" ලෙස උපහාර කල බවත් අ‍ටුවාවේ දැක්වේ.
මිගදාය ආශ්‍රිතව සූත්‍ර දේශනාවල සදහන් සියලු ස්ථාන අදටත් ඒ ප්‍රදේශයේ පිහිටා ඇත.


දස දහසක් සක්වලට ඇසෙන්න දම්සක පෙරලූ සන්නිවේදනය කිරීමේ පහසුම ස්ථානය ලෙස නම් දැරූ මෙම පුන්‍ය භූමියේ රමණීයත්වය එහි යන ඕනම කෙනෙකුට සක්සුදක් සේ දැක බලා ගත හැක.

1 comment:

  1. මේ ස්තානයේ සිට බටහිර වෙරලටත් නැගෙන හිර වෙරලටත් ඇත්තේ එකම අහස් දුරකි.

    ReplyDelete