Saturday, June 2, 2012

නිගන්ඨයෝ හා හෙලදිව

ජෛනමහාවීර තුමන්ගේ පිලිරුවක්
අපේ ලංකාවේ කට්ටියට බුද්ධෝත්පත්තිය ලංකාවේ කියූ ගමන් අනිත් පැත්තට අහන්නේ "බොරු කියන්න එපා ලංකාවේ කොහෙද නිගන්ඨයෝ? ඉන්දියාවෙනම් තාමත් නිගනටයෝ ඉන්නවා" එහෙම නැත්නම් "ආ නිගන්ඨනාථ පුත්තත් ලංකාවෙද එතකොට" වැනි දේය. ඒ ඇත්තන්ගේ නිගන්ඨ මාන්‍ය බිදුනු වස් තවත් වටිනා කරුනු හෙලි කිරීමට තිබුනත් මේ නිගන්ඨයන්ටත් කාලයක් කැප කිරීමට සිත් විය.
මෙය සිදු වී ඇත්තේ ජෛන මහාවීර තුමා හා නිගන්ඨනාත පුත්ත දෙපල පටලවා ගැනීමය. මේ පටලවා ගැනීම ලෙහූ විට නිගන්ඨ ප්‍රශ්නය විසදෙයි.
 

බුදුන්වහන්සේ ජන්බුද්වීපයේ පහල වන විට එකල ආගම්/මතවාද බහුලව තිබූබව ත්‍රිපිටකයේ දැක්වේ. ඒ අතර නිගන්ඨනාථ පුත්තද වෙයි. බුදුන්වහන්සේගේ පහල වීමත් සමග අනිකුත් මතවාද සියල්ල යටපත් කරමින් ගෞතම බුදුන්වහන්සේ සිංහනාද පැවැත්වූහ. එමෙන්ම එදා අන්‍ය ආගමිකයන් මිත්‍යදෘශ්ටියෙන් මිදී සද්ධර්මය දු‍ටුවේය. එනිසා අනිකුත් මිත්‍යා ආගමික සංකල්ප යටපත්විය. නමුත් අපේ රටේ සිට පන් මල්ල ඉනේ ගහගෙන "දුවපන්" කියපු ගමන් ඉන්දියාවට කඩේයන ඇත්තන් පවසන අන්දමට නිගන්ඨයෝ ඉන්දියාවේ තාමත් ඇත. එනිසා නිගන්ඨයෝ මේ ජන්බුද්වීපයේ සිටියේ නැත. ඔවුන්ගේ තර්කය මෙයයි. ඉන්දියාවේ නිගන්ඨයන් තවමත් සිටින බව සත්‍යකි. එසේනම් ගෞතම බුදුන්වහන්සේ පහල වී සිදු කලේ කුමක්ද? ගගට ඉනි කැපීමක් නොවේද? බුදුවරුන්ගේ සිංහනාදය මෙතරම් හෑල්ලුවට පත්කරන්නේ ඔවුන් දැනුවත්වදෝ යන්න මට සැකයකි.
නිගන්ඨයෝ තවමත් සිටීනම් බුදුන්වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්දියාවේ නැත්තේ ඇයි?  එයට  ඔවුන්  කියන්නේ  ආක්‍රමන  නිසා ශ්‍රාවකයෝ/සාසනය විනාශ වී ගිය බවයි. ඉන්දියාවේ සිදුවූ ආක්‍රමන නිසා හින්දු,ජෛන වැනි අනිකුත් ආගම්වලටද බලපෑම් විය. නමුත් ඒවා අදත් දැක ගත හැකි උවත් ඉන්දියාවේ බුදුන්වහන්සේගේ ශ්‍රාවකයෝ එසේ ව්‍යාප්තව නැත. දෙවියෙකුට,මාරයෙකුට,බ්‍රහ්මයෙකුට,මිනිසෙකුට නැවැත්විය නොහැකි ලෙස බුදුන්වහන්සේ පෙරලා යැවූ දම්සක ඉන්දියාවට නවත්වන්න ගියේ ඉතාම සුලු කාලයකි. ඉන්දියාවේ අන්‍යාගමිකයෝ මෙතරම් බලවත්ද? කෙසේ කිව්වත් මොවුන් කියන කාරනා සලකා බැලීමේදී කල්ප ගනන් පාරමී පුරා බුද්ධත්වයට පත්වී බුදුවරුන් දේශනා කරන සිරි සත්ධර්මය  හෑල්ලුවට පත්කරන බව පෙනී යයි. මින් ඉදිරියට නිගන්ඨයන් හමුවේ එසේ නොකිරීමට නිගන්ඨප්‍රශ්නය විසදාගනිමු.
 

ජෛනමහාවීර තුමන්ගේ පිලිරුවක්
දැන් බලමු කවුද මේ ජෛන මහාවීර කියන්නේ කියලා. ඒ සදහා ජෛන ග්‍රන්ථවල ඇති ඉතිහාසය භාවිතාකල හැක. මක්නිසාද ජෛන ග්‍රන්ථ යනු තෙවන පාර්ශවීය තහවුරුවක් වන බව සිතිනු නිසාය.
ජෛන මහාවීර(වර්දමන-පෙර නම) උපදින්නේ ඉන්දියාවේ බිහාරයේ(කුන්ඩග්‍රාම) රාජකීය පවුලකය. ඒ ක්‍රි.පූ.599 දීය.ඔහුගේ පියතුමා වන්නේ සිද්ධාර්ථ රජුය. එතුමාගේ මව වන්නේ ත්‍රිශාලා දේවියයි. එතුමා කුඩා කාලයේ බොහෝ බුද්ධිමත් කෙනෙක් බවට ජෛන ඉතිහාසයේ පවසයි. තවත් බොහෝ තොරතුරු ඔහු ගැන තිබුනත් අවශ්‍ය කරුණු පමනක් මතුකර දක්වමු. 


ජෛන මහාවීර යනු ජෛන ආගමේ 24 එනම් අවසන්  තිර්තන්කරයාය. තීර්තන්කර විස්තරයට අනුව ඔහු මනුලොව උපතට පෙර සිට ඇත්තේ ප්‍රනාඨදේවලෝක නම් දෙව්ලොවයි.(මේ කරුනු ජෛන ග්‍රන්ථවල ඒවා බව මතක තබා ගන්න) උස අඩි 7 ලෙස දක්වන අතර අවුරුදු 72 ආයුවලදා ඇත.එනම් ඔහුගේ කාල සීමාව ලෙස දක්වන්නේ ක්‍රි.පූ. 599-527 කාලයයි.599 ක්‍රි.පූ. කියන්නෙ මීට් අවුරුදු 2012+599=2611 කට කලින්. එතකොට ගිය අවුරුද්දෙ සම්බුද්ධත්ව ජයන්තිය ට බුදු හාමුදුරුවො බුදු වෙලා වසර 2600 යි. එතකොට සමකාලීන වෙනවා. එනම් ඉන්දියාවේ උපත ලද මේ ජෛන මහාවීරතුමා ජන්බුද්වීප්යේ වැඩ සිටි බුදුන්වහන්සේ හා සමකාලීනයෙකි.
 

දැන් බලමු ජෛන මහා වීරතුමා කලුරිය කරන්නේ කුම කාලයේද කියා.
බුදු හාමුදුරුවො පිරිනිවන් පාලා 2012 ට අවුරුදු 2556 ක් වෙනවා. ජෛන මහා වීරතුමා මැරිලා අවුරුදු 2012+527=2539 ක් වෙනවා. එ කියන්නෙ බුදු හාමුදුරුවො පිරිනිවන් පාලා අවුරුදු 2556-2539=17 ට පස්සේ තමයි ජෛන මහා වීර තුමා මිය ගියේ. ඒ කිව්වෙ බු. ව. 17දී පමනය.
දැන් පැහැදිලිව පෙන්වා තිබෙනවා බුදුන්වහන්සේගේ පරිනිර්වානයෙන් පස්සේතමා ජෛන මහාවීරතුමා කලුරිය කලේ කියලා. 


නමුත් නිගන්ඨනාත පුත්ත තෙමේ මරනයට පත්වෙන්නේ බුදුන්වහන්සේ ජීවමාන කාලයේ බව ත්‍රිපිටකය සාක්සි දරයි.
ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර මෙසේ කීහ. ´´ඇවැත්නි, නිගණ්ඨනාත පුත්‍ර තෙම පාවා නුවර අසල දී නොබෝ දින මැරී ගියේය. ඔහුගේ මරණයෙන් බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් දබර ඇත්තාහු, වාසය කරන්නාහුය.´´
 

´´නිගණ්ඨනාත පුත්‍රයාට අනුව යන්නා වූ ගිහි ශ්‍රාවකයෝ ඒ නිගණ්ඨනාත පුත්‍ර ශ්‍රාවකයන් කෙරෙහි කලකිරුණු ස්වභාව ඇතිව සත්කාර කිරීමාදියෙන් ද වැළකුණාහුය.´´( සංගීති සූත්‍රය -පළමු කොටස)
 

මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි දුනු ශිල්ප උගත් විදීම් ශාස්ත්‍රය දත් ශාක්‍යයින්ගේ අඹ උයන තුළ වූ ප්‍රාසාදයෙහි වැඩ වාසය කරති. එකල නිගණ්ඨනාත පුත්‍ර තෙමේ පාවා නම් නුවරෙහි දී නොබෝ දිනකට පෙර මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් අතර මුඛ නැමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය.
 එකල්හි චුන්ද ස්ථවිර තෙමේ පාවා නුවර වස්වසා නිමවන ලද වස් ඇත්තේ සාම නම් ගම යම් තැනෙක්හි ද ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ වෙත පැමිණ, වැඳ එක පැත්තක හුන්නේය. චුන්ද ස්ථවිර තෙමේ මේ කාරණය දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, නොබෝදා නිගණ්ඨනාත පුත්‍ර තෙමේ පාවා නුවර දී මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් අතර මුඛ නැමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය.´´
 මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ මෙය කීයේය. ´´ඇවැත් චුන්දය, යමු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එහි පැමිණෙන්නෙමු. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු දන්වන්නෙමුය´´යි කීහ.( පාසාදික සූත්‍රය)
 

මේ අනුව නිගන්ඨනාත පුත්ත හා ජෛන මහාවීරයනු දෙදෙනෙක් බව පැහැදිලිවනු ඇත.එය සැබෑය. බොහෝ දෙනෙකු පටලවගෙන ඇත්තේ නිගන්ඨනාත පුත්ත හා ජෛන මහාවීර යනු එක් යෙකු ලෙසය. ඒනිසා බුදුන්වහන්සේත්  ඉන්දියාවේ බව කියයි. ඔහුන්ගේ නිගන්ඨසාක්සිය එයයි. තවද ත්‍රිපිටකයේ කොතෙනකවත් නිගන්ඨනාත පුත්තට ජෛන මහාවීර ලෙස හදුන්වා නොමැත.ජෛන මහාවීර තුමා ඉන්දියාවේ ජෛන ශ්‍රාස්තෘ වෙද්දී මෙහේ ජෛන නියෝජිතයා උනේ නිගන්ඨනාත පුත්තයි. එයට හොද උදාහරනයක් මිතුරෙකු ප්‍රකාශ කර තිබිනි. එනම් නිගන්ඨනාත පුත්ත යනු "හරියට බිශොප් කෙනෙක් වගේ"  එය එලෙසම නිවැරදිය.
තවත් පසු කාලීන නිගන්ඨයන් ගැන විස්තර ඇතත් ඒ සදහා කාලය වැය කිරීම අනවශ්‍ය ලෙස සිතේ. මක්නිසාද ජන්බුද්වීපය සනාථ කිරීමේ සාධක තවත් බොහෝ ඇති නිසාය. නමුත් ජන්බුද්වීපය පිලිබද හැදින්වීමේදී මිත්‍යදෘශ්ටික නිගන්ඨයන් ගැන කියන අයට අවධිවීම
සදහා පමනක් මේ ලිපිය සකස් කරන්නට සිතුනි.
 

දැන් බුදුන්වහන්සේ මේ හෙලදිව උපන් බව ප්‍රකාශ කිරීමේදී නිගන්ඨයන් ගැන ප්‍රශ්න කරන අයට වෙනින් කොනක එල්ලීමට සිදුවේ.  මක් නිසාද ඔවුන් නිගන්ඨනාත පුත්ත හා ජෛන මහාවීර පටලවාගෙන සිදු කල තර්කයන් පුස්සක් කල නිසාය.
එසේ නැතිනම් ත්‍රිපිටකයට වැරදුනාවද්ද? නැත්නම් ජෛන මහාවීර දෙපාරක් මැරුනාවද්ද?  

මේ ගැන මතුකල හා තර්ක කල පිරිසට බොහෝ ස්තූති වන්නේ බුද්ධෝත්පත්තිය ගැන සෙවීමේදී කිසිදු අඩුවක් නොමැතිව ඉතිහාසය සනාථ කිරීමට අපට එය පි‍ටුවහලක් උන නිසාය.
ඔන්න එහෙනම් නිගන්ඨනාත පුත්තගේ ප්‍රශ්නෙත් විසදුවායැයි කිව හැකිය. නැවත නිගන්ඨයන් ගැන අල්ලන් සෙල්ලන් කිරීමට ඉන්දියාවට කඩේයන පිරිසට නොහැකිවන නිසා. තව එල්ලෙන්න කොනක් හොයාගන්න ලෙස මතක් කිරීමට කැමතිය.

(මේ ලිපිය සදහා මට අවශ්‍ය ඇතැම්  කරුනු ලබාගැනීමට උපකාර කර ශානික අමරසෝම,යොහාන් මේධන්ක,රුවන් හේවාවිතාරන. ඇතුලු සියලු සහෝදර සහෝදරියන්ට ස්තූතිවන්ත වෙමි නම් මතක් නොකලාට අමනාප නොවන්න.)

17 comments:

  1. "එනම් ඔහුගේ කාල සීමාව ලෙස දක්වන්නේ බු.ව.599-527 කාලයයි."

    මේක කොහොමද බුද්ධ වර්ෂ වුණේ ??? මේක ක්‍රිස්තු පූර්ව නේද ???
    බුද්ධ වර්ෂ ක්‍රමය ආරම්භ වෙන්නේ බුදු හාමුදුරුවන්ගේ පිරිනිවන් පෑමත් එක්ක නේද ???

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මුද්‍රන අතපසු වීමක් එය නිවැරදි කලා.

      Delete
    2. "බුදු හාමුදුරුවො පිරිනිවන් පාලා 2012 ට අවුරුදු 2556 ක් වෙනවා. ජෛන මහා වීරතුමා මැරිලා අවුරුදු 2012+527=2539 ක් වෙනවා. එ කියන්නෙ බුදු හාමුදුරුවො පිරිනිවන් පාලා අවුරුදු 2556-2539=17 ට පස්සේ තමයි ජෛන මහා වීර තුමා මිය ගියේ. ඒ කිව්වෙ බු. ව. 17දී පමනය.දැන් පැහැදිලිව පෙන්වා තිබෙනවා බුදුන්වහන්සේගේ පරිනිර්වානයෙන් පස්සේතමා ජෛන මහාවීරතුමා කලුරිය කලේ කියලා"

      wikipedia දක්වන විදිහට බුදුන් වහන්සේ උපත ලබා ඇත්තේ ක්‍රි.පූ 563. ඒ කියන්නේ ජෛන මහාවීරතුමා ඉපදිලා වසර 36 කට පස්සේ.

      මහාවීරතුමා කලුරිය කරන්නේ ක්‍රි.පූ 527. ඒ වෙද්දී බුදුරජාණන් වහන්සේට වයස අවුරුදු 36.....

      එතකොට ගැටළුවක් නැහැනේ. මොකද මේ ගැන කියන්නේ ???

      Delete
    3. කොහොම නමුත් අපි බුද්ධ වර්ෂ කියලා ගණනය කරන ක්‍රමයේ හරි දක්වලා තියෙන බුදුන් වහන්සේ උපන් සහ පිරිනිවන් පෑ වර්ෂ කියලා දක්වලා තියෙන ඒවායේ හරි වැරැද්දක් තිබෙන බව පේනවා

      Delete
    4. අපේ රට පිළිගන්නා සාමාන්‍ය සම්මතය නම් කි‍්‍ර.පූ.544 දී පරිනිර්වාණය සිදු වූ බවයි. අප කි‍්‍ර.ව. 1956 දී 2500 බුද්ධ ජයන්තිය සැමරුවේ ද ඒ අනුවය. අප 2600 සම්බුද්ධ ජයන්තිය කි‍්‍ර.ව.2011 දී සැමරුවේ ද ඒ අනුවය.
      එක්සත් ජාතීන්ගේ සමු`ඵව ද පලමුවෙන් ම 2007 වෙසක් දින පිළිගත්තේ පරිනිර්වාණය කි‍්‍ර.පූ.544 දී සිදු වූ බව සලකාය.
      ජ්‍යොතිෂය බුදු දහමටත් වඩා පැරණි යැයි අපි විශ්වාස කරමු. එම ජ්‍යොතීර්වේදීන් පඤ්චාංග ග‍්‍රහස්ඵුට ලිත වර්තමානයේ සාදනුයේ ද පරිනිර්වාණය කි‍්‍ර.පූ.543-544 සේ සලකාය. ඒ අනුව ඔවුන් දක්වන්නේ 2011 වෙසක් පෝය=2555 බවය (ආචාර්ය ආර්.කේ. රෝහන් සිසිර කුමාර, ලංකා පඤ්චාඞගය 2011-12).

      මා ජෛන මහාවීරතුමා ගැන සොයාගත්තේ ජෛන ග්‍රන්ථවලිනි. ජෛන මහාවීරතුමාගේ කාලය ගනනය කිරීමට ගත්තේ ඒ තොරතුරුය. ඒ නිසා ඒ තොරතුරු වැරදි කිවහොත් මුලු ජෛන ඉතිහාසයම වෙනස්වනු ඇත.

      wikipedia පිලිබද 100% නිවැරදිතාවක් දිය නොහැක. මම දන්නාවිදියට ඒ සදහා ඕනම කෙනෙකුට තොරතුරු එක් කල හැක. පුද්ගල අදහස් එහි මිශ්‍රව ඇත.

      කෙසේ වෙතත් ක්‍රි.පූ. සහ බු.ව. ගනනය කිරීමේදී දින ගනනක වෙනසක් සිදුවිය හැක. බු.ව. 17 දී පමන ලෙස දක්වා ඇත්තේ ඒ නිසාය.

      කෙසේනමුත් ජෛන ඉතිහාසයට අනුව හා බුද්ධ පරිනිර්වානයට අනුව ජෛන මහාවීර මරනයට පත්වෙන්නේ බුද්ධ පරිනිර්වනයෙන් පසුවය.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. u have very good presentation skills good luck

    ReplyDelete
  4. බොහොම හොදයි.. මෙහෙම කරල හරි ඉතුරු ගැට ටික ලිහා ගත්තෙ නැත්නම් මේ ප්‍රශ්නෙ අවුලෙන් අවුලට යනවා...

    ReplyDelete
  5. නිගන්ඨනාත පුත්ත සහ ජෛන මහා වීර දෙදෙනෙක්ද එක අයෙක්ද යන්න මටත් තියන ගැටලුවක්? බොහෝතැන් වල එක් අයෙක්බවයි සදහන් වෙන්නෙ. කරුනා කරල පොඩ්ඩක් කියන්න පුලුවන්ද දෙන්න දෙදෙනෙක් බවට කියවෙන තැන්?

    දෙදෙනෙක් කියල ගත්තොත්,කාලය ගත්විට,

    ගෝතම සිදුහත් බෝසතානන් බුද්ධත්වයට පත්වී වසර 21 කින් තමයි නිගන්ඨනාත පුත්ත අපවත් වෙන්නෙ ඒ කාලය ක්‍රි.පූ 468 කියල තමයි ශදහන් වෙන්නෙ.ඔය කාලෙදි තමයි ගෝතම බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට විනය නීති පැනවීම ආරම්භ කරන්නෙත්. ඊටත් වසර 24 පසුව තමයි ගෝතම බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නෙ. එහෙමනම් ඒ කියන්නෙ ක්‍රි.පූ 444 වගෙ කාලයෙ.

    එහෙම බලුවොත්,

    නිගන්ඨනාත පුත්ත අපවත් වෙන්නෙ ක්‍රි.පූ 468
    නිගන්ඨනාත පුත්ත ඉපදෙන්නෙ = ක්‍රි.පූ. 540 (540-468= 72 ජීවත් වූකාලය)

    ගෝතම සිදුහත් බෝසතානන් උප්පත්තිය වෙන්නෙ 444+80= 524
    ගෝතම බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නෙ ක්‍රි.පූ 444

    ජෛන මහා වීර අපවත් වුනෙ බු.ව. 17 නම් එයා අපවත් උනෙ 444+17= ක්‍රි. පූ.461
    එතකොට ජෛන මහා වීර ඉපදෙන්නෙ 461+72= ක්‍රි. පූ.533

    ReplyDelete
    Replies
    1. ජෛනග්‍රන්ථවල ජෛනහමාවීරට නිගන්ඨනාත පුත්ත ලෙස හදුන්වා නොමැත. එසේම ත්‍රිපිටකයේද නිගන්ඨනාත පුත්තට ජෛන මහාවීර ලෙස හදුන්වා නොමැත. ඔවුන් දෙදෙනෙකි. එහෙත් බොහෝ තැන්වල තියෙන්නේ එක් අයෙකු ලෙසයි. ඒ ගැටලුව විසදාගැනීමට විමසා බලා තීරනයට එලබිය යුතුය.

      නිගන්ඨනාත පුත්ත වයස 72දී මිය ගිය බව ඔබ සොයාගත් මූලාශ්‍රය කුමක්ද? එහි ඇත්තේ ජෛන මහාවීර ද? නිගන්ඨනාත පුත්ත යන නමද?

      Delete
    2. මටද තියන ගැටලුව දෙදෙනෙක්ද එක් අයෙක්ද යන්නයි.. මට හමවූ විස්තර අනුව නිගන්ඨනාත පුත්ත මිය යන්නෙ බුදුන්වහන්සේ බුද්ධත්වයට පත් වී වසර 21 කින් ක්‍රි.පූ 468 දී. කොහොමත දැන් අපි ගනන් කරන බුද්ධවර්ශයෙ අවුලක් තියනවා. වසර 100 පමන වෙනසක් තියනවා..
      කෙසේ නමුත් ඔබගේ ගවේශනය විශිශ්ඨයි.
      ඔහොම කරන් යන්න දිනක හමුවෙමු..
      ජය සැප සතුට!!!!

      Delete
    3. අපේ රට පිළිගන්නා සාමාන්‍ය සම්මතය නම් කි‍්‍ර.පූ.544 දී පරිනිර්වාණය සිදු වූ බවයි. අප කි‍්‍ර.ව. 1956 දී 2500 බුද්ධ ජයන්තිය සැමරුවේ ද ඒ අනුවය. අප 2600 සම්බුද්ධ ජයන්තිය කි‍්‍ර.ව.2011 දී සැමරුවේ ද ඒ අනුවය.
      එක්සත් ජාතීන්ගේ සමු`ඵව ද පලමුවෙන් ම 2007 වෙසක් දින පිළිගත්තේ පරිනිර්වාණය කි‍්‍ර.පූ.544 දී සිදු වූ බව සලකාය.
      ජ්‍යොතිෂය බුදු දහමටත් වඩා පැරණි යැයි අපි විශ්වාස කරමු. එම ජ්‍යොතීර්වේදීන් පඤ්චාංග ග‍්‍රහස්ඵුට ලිත වර්තමානයේ සාදනුයේ ද පරිනිර්වාණය කි‍්‍ර.පූ.543-544 සේ සලකාය. ඒ අනුව ඔවුන් දක්වන්නේ 2011 වෙසක් පෝය=2555 බවය (ආචාර්ය ආර්.කේ. රෝහන් සිසිර කුමාර, ලංකා පඤ්චාඞගය 2011-12).

      මා ජෛන මහාවීරතුමා ගැන සොයාගත්තේ ජෛන ග්‍රන්ථවලිනි. ජෛන මහාවීරතුමාගේ කාලය ගනනය කිරීමට ගත්තේ ඒ තොරතුරුය. ඒ නිසා ඒ තොරතුරු වැරදි කිවහොත් මුලු ජෛන ඉතිහාසයම වෙනස්වනු ඇත.

      විකිපෙඩිඅ පිලිබද 100% නිවැරදිතාවක් දිය නොහැක. මම දන්නාවිදියට ඒ සදහා ඕනම කෙනෙකුට තොරතුරු එක් කල හැක. පුද්ගල අදහස් එහි මිශ්‍රව ඇත.

      කෙසේ වෙතත් ක්‍රි.පූ. සහ බු.ව. ගනනය කිරීමේදී දින ගනනක වෙනසක් සිදුවිය හැක. බු.ව. 17 දී පමන ලෙස දක්වා ඇත්තේ ඒ නිසාය.

      කෙසේනමුත් ජෛන ඉතිහාසයට අනුව හා බුද්ධ පරිනිර්වානයට අනුව ජෛන මහාවීර මරනයට පත්වෙන්නේ බුද්ධ පරිනිර්වනයෙන් පසුවය.
      නමුත් ත්‍රිපිටකයට අනුව නිගන්ඨනාත පුත්ත මිය යන්නේ බුදුන්වහන්සේ ජීවමාන කාලයේදීය.
      ඔවුන් දෙදෙනා දෙදෙනෙකි. අවසන් තීන්තන්කරයා වූ ජෛන මහාවීරට නිගන්ඨනාත පුත්ත කියන්නේ නැත. නිගන්ඨනාත පුත්ත අනුගාමිකයෙක් පමනි.
      තෙරුවන් සරනයි

      Delete
    4. මා මහාවීරගේ කාලය පිලිඹද කිසිවක් කියන්නේ නැත.නිගන්ඨනාත මියගියේ බුදුන් වහහන්සේ ජීවමාන කාලයේමයි. ඉන්පසු නිගන්ඨනාත සසුනේ සිදුවූ කැලඹීම් නිස්සවෙන්මයි විනය දේශනව කලෙ ගෝතම බුදුසසුනේ චිරස්ත්තතිය උදෙසා.

      Delete
    5. ජෛන මහාවීර ගැන ජෛන ඉතිහාසයෙන් හොයලා බලන්න. තිර්තන්කරයන් ගැනත් හොයලා බලන්න.

      Delete
  6. Rate loke mecchchara prashna thiyenawa . maharaja apiwa maran kanna hadanawa. mun malawikara kiyonawa

    ReplyDelete
  7. නිගන්ටයෝ ඉන්නේ ලංකාවේ ,ඔය පුරාණ පන්සල් අයිති නිගන්ටයන්ට

    ReplyDelete