Thursday, May 24, 2012

ජනපද හා වැදගත් ස්ථාන සිතියම ඇසුරුන්

""වැදගත් ස්ථාන කීපයක්""
>ලුම්බිනිය-බබරගල(තෙල්දෙනිය)
>බුද්ධගයාව-හිරිවඩුන්න.
>ඉසිපතනාරාමය-ඉසින්බැස්සගල

>කුසිනාරාමය-බුදුගල
>ජේත්වනාරාමය-රිටිගල
>සුද්ධෝදන රජුගේ සොහොයුරෙක් වෙන අමි‍තෝදන රජුගේ මාලිගය වාකරෙයි හා වෙරුගල් නැගෙනහිර    ප්‍රදේශයේ.
>වේලුවනාරාමය රජගල ප්‍රදේශයේ.
>ආනන්ද බෝධිය රිටිගල නා වනයේ
>තපස්සු භල්ලුක විසින් නිර්මානය කල ගිරිහඩු සෑය ත්‍රිකුනාමලය ප්‍රදේශයේ
>මොක්කම(කල්පිටියේ)පිහිටවූ සිරිපතුල (එය උඩ පෘතුග්‍රීසි හමුදාකදවුරක් හදලා.)
>යශෝදරා අරහත් තෙරනිය සදහා නිර්මානය කල ආරාමය මානෑව කන්ද(මෙහෙනි ආරාම කන්ද)ප්‍රදේශයේ.
>පලවෙනි සංගායනාව පැවැත්විමට අජාසත්ත රජු සප්තපර්නී ගල් ගුහාව අද රජගල ප්‍රදේශයේ.(කුඩගල >හෙවත් කුඩයක හැඩය ගත් ගල් ගුහාව)
>ගිජ්ජකූට පර්වතයත් ඒ ප්‍රදේශයේ.(රජගහ නුවර වේලුවනාරාම සීමාවේ)
>ගිජ්ජකූට පර්වතය පාමුල සීතවනය ලෙස හදුන්වන උල්පතත් පිරිසිදු ජලයත් ඇත.

5 comments:

  1. මුකලන්ගමුවේ පඤ්ඤනන්ද හිමියන් (ඕපාත, කොටුගොඩ) ලියන ලද අපට අහිමි කල අපේ උරුමය 1, 2 ,3 ,4 , බුද්ධෝත්පත්තිය හෙලබිමයි, බුදුන්ගේ උරුමය සිරි ලක් දෙරණයි , හෙළ බුදු උරුමය අහිමි තැන්, මෙත් බෝසත් ලෙසින් විවරණ ගත් දුටුගැමුණු රජානෝ යන පොත් වලින්ද සෙල්ලිපි සහිතව බුදුන් උපන්නේ ලංකාවේ බව ඔප්පුකර තිබේ.තවත් ස්වාමින්වහන්සේලා කිහිපනම්ක්ම බුදුන් උපන්නේ ලංකාවේ බව පොත් ලිය තිබේ. අද භාවනා යෝගී බොහෝ හිමිවරු මේ මතය ඇත්තක් ලෙස පිලි අරන් තියෙනවා

    ReplyDelete
  2. මේක මහා මනෝ විකාරයක් කිසිම පුරාවිද්‍යාත්මක සාධකයක් නැතුව එක්කෙනෙක් දෙන්නෙක් කිවා පලියට අපි කොහොමද පිලි ගන්නේ

    ReplyDelete
    Replies
    1. ඇස් පෙන්නේ නැද්ද. මේ බ්ලොග් එකේම ඕනේ තරම් පුරාවිද්‍යා ශාක්ෂි තියනවා.

      Delete
  3. පින්වත් සොයුරනි, සොයුරියනි,
    බුදුරජාණන් වහන්සේ උපන් දේශය හෝ ප්‍රදේශය බෞද්ධයාට වැදගත් වන්නේ කුමණ අවස්ථාවේදී දැයි මඳකට විමසා බලමු. මා අසා ඇති දහම් කරුණු වලට අනුව නම් (මගේ දැනුමේ යම් දොසක් වේ නම් කමා කරන්න), සැදැහැවත් බෞදධයෙක් විසින් සියැසින් දැක බලා පහන් සංවේග උපදවා (පින් රැස් කරගත හැකි) ස්ථාන හතරක් උන් වහන්සේ විසින් දක්වා තිබීම පමණයි. අනෙක් සියළුම දහම් කරුණු වලින් මඟ පෙන්වා වදාළේ නිවන් මග ගමන් කර සසරින් එතෙර වන ආකාරයයි. ඉතින් බුදුන් වදාළ ධර්මය අපට අත තිබියදී, එම මග අනුගමනය කරමින් සසරින් එතෙර වීමය අප්‍රමාදව කටයුතු නොකර, බුදුන් උපන් තැන මෙතනයයි, දම් දෙසූ තැන මෙතනයයි, වාද විවාද කරමින් අප ගැටෙන්නෙ නිශ්ඵල කාරණයකට බවයි මගේ වැටහීම. අනේ, වරදක් ඇතොත් නැවතත් සමාව දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඕක හරියට කිරි දොවන්න එළදෙනකුත් සිටියදී, කිරි බුරුල්ලෙන් නො ඇද, අං දෙකින් අල්ලා කිරි දොවන්නට තැත් කරනවා වැනිම නොවේද ........? සැබෑ ශ්‍රාවකයකු නම් කළ යුත්තේ, දාන-ශීල-භාවනා ආදී කුසල් නොපමාවම රැස් කිරීම නේද....?

      බුදු රජාණන් වහන්සේ ලංකාවේ උපන්නත්, ඉන්දියාවේ උපන්නත්, ඇමරිකාවේ උපන්නත්, අප රැකිය යුතු ශීලයේ වෙනසක් වේවිද ? සියළු සත්ත්වයන් ට මෙත් වැඩිය යුතු ආකාරයේ වෙනසක් වේවිද? කරුණාකර පහදා දෙන්නේ නම් මගේ උගත් සහෝදරවරුන්ට පින් සිදු වේවි. තෙරුවන් සරණයි .....!

      Delete