Monday, June 4, 2012

ජන්බුද්වීපයේ ගංගා Rivers in janbudhweepa

ජන්බුද්වීපය පිලිබදව තවත් පිරිසකට තියෙන ප්‍රශ්නයක් වන්නේ නේරංජනා,ගංගානම්,අචිරවතී වැනි ත්‍රිපිටකයේ ඇති ගංගාවල් මේ හෙලදිව තිබුනිද යන්නයි. ඒ සදහාද පිලිතුරක් දීමට සිතුනි.
 

වත්මන් නේරංජනාව දිස්වන අයුරු
බුදුන්වහන්සේ පහල වූ මේ ජන්බුද්වීපයේ තිබූ ගංගා පසු කාලීනව විවිධ රජවරුන් විසින් ප්‍රතිසංස්කරනය කිරීම් කිරීම,වෙනත් නම් යෙදීම,ගංගා කීපයක් එකතු කර වැව්, අමුනු,ඔයවල් සෑදුවත් පැරනි ගංගා පිලිබද සදහන් කිරීමට ඔවුන් සාක්සි ඉතිරි කර ඇත. ඒ ඔස්සේ ඒ පැරනි ගංගාවල් පිලිබද සදහන් කිරීමට් කැමතිය.
 

වාරිතාක්ශනය හා කතා කිරීමේදී අමතක කල නොහැකි රජ කෙනෙක් ලෙස පරාක්‍රමබාහු රජතුමා හැදින්විය හැකිය. එතුමා විසින් පැරනි ජලාශ උපයෝගීකරගෙන වාරිතාක්ශනය වැඩි දියුනු කර ඇත. ඒ සදහා උපයෝගීකරගත් ගංගා හා ජලාශ කීපයක නම් සදහන්ව ඇත බලන්න මේ ගංගාවල් අහලා තියේද කියලා.

“සලලවති” නම් මවු ඇලක් ද, එසේම “වෙත්රයවති” නම් සොරොව්වෙන් නික්මෙන ජලය බැස යාමට “වෙත්රරවතී” නම් මහ ඇලක් ද, දකුණු සොරොව්වෙන් නික්මෙන් ජලය බැස යාමට “තුඟභද්ර ” නම් මහ ඇලක් ද, එසේ ම “මංගල” නම් සොරොව්වෙන් නික්මෙන ජලය බැස යාමට “මගලගඟ” නම් මහ ඇලක් ද, 


එසේම “ චණ්ඩි” නම් සොරොව්වෙන් නික්මෙන ජලය බැස යාමට “මගලගඟ” නම් මහ ඇලක් ද, එසේම “ චණ්ඩි” නම් සොරොව්වෙන් නික්මෙන ජලය බැස යාමට “කම්පා” නම් මහ ඇලක් ද තනවන ලදි. තවද* “තෝය” වැවේ සිට “පුණ්ණවඩ්ඪන” නම් වැවට ජලය ගැනීමට “සරස්වති” නම් මහ ඇලක් බදවන ලදි. “තෝය” වැවේ බස්නාහිර පැත්තෙන් “වෙල්මතී” නම් මහ ඇලක් ද, “පුන්වඩුන්නා” නම් වැවෙන් බස්නාහිර දෙසට “යමුනා” නම් මහ ඇලක් ද උතුරට “සරභු” නම් මහ ඇලක් ද, ල‍ෙක්‍ෂාද්යා්නය හෙවත් “ලක්ඛුය්යාි” උයන ඉදිරිපිටින් ගලා බැසීමට “චන්ද්රෙභාග” නම් මහ ඇලක් ද, ජේතවන විහාරය ආසන්නයෙන් ජලය බැස යාමට “නර්මදා” නම් මහ ඇලක් ද, එම තෝය වැවේ උතුරු පැත්තෙන් “නෙරංජරා” නම් මහ ඇලක් ද “අනොතත්ත” නම් මහ වැවෙන් නික්ම ගියා වූ “භාගිරතී” නම් මහ ඇලක් ද, එම වැවෙන් ම දකුණු දිගට නික්ම ගියා වු “අවර්ත ගඟ” නම් මහ ඇලක් ද, “අඹාල” වැවෙන් උතුරු දිගට ගියා වූ “තම්බපණ්නි” නම් මහ ඇලක් ද, මහවැලි ග‍ඟේ සිට බස්නාහිර පැත්තට ජලය ගැනීම පිණිස “අචිරවතී” නම් මහ ඇලක් ද, එම මහවැලි ගඟේ සිට නැගෙණ ඉර පැත්තට වතුර ගැනීමට “ගෝමති” නම් මහ ඇලක් ද,

 එසේ ම උතුරු ‍පැත්තට වතුර ගැනීම පිණස “මාලාපහරණි” නම් මහ වැවක් ද, “අචිරවතී” නම් මහ ඇලෙන්ම නැගෙණහිර ඒ ඒ දෙසට වතුර ගෙන යාමට “සතරූඬ”, “නිබ්බින්ද”, “ධවල” , “ සීද” යන නම් ඇති මහ ඇලවල් සතරක් ද, මින්නේරි මහ වැවේ දකුණු පැත්තෙන් ගියා වූ “කාලින්දි” නම් මහ ඇලක් ද, “ගිරිතළා” මහ වැවෙන් “කඳුරුවඩමන්” තඩාගයට ජලය ගැනීමට “කාචේරි” නම් මහ ඇලක් ද “කඳුරුවඩමන් තඩාග” යෙන් අරිමද්ද විජයගමට ජලය දීමට “සෝමවති” නම් මහ ඇලක් ද කරවුයේය. තව ද උන්වහන්සේගේ පරාක්රමමසාගර නම් වු මහ වැවට කරගඟින් ජලය ගැනීමට “ගෝධාවරි” නම් මහ ඇලක් ද කරවූයේය...........
අක්‍රිය වූ වාරිතාක්ශනයට නව පනක් එක්කල මහාපරාක්‍රම බාහු රජතුමා මේ නම්වලින් හැදින්වූ ඇතැම්  ගංගා ප්‍රතිසංස්කරනය කලේය ඇතැම් ගංගා නිර්මානය කලේය.


සිතියම
වැදගත් ගංගාවක් ලෙස නේරංජනාව හැදින්විය හැක. ඇතැම් පූර්ව නිගමන දාගැතවුන් පවසන අන්දමට හෙලදිව නේරංජනාවට කියන්නේ කුනු ඇලක් කියාය. නමුත් එදා නේරංජනාව යනු විශාල ගංගාවකි අද හුරුලු ඔය හා යාන් ඔය නමින් හදුන්වන ගග එදා විශාල ගංගාවක් ලෙසින් ගලා ගෙන ගිය නේරංජනාව පසු කාලීනව සිදුකල වාරිකර්මාන්ත වෙනස් වීම නිසා එහි ස්බාවය වෙනස් වී ඇත.

මහවැලි නදියට අතීතයේ නම් දෙකක් භාවිතාවිය. මයියංගනයේදී එය "රෝහිනී" නම් වූ අතර ත්‍රිකුනාමලේදී එය "ගංගානම්" විය.(ටොලමිගේ සිතියමේ ගැන්ගීස් යනු කුමක්දැයි බලන්න) බුදුන්වහන්සේ මහවැලි හෙවත් ගංගානම් ගගේ දෙගේ පාරුවෙන් බන කියමින් යන අයුරු තිවංක පිලිමගෙයි ඇද ඇත.
 

බුදුන්වහන්සේ කැලනියට වඩින්නට කැලනි නදියේ පාරුවට ගොඩවුයේ ගොත‍ටුවෙනි. ගොත‍ටුව එදා ගෝතම තොට නම් විය. ඒ නම දැම්මේ සුනීධ වස්සකාරවරුය.

ඒ කාලයෙහි සුනීධ, වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ ශ්‍රමණ භවත් ගෞතම තෙම අද යම් දොරටුවකින් නුවරින් පිට වන්නේ ද, ඒ දොර ´´ගෞතම දොරය´´ යන නම වන්නේය, යම් තොටකින් ගංඟා නම් ග‍ෙඟන් එතෙර වන්නේ ද, ඒ තොට ´´ගෞතම තොට´´ නම් වන්නේ යයි´´ භාග්‍යවතුන් වහන්සේ පසුපස්සෙහි අනුව ගියාහු වෙත්. එකල භාග්‍යවතුන් වහන්සේ යම් දොරකින් නුවරින් පිටතට ගියෝ ද ඒ දොරට ´´ගෞතම දොර´´ යන නම වූයේය. 
(උපුටා ගැනීම මහාපරිනිර්වාන සූත්‍රයෙනි)

C.W.නිකලස් මහතා ලංකාව ගැන ලියන ලද පොත සෝමපාල ජයවර්ධන මහතා පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඉතිහාසික ස්ථාන විස්තර කියා සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. එහි තියෙනවා මහවැලි ගගෙන් ගලාගිය ශාකාවක්වන "අචරවතී නදිය" පටන් ගත් තැනින් "ගොතම නම් ඇලක්" පටන් ගෙන නැගෙනහිරට ගලාගෙන ගිය බව.

මේ සම්බන්ද සෙල්ලිපියක් දහස්තොට හෙබරව ගමේ  "අද ගොමති ඇල" පහල ප්‍රදේශයේ ඇත.'පනිත මහරජතුමා බුදුහිමි වඩම්මවාගෙන ආව ඇලට ගොතම ඇලයයි නම් කලේය' මේ බුදු හිමි  වඩම්මවාගෙන ඒමේදී ලියූ සෙල්ලිපියයි.


අශෝක රජතුමා ඉන්දියාවේ බුද්ධ රාජ්‍ය ගොඩ නැගීමේදී හෙලදිව තිබූ ගම්,නගර ස්ථාන,ගංගා නාම ඔහු විසින් හෙලදිවට එවන ලද නියෝජිතයන්ගෙන් දැනගෙන ඔහුගේ නිර්මාණ හැදින්වීමට යොදාගත් බව සම්මත ඉතිහාසය මගින් කිව හැකි වුවද, ඉන්දියාවට එවැනි නම් දමා සිතියම් පිලියෙල කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි. ඒ නිසා ඉන්දියාවේද මේ නම් භාවිතාවේ.

අචිරවතී,නේරංජනා,ගංගානම් වැනි ගංගා ප්‍රශ්නෙටත් සාධාරනයක් කලායයි සිතමි.

තව බොහෝ සෙල්ලිපි සාධක ඇති අතර ඉදිරියේදී ඒවා ඵල කිරීමට බලාපොරොත්තුවේ.

1 comment:

  1. අගනා ලිපියකි. බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන් බව මමද තරයේ විශ්වාද කරමි. නමුත් මෙවන් නොවිසඳුණු තැන් නිසා මෙම සත්‍යය විශ්වාස කිරීමට බොහෝ දෙනා මැලි වෙති. එවන් නොවිසදුනු තැන් සොයා විසඳාලීම සමාජ මෙහෙවරකි. අඳුරේ සිටින්නවුන්ට ආලෝකය ලබා දීමකි.
    මෙවන් තවත් නොවිසඳුනු තැනක් වන්නේ සොළොස්මහා ජනපද පිලිබඳ ඇති අවුලයි. සොළොස්මහා ජනපද ලංකාවේ තිබුනේද? මේ පිළිබඳ විවරණයක් ලබා දෙන්නේ නම් අගනේය.

    ReplyDelete