Tuesday, May 29, 2012

බුදුන් උපන් රට දැනගැනීමට නම් සද්ධස්ස කුල පුත්‍රයකු වන්න

සිදුහත් කුමරා උප්පත්තිය ලැබුයේත්, ගෞතම බෝසත් තුමා උතුම් සම්බුද්ධත්වයට පත් වූයේත්, ගෞතම බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වූයේත්, ජන්බුද්වීපයේදීය. වසර හතළිස් පහක් තරම් දීර්ඝ කාලයක් පුරා උතුම් බුද්ධ ධර්මය දේශනා කළේත් ජන්බුද්වීපයේම ජනයාට ය. ජන්බුද්වීපය යනු (ජන් + බුද් + ද්වීපය) “බුදුන් ජන්මය ලබන දීපය” යන අර්ථය ඇති මාගධී භාෂාවේ පද තුනකි.
මේ මාගධී පදයේ අර්ථයට අනුවම මේ මිහිතලය මත යම් උත්තමයකු බුද්ධත්වය නම් වූ ඒ අති උතුම් තත්ත්වයට පත් වන්නට හේතු වාසනා ලබන්නේ මෙම ජන්බුද්වීපයේදී ම පමණි. අතීතයේ ලොව්තුරා බුද්ධ බව පත් වූ සියලුම බුදුවරයන් වහන්සේලා මෙන්ම අනාගතයේ මේ මිහිතලය මත බුද්ධත්වයට පත් වන සියලුම බුදුවරයන් වහන්සේලාට ද ජන්මය ලබන්නට හේතු වාසනා ඇත්තේ මේ දීපයේදී ම පමණි. ජන්බුද්වීපය යන නම යම්කිසි රටක හෝ ප්‍රදේශයක හෝ නාමයක් නොවේ.
බුදු කෙනකුගේ උපතක් සිදු වන්නට සුදුසු වූ විශ්ව ශක්තිය කේන්ද්‍ර ගත වූ ස්ථාන එකකට වැඩි ගණනක් මේ මිහිතලය මත ඇත්තේ ද නැත. එවන් විශ්ව ශක්තිය කේන්ද්‍ර ගත වූ ස්ථාන ඇත්තේ එකක් ම පමණි. එවන් වූ ස්ථානය ජන්බුද්වීපයේ මධ්‍ය මණ්ඩලය නමින් හැඳින්වේ. ඒ අති ශ්‍රේෂ්ඨ මිනිසා, ලොව්තුරා බුද්ධත්වයට පත් වන උත්තමයා ගුරු උපදේශ රහිතවම ස්වයංභූ ඥානයෙන්ම ඒ උතුම් තත්ත්වයට පත් වීමට නම් නියත වශයෙන්ම ජන්බුද්වීපයේම උපත ලබා එහි මධ්‍ය මණ්ඩලයේ පිහිටි විශ්ව ශක්තිය කේන්ද්‍ර ගත වූ එකම නිශ්චිත ස්ථානයකදී නියත බෝධි මූලයකදීම මේ සිදු වීම සිදු විය යුතුය. ලොව්තුරා බුද්ධත්වයට පත් වීම ධර්ම නියාමයට අනුවම සිදු වන නියත සිදු වීමකි.
මේ මහා භද්‍ර කල්පය තුළ මේ මිහිතලය මත, අතීතයේ බුද්ධත්වයට පත් වූ සියලුම බුදු පියාණන් වහන්සේලාට එම උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත්වන්නට උපකාර වූ නිජ බිම නම් ජන්බුද්වීපයයි.
මෙම උත්තරීතර වූ අතිශයින් ශ්‍රේෂ්ඨ වූ ජන්බුද්වීපය පිහිටා තිබෙන්නේ කොහේද කියා අප සැක හැර දැන ගත යුත්තේ ඇයි ද යන්න හේතු වන කරුණක් මෙහිදී ප්‍රකාශ කළ යුතුව ඇත. එනම් මහා පරිනිබ්බාන සූත්‍රයේ එන පරිදි ගෞතම බුදු පියාණන් පිරිනිවන් පාන්නට විනාඩි පහකට පමණ කාලයක් ඉතිරි ව තිබිය දී අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් ගෞතම බුදු පියාණන්ගෙන් ප්‍රශ්නයක් විචාළේ ය. ඒ ප්‍රශ්නය නම්,
“භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වසර හතළිස් පහක් මුළුල්ලේම දෙවි මිනිසුන්ට බණ දේශනා කරමින් බුදු කට හඬ ලබා දෙමින් බුදු රුව දැක ගනිමින් බුද්ධ ශක්තියට අනුගත වෙන්නට අවශ්‍ය පරතෝඝෝෂක ප්‍රත්‍ය දෙවි මිනිසුන්ට ලබා දුන්නා. දැන් ඔබ වහන්සේ පිරිනිවීමෙන් පසුව ඉදිරි කාලයේ දී දෙවි මිනිසුන්ට බුදුරුව බුදු කට හඬ බුද්ධ ශක්තිය ලබා ගන්නට ක්‍රමයක් නැතිව ලෝකයාට පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබා ගන්නට බැරි වීම නිසා සෝතාපන්න ඵලයට හෝ පත් වන්නට ක්‍රමයක් නැති වෙනවා නේද” යන ප්‍රශ්නයයි.
බුද්ධ ශක්තියට අනුගත නොවී පරිතෝඝෝෂක ප්‍රත්‍ය නොලබා සම්මා දිට්ඨීයට පත් නොවී ස්වයං ශක්තියෙන් සෝතාපන්න ඵලයට හෝ පත් වන්නට පෘථග්ජන මිනිසකුට නොහැකිය.
චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නටත් සම්මා දිට්ඨියට පත් වන්නටත් යමකු සෝතාපන්න අංගයන් හතර ම සම්පූර්ණ කර ගත යුතුමය.
01. “සස්පුරිස සංසේවෝ” යනුවෙන් පෙන්වා වදාළ පළමු වන අංගය සම්පූර්ණ වන්නේ ස්වයංභූ ඥානයෙන්ම චතුරාර්යය සත්‍ය අවබෝධ කරගෙන අරහත් මග ඵලයට පත් වූ ලොව්තුරා බුදු පියාණන් ජීවමානව දැකීම හා බුදු පියාණන්ගෙන් බණ ඇසීම හෝ මග ඵලයකට පත් වූ බුද්ධ ශ්‍රාවකයකුගෙන් බුද්ධ ධර්මය ශ්‍රවණය කිරීම යන කරුණු සම්පූර්ණ කර ගැනීමෙන් පරතෝඝෝෂක ප්‍රත්‍යය ලැබීමෙනි.
ආනන්ද හාමුදුරුවන් එසේ ප්‍රශ්න කරන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා මේ ආකාරයට ප්‍රකාශ කර ඇත.
“චත්තාරි මානි ආනන්ද,
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
කතමානි චත්තාරි”
01. ඉධ තතාගතෝ ජාතෝති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං, සංවේජනීයානං ඨානං

02. ඉධ තතාගතෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
අභිසම්බුද්ධෝති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං

03. ඉධ තතාගතෝ අනුත්තරං ධම්මචක්කං
පවත්තිතන්ති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයාතං සංවේජනීයානං ඨානං

04. ඉධ තතාගතෝ අනුපාදිසේයාය නිබ්බානධාතුයා
පරිනිබ්බුතෝනි ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං
“ආනන්ද නිවන් මඟ සොයන ධර්ම මාර්ගයේ යන පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබා ගත් (ආර්යයන් වහන්සේ නමකගෙන් ශ්‍රී සද්ධර්මය ඇසීම) ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සම්පන්න වීමට චිත්ත ප්‍රසාදයක් ඇති කර ගෙන සම්මා දිට්ඨියට පත් වන්නට සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත්වන්නට - බලවත් ලෙසින්ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳ පුදා ගෙන සිත පහත් කර ගැනීමට සුදුසු ය. මේ ස්ථාන හතර නම්,
01. සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය.
02. ගෞතම බුදු පියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය.
03. ගෞතම බුදු පියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ ස්ථානය.
04. ගෞතමයන් වහන්සේ අනුපදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය යන හතරයි.
ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා යනු නිවැරැදිව ධර්මය අසා පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබා ගෙන බුද්ධ ධර්ම මාර්ගයම අනුගමනය කරන සෝතාපන්න මාර්ගයේම ගමන් කරන කෙනකු ගැන හැඳින් වූ විශේෂණ පදයකි. දැඩි රාගයෙන් ද්වේශයෙන් හා මෝහයෙන් මුළා වූවකු සද්ධස්ස කුල පුත්‍රයකු වන්නේ නැත. සද්ධස්ස කුල පුත්‍රයකු වීමට,
01. සත් පුරුෂ සංසේවෝ (මගඵල ලාභී උත්තමයකු කල්‍යාණ මිත්‍රයකු සේ ඇසුරු කිරීම)
02. සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීම.
03. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම (හේතුඵල දහමට අනුව කල්පනා කිරීම)
04. ධම්මානුධම්ම පටිපදාව (ධර්මානුකූලව හැසිරීම)
මේ මාර්ගයේ ගමන් කරන තැනැත්තා සද්ධස්ස කුල පුත්‍රයෙකි. මේ මාර්ගයේ ගමන් කර පුද්ගලයාට නැතහොත් සද්ධස්ස කුලපුත්තස්ස තත්ත්වයට පත්වූ යමෙකුට එනම් සෝතාපන්න මාර්ගයේ ගමන් කරන කෙනෙකුට “දස්සනීයානං - සංවේජනීයානං” යනුවෙන් ප්‍රකාශ කළ සෝතාපන්න ඵලයට (දස්සනේන සම්පන්න වීමට) පත්වීමට නම් බුද්ධත්වයට සම්බන්ධ වූ මේ උතුම් ස්ථාන හතරින් එකක් හෝ දැක බලා වැඳ පුදා හිත පහදා ගත යුතු යන්නය. බුද්ධ ශක්තියට අනුගත විය හැක්කේ එවිටයි. එදා බුදු පියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ්‍රාවක මහ රහතුන් වැඩ සිටි යුගයේදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. එයට හේතුව බුද්ධ රූපය, බුද්ධ දර්ශනය, බුද්ධ කටහඬ ශ්‍රවණය කිරීමට ආදි ඒ බුද්ධ ශක්තිය එදා ජීවමානව ලැබුණු නිසාවෙනි.
නමුත් අද නිවැරැදි ලෙසින් ම මේ බුද්ධ ශක්තිය ලබාගත හැකි වන්නේ මේ ස්ථාන නිවැරැදිව ම දැන දැක බලා වැඳ පුදා ගැනීමෙන් ය.
මේ ස්ථාන වැඳ පුදා ගත යුතු වන්නේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් මුළා වූ අඥාන දුප්පඤ්ඤස්ස පුද්ගලයන් නොව සද්ධස්ස කුල පුත්‍රයන් ම පමණි. ඒ නිසා පළමු ව පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරමින් රාග, ද්වේශ, මෝහය තුනී කරගෙන ආර්යන් වහන්සේ නමකගෙන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරි සද්ධස්ස කුල පුත්‍රයකු වන්න. - මේ යුගයේ අපගේ පිං බිමේ මගඵල ලාභී ආර්යන් වහන්සේලා වැඩ සිටිති. උන්වහන්සේලා ශීල, සමාධි ප්‍රඥාව නමැති ත්‍රීශික්ෂාව මුල්කර ගත් ශ්‍රී සද්ධර්මයම දේශනා කරති.
ඔබ සද්ධස්ස කුල පුත්‍රයෙක් වූ විට අති පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමින් වහන්සේ ඵල සම්පත්තියෙන්ම සැක හැර දැනගත් අවබෝධ කර ගත් ලෝකයාට කිසිදු අඩුවක් නැතිව දේශනා කළ හෙළිදරව් කළ මේ පූජනීය ස්ථාන පිළිබඳව හා එහි සත්‍යතාවය ඔබට ද වැටහෙනු ඇත. ඔබ දැන් කළ යුතුව ඇත්තේ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් බුදුන් උපන්නේ ඉන්දියාවේ ද ශ්‍රී ලංකාවේ ද කියා තර්ක කිරීම නොව සද්ධස්ස කුල පුත්තස්ස වී මේ පිං බිමේ ඇති එම පූජනීය ස්ථාන එකක් හෝ වැඳ පුදාගෙන බුද්ධ ශක්තියට අවතීර්ණ වී තම සංසාර ගමන නවත්වා ගැනීමට අවශ්‍ය වන මග පාදා ගැනීමයි.


ශාස්ත්‍රපති නීල් සේනාරත්න 
-----------------------------------------------
 ඉහත ඇත්තේ ඉතා වැදගත් ලිපියකි. තවත් දෙයක් එකතු කිරීමට මට සිතුනා. මේ ගැන හෙලිකරාම මේ ස්ථාන බොරු කියලා පරද්දන්න බැරි බව දැනගත්තාම  කරන්නේ මේ ස්ථාන වැඩක් නෑ,ඕවා හොයලා වැඩක් නෑ කීමට පෙලබිමයි. මේ ස්ථාන වැඩක් නැත්නම් පහත් ඒවා කොහෙත්ම වැඩක් නැත.

පෙරහැරවල්,දාගැබ්,පන්සල්,පිලිම වන්දනා,දාතු වන්දනා,විවිධ පූජා විධි ඇතුලු සියලුම ආමිස පූජාවන්...

බුදුන් උපන් දේශය වැඩක් නෑ කියා ඉවත් කිරීමට පෙර ඉහත දේ ඉවත් කර ඉන්න. ඉන්පසු බුදුන් උපන් දේශයේ වැදගත්කම ගැන කතාකරන්න..

නිවැරදි ජන්බුද්වීපය සොයාගැනීම යනු සිරි සද්ධර්මය මතුවීමේ අතුරු ප්‍රතිඵලයකි.

සද්ධස්ස කුල පුත්‍රයකු වන්න

Friday, May 25, 2012

සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය..

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටානාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු.
ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්. මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්.
බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?)
බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් වන කාලය, දීපය දේශය, කුලය හා මව යන්නේ දීපය යන්නේ සමාන පදය දුපතක් නම් ඉන්දියාව දුපතක්ද? නැති නම් පස්මහා බැලමු කාලය, අර්ධද්වීපය, දේශය, කුලය හා මව යන්නද?
දඹ යන පදය හෙළ යන්නට සමානද?
මෙම කරුණු හා තවත් සාක්ෂි එකතුව බුදුන් උපන් හෙළදිව පිළිබදව ඉදිරියේදි සාකච්චා කරමු. දැන් ආටානාටියේ පළමු කොටස සලකා බලමු.

1.  මා විසින් මෙසේ අසන ලදි.    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතරවරම් මහ රජදරුවෝ මහත් වූ යක්‍ෂ සේනාවෙන් ද, මහත් වූ ගාන්ධර්ව සේනාවෙන් ද, මහත් වූ කුම්භාණ්ඩ සේනාවෙන් ද, මහත් වූ නාග සේනාවෙන් ද,සතර දිශාවෙහි ආරක්‍ෂා පිහිටුවා බලසෙනඟ පිහිටුවා රැකවල් ලවා රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි (තමන්ගේ) ශරීර ආලෝකයෙන් හාත්පස ගිජ්ඣකූට පර්වතය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳාකාර වැඳ එක පැත්තකින් හුන්නාහුය. ඒ යක්‍ෂයෝ ද සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහිකට යුතු කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන් දී වැඳ එකපැත්තකට වී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගෝත්‍රය කියා එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නා වූ වෛශ්‍රවණ නම් වූ මහරජ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු කීයේය.

මෙම පරිච්ජේදයෙන් කියැවෙන්නේ බුදුන් හමුවට පැමිණ සතරවරම් රජදරුවන් පිළිබදවයි. එසේනම් වර්තමානයේ සතරවරම් දෙවිවරුන් නමින් හැදින්වෙන වෛශ්‍රවණ, ධ්‍රතරාෂ්ඨ, විරූඪ, හා විරූපාක්ෂ යන එදා සිව් හෙළය නියෝජනය කරාන ලද වූ සිව්හෙළයේ පාලක වරුන්ය. වර්තමානයේ පවා මේලෙස සතරවරම් දෙවිවරු ලෙස වන්දනාමානයට ලක්වන්නේ ඒ එදා අපේම රටේ සිටි ශ්‍රේෂ්ඨ පාලකයන් පිරිසකි. සූත්‍රය පුරාවටම මේ හමුවන සතරවරම් රජවරු හෙවත් පාලකයන් හතරදෙනා නියෝජනය කරනලද්දෙ වර්තමානයේ සිංහල බවට පත්ව ඇති සිව්හෙලයයි. ඒ අනුව සිංහලය යනු සිංහබාහුගේ සිංහ රුධිරය හෝ පණ්ඩුකාභය රජු සිංහයන් මැරීම නිසා ඇති වූ සිංහ ලේ යන්න නොව, සිව් හෙලය සතරම් වරම් රජදරුවන් ප්‍රමුඛ හෙල අධිරාජ්‍යෙය් තිබුණ

යක්ඛ හෙළය
කුම්භාණ්ඩ හෙළය
නාග හෙළය
ගාන්ධාර්ව හෙළය

යන ගෝත්‍ර හෙවත් ජන කොඨ්ඨාශ හතර නිසා ඇති වුවකි. සමස්ථ අධිරාජ්‍යම හෙළ අධිරාජ්‍ය හෙවත් අසුර අධිරාජ්‍ය වූ අතර එය සිව්හෙළයින් සමන් වී ඇත. ආටා නාටිය සුත්‍රය මගින් සිංහලය හෙවත් සිව් හෙළය ගැන හෙළි වන්නේ එලෙසිනි. පසුකාලයක යක්ඛ, රාක්ඛ, දේව හා නාග ලෙස හදුනාගෙන ඇත්තේද මේ යක්ඛ හෙළය, කුම්භාණ්ඩ හෙලය , නාග හෙළය හා දේව හෙළයමද යන්න මා හට හිතෙන මුත් නිවැරැදිව අධ්‍යනයකින් තොරව මේ පිළිබද කිව නොහැක. මෙලෙස පළමුවන කොටසේ බුදුන් වහන්සේ වැඩ සිටි රජගහ නුවර ගිජ්ඣකූඨ බබලවා බුදුන්වහන්සේ දැකිමට පැමිණියේ විමාන වලින් විය හැක. මන්ද බුදුන් වහන්සේගෙන් බණ ඇසීමට අහසින් වැඩි සතාගිර හා හෙමවත යක්ඛ සෙන්පතින් පවා ගමන් කලේ විමාන වලින් නිසා මෙලෙස විමාන වලින් පැමිණිම නිසා ගිජ්ඣ කූඨ පර්වතය පෙදෙස අලෝකමත් වීම මෙලෙස දක්වන්නට ඇත. මන්ද යත් අතීතයේ තිබුණ, මනඃකල්පිතයක් වූ දඬුමොණරය යනු අතීත ගුවන් තාක්ෂණයේ තිබුණා වූ විමාන අතුරින් එකක් බව හෙළිකොට ඇති අතරම අතීතයේ සිටි මෙම සතරවරම් රජවරු ඇතුළු මුතුන් මිත්තන් පවා මේ විමාන පාවිච්චි කර ඇති බවට ජනප්‍රවාද වලින්ම අපට තහවුරු කරගත හැකි බැවිනි.
(උදා: යකාගේ හැටියටනේ විමානේ යන පිරුළ ගත හැක. අපගේ ගුවන් යානා තාක්ෂණය පිළිබදව ලිපි පෙළ කියවූ අයට නම් දුතකයාට අවැසි පරිදි මෙම විමානය නිපදවීම පිළිබදව මතක ඇති. මේ පිරුලෙන් කියැවෙන්නේ ඒ පිළිබදවම නේද?)

බුදුන් වහන්සේ තමන්ගේ කාලය පෙරබත් කිස, පසුබත් කිස ආදී ලෙස යාමයන් පහකට තමන්වහන්සේගේ කාලය බෙදා තම ශ්‍රාවකයන් වෙනුවෙන් කාලය වෙන් කරදී තිබුණි. මෙලෙස සතරවරම් රජදරුවන්ට රාත්‍රියේ ප්‍රථම භාගයෙන් පසුව කාලය වෙන්කොට තබන්නට ඇත. නියමිත කාලයේ බුදුන් වහන්සේ දැකීමට පැමිණි සතරවරම් රජවරු අතරින් යක්ඛ සේනාවට අධිපති වෛශ්‍රවණ රජු භාග්‍යවතුන් වහන්සේට ප්‍රථමයෙන් කරුණු දක්වු බව සඳහන්වේ. සතර වරම් දෙවිවරු අතරේද සිටින මේ වෛශ්‍රවණ දෙවියන් විශ්ණු ලෙස බහුතරය වරදවා වටහාගත්තද වෛශ්‍රවණ යනු වෙසමුණි යන්නයි. නමුත් මෙතන සඳහන් වන වෙසමුණි රජතුමා රාවණ රජුගේ පියා වූ වෙසමුණි විය නොහැක. පරාක්‍රම බාහූ, විජයබාහූ වැනි රජවරු එකකට වැඩිය සිටි හෙයින් මෙයත් එවැනි අවස්ථාවක් විය හැක.

2. ´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූ හෝ සතුටු වූ හෝ උසස් (බලවත්) යක්‍ෂයෝ ද මධ්‍යම ආනුභාව ඇති යක්‍ෂයෝ ද පහත් යක්‍ෂයෝ ද ඇත්තාහුමය. බොහෝ සෙයින් යක්‍ෂයෝ භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූවාහුමය. එයට හේතු කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් කාමයන්හි වරදවා හැසිරීමෙන් බොරු කීමෙන් මත් බවට හා ප්‍රමාදයට කාරණා වූ සුරාපානයෙන් වැළකිම පිණිස ධර්මය දේශනා කරන්නාහ. ස්වාමීනි, බොහෝ සෙයින් යක්‍ෂයෝ සතුන් මැරීම ආදී පාපයන්ගෙන් නොවැළක්කාහුමය. ඒයක්‍ෂයන්ට ඒ ධර්ම දේශනාව අප්‍රිය වේ. සිත් සතුටු වූවන් කෙරේ නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැලෑවෙහි වූ ද ගම් සීමාව ඉක්ම වූ වන සේනාසන වූ ද (කැලෑවෙහි) ඉතා දුර වූ ද නිශ්ශබ්ද වූ ද කලබල නැත්තා වූ ද මිනිසුන්ගෙන් තොර වූ සුලභ ඇත්තා වූ ද මනුෂ්‍යයන්ගේ රහස් කටයුතු වලට යෝග්‍ය වූ ද හිත එකඟකර ගැනීමට සුදුසු වූ ද සේනාසනයන් (වසන තැන්) සේවනය කරති.´

බුදුදහම පහළ වූ ගමන්ම සියළු දෙනා බුදුදහම වැළද ගත්තෙ නැති අතර සියළු රජවරු, සහ වැසියන්ද බුදු සරණ නොගිය අතර හෙළ අධිරාජ්‍යෙය් එක් කොටසක බිහි වූ ගෞතම බුද්ධ ශාසනය එක වර හෙළදිව පුරා පැතිර ගියේ නැත. ඒ නිසා බුදුදහම පහල වීමට පෙර තිබූ ආගම්, දර්ශන අදහමින් සිටි විවිධ තරාතිරමේ යක්ඛ ගොත්‍රිකයන් සිටි අතර ඔවුන් බුදුදහම පැතිරෙනවාට නොසතුටුව සිටින්නට ඇත. මෙලස ඔවුන්ගෙන් බුදුදහමට එල්ල විය හැකි තර්ජන පිළිබදව වෙසමුණි මහ රජු භාග්‍යවතුන් සමඟ සාකච්චා කර ඇති බව පෙනේ. පසුකාලීනව මෙම යක්ඛ, නාග, කුම්භාණ්ඩ හා ගාන්ධර්ව කොටස් පිළිබද සටහන් වූ මෙම කරුණු ග්‍රන්ථකරනයේදී, වෙනත් භාෂාවලට පර්වර්තනයේදී මෙම කොටස හිතා මතම අමනුෂ්‍ය කොටසක් කල ඇති නිසා අදටත් අටානාටිය බාවිතා කරන්නේ යකුන් එලවීමටය. මෙම කරුණු නිසාම පසුකාලෙක අටානාටිය පිරිතේ සාමාන්‍ය බෞද්ධ වැසියන් මෙලෙස මනුෂ්‍ය ලෙස ලියැවෙන්නට ඇති බව මාගේ විශ්වාසයයි. බෞද්ධ නොවන මිනිසුන් පස්පව් ගැන නොදන්නා අතර බුදුදහමට අකැමැතිය, අදට නොව එය එදාටත් වලංගු වූ බව ආටානාටිය පෙන්වා දේ.

3. ඒ තන්හී නිතර වාසය කරන්නා වූ මහා බලසම්පන්න වූ යක්‍ෂයෝ ඇත්තාහුය. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි නොසතුටු වන්නාහු ද ඔවුන්ගේ සතුට පිණිස ස්වාමීනි, භික්‍ෂූන්ගේ ද භික්‍ෂුණියන්ගේ ද උපාසකවරුන්ගේ ද උපාසිකාවන්ගේ ද පාලනය පිණිස ද ආරක්‍ෂාව පිණිස ද, වෙහෙස නොවන පිණිස ද පහසු හැසිරීම පිණිස ද භාග්‍යවතුන් වහන්සේ මේ ආටානාටිය (නම් වූ) පිරිත පිළිගත මැනව´යි දැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව පිළිගත්හ. එවිට වෙසෙවුණු මහ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනිම දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය පිරිත කීයේය.

බුදුදහම පැතිරි පවත්නා වු ප්‍රෙද්ශ වල වසන්නා වූ වෙනත් ආගමික යක්ඛ ගොත්‍රිකයන් බුදුදහමට අකැමැති හෙයින්ද, ඔවුන්ගේ අකැමැත්ත දුරුකිරීමටද, බෞද්ධ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාවද, මෙම අබෞද්ධ, බෞද්ධ කොටස් අතර මතුවටත් ගැටළු ඇති නොවන පිරිසද මෙම අටානාටිය පිරිත පිළිගනු මැනව යනුවෙන් මෙම පිරිත බුදුන්වහන්සේට වෙසමුණි යක්ඛ රජු විසින් පිළිගැන්වූ බව සදහන්වේ. එසේ නම් ආටානාටිය පිරිත යනු සම්බුද්ධ දේශානාවක් නොවන බව ආටානාටිය පිරිතේම සදහන්වේ. එසේ නම් ආටානාටිය පිරිත යනු බෞද්ධ, අබෞද්ධ කොටස් අතර ගැටුම් ඇති නොවිම පිණිසද, බුදුසසුනේ ආරක්ෂාව පිණිස සතරවරම් රජවරු ප්‍රමුඛ සිව් හෙළය ගෞතම බුදුන්වහන්සේ ඉදිරියේ ඇතිකරගත්තා වූ සම්මුතියකි. එය ගෞතම බුදුන් හමුවේ තබන ලද්දෙ වෙසමුණි මහ රජතුමාය. වර්තමානයේ සතරවරම් දෙවියෙක් ලෙස හැදින්වෙන මේ වෛශ්‍රවණ යක්ඛ රජුය. නැත හොත් හෙළ අධිරාජ්‍යට සැමදා සතුරුකම් කල විශ්ණු නොවේ.

04. ´පසැස් ඇත්තා වූ, ශෝභාමත් වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේට ද සියලු සත්චයන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්ත වූ සිඛී නම් සර්වඥයන් වහන්සේට ද කෙලෙස් විනාශ කලා වූ කෙලෙසුන් තවන වීර්යය ඇති වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට ද මාරයන් යටත් කලා වූ කකුසඳ නම් සර්වඥයන් වහන්සේට ද සියලු පව් අහක් කලා වූ වැස නිමවන ලද බ්‍රහ්ම චර්ය ඇති, කෝනාගමන නම් සර්වඥයන් වහන්සේට ද සියලු කෙලෙසුන්ගෙන් මිදුනා වූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට ද ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍ර වූ ඒ ගෞතම සර්වඥයන් වහන්සේට ද නමස්කාර වේවා.´´ලෝකයෙහි යම් රහත් කෙනෙක් මහත් බවට පැමිණියහ. භය නැති කලහ. (උන්වහන්සේට නමස්කාර වේවා.)

´අෂ්ටවිද්‍ය පසලොස් චරණයන්ගෙන් (නුවණ අට සහ චරණ පසලොසින්) යුක්ත වූ මහත් බවට පැමිණියා වූ භය නැතිකලා වූ දෙව් මිනිසුන්ට හිත වූ යම් ගෞතම සර්වඥයන් වහන්සේ කෙනෙකුට නමස්කාර කෙරෙද්ද, උන්වහන්සේට ද නමස්කාර වේවා.´´

මෙලෙස ආටානාටිය සම්මුතිය කියවීමට පෙර සියළු බුදුන් වහන්සේලාට හා නමස්කාර කරමින් හා ගෞතම බුදුන් වහන්සේට නමස්කාර කිරීමෙන් අනතුරුව අරහත්භාවයට පැමිණි රහතන් වහන්සේලාට නමස්කාර කරමින් වෙසමුණි රජු විසින් මෙලෙස සම්මුතිය කියවීම ආරම්භ කර ඇත.

5. ගාන්ධර්වයන්ට අධිපති වූ නැගෙනහිර දිශාව ආරක්‍ෂා කරන මහ රජ තෙම ධ්‍රතරාෂ්ටනම් වන්නේය. ඒ මහ රජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වෙසෙයි.

´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.
´´ඔව්හු ද මහත් බවට පැමිණියා වූ විශාරද වූ බුද්ධ නම් වූ ආදිච්ච බන්ධු නම් වූ සර්වඥයන් වහන්ස, ශ්‍රේෂ්ඨ පුරුෂයන් වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවායි කියා දුරදීම නමස්කාර කරති.
 ´´දක්‍ෂ වූ සර්වඥතා ඥානයෙන් මහජනයා බලන්නෙහි යයි කියා අමනුශ්‍යයෝ ද නුඹ වහන්සේට වඳිති. මේ වැඳීම අප විසින් නැවත නැවත අසන ලදි, එහෙයින් මෙසේ කියම්හ.
´´ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරවුදැයි (අප විසින් විචාරන ලද යක්‍ෂයෝ) ගෞතම සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති). විද්‍යචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්ත වූ ගෞතම බුදුන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කීවාහුය).
හෙළ අධිරාජ්‍යෙය් නැගෙනහිරින් පිහිටි ගාන්ධර්ව හෙළය(දේව හෙළය විය හැක) ආරක්ෂා කරන, ගාන්ධාර්ව හෙළයේ පාලකයා ධ්‍රතරාෂ්ඨ වේ. එම රජු ප්‍රමුඛ ගාන්ධාරව කොටස් බෞද්ධයෝ වේ. මෙලෙස සිව්හෙළයෙන් ගාන්ධාර්ව හෙළයේ බුදුදහම පැතිරි ඇති බව මෙලෙස දක්වා ඇති අතර එය වෙසමුණි රජු විසින් ගාන්ධාර්ව හෙළය පිළිබදව ඔහු දන්නා පරිදි විස්තරකර ඇත.

6. ´´යම් දිශාවකින් මළමිනී ගෙන යනු ලැබෙත් ද? පිසුණු (කේළාම්) කියන්නා වූ ඉදිරිපිට නැති තැන නින්දා කරන්නා වූ ප්‍රාණාඝාතය කරන ගති ඇති රෞද්‍ර වූ සොර සිත් ඇත්තා වූ වංචාකාරීවූ ජනයෝ යම් දිශා භාගයකින් ගෙනයනු ලැබෙතියි කියත් ද, ඒ දිශාව දකුණු දිශාව වේ.´´ ´´කුම්භාණ්ඩයන්ට අධිපති වූ දකුණු දිශාව ආරක්‍ෂා කරන විරූපය යන නම් ඇති ඒ රජ තෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි. ´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි. මෙලෙස හෙළ දිවයිනේ දකුණින් පිහිටි කුම්භාණ්ඩ හෙළයේ පාලක විරූපය නැමැති සතරවරම් රජු පිළිබදවද

7. ´´යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්ය්‍යයා බැස යයි ද, සූර්ය්‍ය බැස ගිය කල්හි දවල් කාලය නැතිවේ ද? ඒ දිශාව බස්නාහිරයි.´´ ´´යස පිරිවර ඇත්තා වූ යම් මහරජෙක් ඒ දිශාව ආරක්‍ෂා කෙරේ ද, නාගයන්ට අධිපති වූ විරූපාක්‍ෂ නම් වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි. ´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි. බස්නාහිරින් පිහිටි නාග හෙළයේ පාලක විරූපාක්ෂ නම් රජු පිළිබදවද කෙටියෙන් විස්තරයක් බුදුන් වහන්සේ හමුවේ කර ඇති ආකාරයක් මෙම කොටසින් හදුනාගත හැක. ඕනෑම පුද්ගලයෙක් වඩාත් හොදින් දැනගත යුත්තේ තමා පිළිබදවය. වෙනත් අයෙක් ගැන විස්තරකිරීමට, වෙනත් ප්‍රදේශයක් ගැන විස්තර කරීමට වඩා තමන්ගේ ප්‍රදේශය ගැන විස්තර කිරීම පහසුය. එබැවින් වෙසමුණි රජු තමන්ගේ රාජධානිය හා දිශාව පිළිබදව පහත පරිදි විස්තර කර ඇත.

8. ‘යම් දිශාවෙක්හි රම්‍ය වූ උතුරුකුරු දිවයින පිහිටියේ ද, දැකුම් කටයුතු වූ මහාමේරු පර්වතය වන්නේ ද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේයයි ගැනීමක් නැත්තා වූ භාර්ය්‍යා පරිග්‍රහයක් (භාර්ය්‍යාවන් අයත්කර ගැනීමක්)නැත්තාවූ  මනුෂ්‍යයෝ උපදිත්.

ඒ අනුව හෙළ අධිරාජ්‍යෙය් යක්ඛ හෙළය පිහිටියේ උතුරින් බව හිතාගත හැක. බෞද්ධ සාහිත්‍යෙය්ම එන තුන්ලෝකය යැයි හැදින්වෙන ජම්බුද්වීපය, අපරගොයාන, උතුරුකුරු දිවයින යනුවෙන් ලෝක තුනක් බව කීවද එය යම් ප්‍රාදේශිය පාලන ප්‍රෙද්ශයක් බව පෙනේ. ජම්බුද්වීපය පිහිටියේ හෙළ දිවයිනේම පිහිටියා යන්න මෙම කරුණින්ම අදහසක් ගත හැක. ජම්බුද්වීපයට උතුරින් පිහිටි උතුරුකුරු දිවයින යක්ඛ හෙළය නම් ජම්බුද්වීපය එයට දකුණින් හෝ මෙම සිව් හෙළය මධ්‍යෙය් පිහිටි බවක් සිතිය හැක.
´ඒ මිනිස්සු වී නොවපුරන්නාහ. සී සෑම පිණිස නඟුල් කෙතට නොගෙනියත්. ඒ මනුෂ්‍යයෝ නොසානා ලද භුමියෙහි හටගෙන පැසුනා වූ ඇල් සාල් බත් අනුභව කරත්.´
අපේ පසුගිය ලිපිවලින්ද කතාකල පරිදි යක්ඛ යනු යකඩ භාවිතාකල හෙයින් පටබැදුන බව සදහන්කලෙමු. මෙමගින් මෙම යක්ඛ ගෝත්‍රිකයන් යකඩ ආශ්‍රිත යන්ත්‍ර සුත්‍ර බාවිතාවෙන් ගොවිතැන් කලා විය හැක. නැතිනම් ගොවිතැන් නොකට මේ යකඩ කර්මාන්තය ඇසුරෙන් දිවි පැවත්ම සිදුකලා විය හැක. සී සෑම පිණිස නඟුල් කෙතට නොගෙනියත් මගින් ඔවුන් ගොවිතැන් නොකල බවක් සදහන් වන්නේ නැත. මනුෂ්‍යයෝ නොසානා ලද භුමියේ හටගෙන පැසුනා වු ඇල් සාල් බත් අනුභව කරත්,  එසේ නම් මොවුන් ගොවිතැන් කටයුතු සදහා දියුණු වූ තාක්ෂණික ක්‍රම භාවිතා කලා විය යුතුය. තම ගමන් කටයුතු සඳහා විමාන සෑදු හෙළ වැසියන් හට ගොවිතැනට තාක්ෂණික ක්‍රම බාවිතා නොකලා යැයි කිව නොහැක. කෙසේ වුවද සිව්හෙළයන් අතුරින් යක්ඛ හෙළය ඉතා දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කලා යැයි කිව හැක.

ආටා නාටිය විමසීමේදි මතකයට නැගෙන්නා වූ තවත් කාරණයක් මෙතනට සම්බන්ධ වන බවක් දැනේ. බුදුන් වහන්සේ සමනළ කන්දට නොව නමුණුකුල කන්දට තම සිරිපතුල පිහිට වීමට වැඩි අතර සැන්දෑ සමයේදී පවා හරකුන් යොදාගෙන බදුළු වෙලේ සීසාමින් සිටි මිනිසුන් දැක බුදුන් වහන්සේගේ දෑසීන් කඳුළු බිංදු වැටුන අතර එම කඳුළු බිංඳු මුතු ඇට වී එක් රැස් වූ තැන සොලොස්මස්ථාන වලින් එකක් වන මුතියංගණයට නම පබැඳුන බව අසා ඇත්තෙමි. මෙතනදී නමුණුකුල කන්දේ ශ්‍රි පාදය නොතිබුණද, හරකුන් යොදාගෙන සී සාන මිනිසුන් පිළිබදව බුදුන් වහන්සේ සංවේග උපදවන්නට ඇත්තේ හෙළ දිවයිනේම උතුරු කොටසේ සිටි මිනිස් කොඨ්ඨාශයක් විසින් දියුණු තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ගොවිතැන් කිරීම පිළිබදව උන්වහන්සේ දැන සිටි නිසා දෝ යැයි සිතේ.
‘කුඩු නැත්තා වූ ද පොතු නැත්තා වූ ද පිරිසිදුවූ සුවඳ ඇති සහල් ඵලකොට ඇති හැල් රන් සැළියෙහි ලා (ජොති පාසාණ නම් ගල් උණුසුමෙන්) පිස ඒ සැළියෙන් ගත් කෑම කති.
ඔවුන් ඉන්ධන වශයෙන් දර පාවිචිචි නොකර මෙම ජෝති පාසාණ නැමැති ගල් භාවිතයෙන් ආහාර පිසුවා නම් ඒ ගල් අඟුරු විය හැක.

‘ඔව්හු ගව දෙනකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති. සිව්පා සතෙකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.’ ‘ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණියක් හෝ තරුණයෙක් හෝ වාහනය කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.’ මෙලෙස ඔවුන් අශ්වකරත්ත හෝ ගොන් කරත්තද බාවිතා කල බවද, දෝලාවන් බාවිතයෙන් ගමන් කල බවද හදුනාගත හැක.

‘ඒ රජහුගේ පිරිවර වූ ඔව්හු වාහනවල නැඟ සියලු දිශා වටකොට ඇවිදිති. යස පිරිවර ඇත්තා වූ වෙසවුණු මහ රජ හට ඇත් යානා ද, අශ්ව යානා ද, දිව්‍ය යානා ද,ප්‍රාසාදද , සිව් ගෙවල් ද, උඩුමහල් ගෙවල් ද රන්සිවි ගෙවල් ද වන්නාහ.’ ‘ඒ රජ හට අහස්හි (උස් ස්ථාන හෝ උසට මවන ලද) ආටානාට, කුසිනාට, පරකුසිනාට,නාටපුරියා, පරකුසීතනාට යන නගරයෝ වූවාහුය.’

‘උතුරු දිශාවෙන් කපීවන්ත නම් නුවරෙක, ඊට බස්නාහිර දිශාවෙන් ජනොය නවනවුතියය, අම්බර, අම්බරවතියය යන නගර හා ආනකමන්දා නම් රාජධානිය ද වන්නාහුය.’
මෙහි සඳහන් වන නගර දෙස බැලූ කල බුදුන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාටාව හෙවත් කුසිනාරාවද මෙම උතුරු කුරු දිවයින තුල හෙවත් යක්ඛ හෙලය තුලම පිහිටා ඇති තවත් නගරයක් බවත්, ආලකමන්දාව නමින් හැදින්වෙන රාජධානියද යක්ඛ හෙලට බස්නාහිරින් පිහිටි බවත් පැහැදිලි වේ. මෙම ආලකමන්දා රාජධානිය සීගිරිය යැයි උපකල්පනය කිරීමෙන් අපට මේ පිළිබදව දළ සිතියමක් මවා ගත හැක.

‘නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක් ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර නම් මහ රජ තෙම වෛශ්‍රවණයයි කියනු ලැබේ. වෙන වෙනම කරුණු පරීක්‍ෂා කර කියන්නා වූ තතොලාය, තත්තලාය, තතොතලාය,ඔජසිය, තෙජසිය, තතොජසිය, සුරය රාජය, අරිෂ්ටය, තෙමිය යන යක්‍ෂයෝ දොලොස් දෙනෙක් වෙති. වෙසමුණි රජු කුවේර නමින්ද හැදින් වූ බවත්, එහි සිටි ප්‍රාදේශිය නායකන් පිළිබදවද සදහන්ව ඇති අතර රාවණ රජු සම්බන්ධව සෙවීමේදි විශ්‍රවස්‍ර මුණි හෙවත් වෙසමුණි රජුගේ දෙටුපුත් වූ කුවේර නම් ආලකමන්දාවේ සිටි රජකෙනෙක් ගැන අසන්නට ලැබේ. නමුත් ආටානාටියේ සඳහන් වන වෙසමුණි රජු යනු ඒ දෙදෙනාම නොවිය යුතුය. නමුත් එම පරපුරෙන් පැවැත එන පෙර සදහන් කලාක් මෙන් පෙළපත් නාමය විය හැක. ඒ නිසා කුවේර හා වෙසමුණි යන නම් දෙකම බාවිතා කලා විය හැක.
යමකින් ජලය ගෙන වර්ෂාව වසී ද, වර්ෂාව යමකින් පැතිරේ ද, ඒ රාජධානියෙහි වූ විලද ධරණී නම් වන්නීය. ඒ විල අද්දර යක්‍ෂයෝ නිතර රැස්වන භගලවතී නම් සභා ශාලාවද වන්නීය.

ඒ ශාලාව වටේට නිතර ගෙඩි ඇත්තා වූ ද, නොයෙක් කුරුළු සමූහයාගෙන් ගැවසුනා වූ ද, මොණරුන් කොස්වා ලිහිණින් හා කෝකිල ආදී පක්‍ෂීන් විසින් ද පවත්වන ලද සිත්පිනවන නාද වෘක්‍ෂයෝ ඇත්තාහ.
‘තව ද පොකුණෙහි නාද කරන ජීවඤ්ජීවක නම් කුරුල්ලෝද උට්ඨවචිත්තක නම් කුරුල්ලෝ ද, වන කුකුළෝ ද පියුම් වනයෙහි රන්වන් කකුළුවෝ ද, තල් රෙහෙරු ද හැසිරෙන්නාහ.’ ‘මේ පොකුණෙහි ගිරා සැළලිහිණින්ගේ ශබ්ද ඇත්තේය. දණ්ඩ මාණවක නම් පක්‍ෂීහු ද හැසිරෙන්නාහ. ඒ කුවෙර නම් මහ රජුගේ පොකුණ හැම කල්හි එකම ආකාරයෙන් බබළන්නීය.’ ‘යස පිරිවර ඇත්තා වූ ඒ මහ රජ තෙම යම් දිශාවක් ආරක්‍ෂා කෙරේද ඒ දිශාව උතුරු දිශාව යයි මෙසේ ජනතෙම ඒ දිශාවට කියන්නේය.’

යක්‍ෂයන්ට අධිපති වූ කුවෙර යන නමක් ඇත්තා වූ ඒ වරම් රජ තෙම යක්‍ෂ සේනාවන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරන්නේය. ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.
මෙලෙස උතුරු කුරු දිවයින හෙවත් යක්ඛ හෙලය පිළිබදව හා තමන් පිළිබදව හදුන්වාදෙන වෙසමුණි රජු මෙලෙස ආටානාටිය නැමැති සම්මුතිය ප්‍රකාශ කර ඇත.

9. ‘නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය පිරිත වනාහී භික්‍ෂූන්ට ද, භික්‍ෂුනියන්ට ද,උපසකවරුන්ට ද, උපසිකාවරුන්ට ද ආරක්‍ෂාව පිණිස ද සැපසේ විසීම පිණිස ද නොවෙහෙසීම පිණිස ද වන්නීය. ´´නිදුකාණන් වහන්ස, ඔවුන් අතුරෙන් යම්කිසි කෙනෙක් මේ ආටානාටිය නම් ආරක්‍ෂාව යහපත්ව ඉගෙන දැනගන්නා ලද්දී ද, අක්‍ෂරපද නොපිරිහෙලා සම්පූර්ණ කොට ඉගෙන ගන්නා ලද්දී ද, ඉදින් යම් අමනුෂ්‍ය වූ යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්වයෙක් වූවෙක් හෝ කුම්භාන්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිත් ඇතිව භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපසකයකු හෝ උපසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ලඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ලඟ හිඳින්නේ හෝ වේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම්ගම් වල හෝ සත්කාරයක් හෝ ගරුකිරීමක් හෝ නොලබන්නේය. මාගේ ආලකමන්දා නම් වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ සථිර වාසයක් හෝ නොලබන්නේය. මාගේ යක්‍ෂයන්ගේ සමාගමට යන්නට ද නොලබන්නේය. තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සෙකු ද කරන්නාහුය. නිදුකාණන් වහන්ස,තව ද ඔහුට අමනුෂ්‍යයෝ ඔහුගේ ආත්මභාවහ දක්වා සම්පූර්ණ පද ශබ්ද ඇති අපහාස වචන වලින් නින්දා කරන්නාහුය. තවද ඔහුගේ හිසෙහි අමනුෂ්‍යයෝ හිස් වූ ලෝහ පාත්‍රයක් ද මුනින් නමන්නාහුය. තව ද ඔහුගේ හිස ද සත් කඩක් කොට පළන්නාහුය.’

වර්තමානයේ වුවද සමාජයේ රුදුරු ගති සහිත, තිරිසන් ගති සහිත,පාපකාරී මිනිසුන් දක්නට ඇති අතර අතීතයේදිද එසේවන්නට ඇත. අමනුෂ්‍ය යනුවෙන් මෙතනදී අදහස් කර ඇත්තේ ලබාගන්නට අමාරුවූ මිනිස් ආත්ම බාවයක් ලබාගෙන මනුෂ්‍ය නොවන ගති ලක්ෂණයන්ගෙන් සමන්විත වූ මිනිසුන් පිළිබදවය. එවැන් වූ මිනිසුන් සිව්හෙළයේ යක්ඛ, කුම්භාණ්ඩ,නාග හා ගාන්ධාර්ව යන කොට්ඨාශ සියල්ලෙම සිටින්නට ඇත. මෙය වූ කලි එවන් වූ මිනිසුන්ගෙන් බුදුදහම හා එහි ශ්‍රාවකයන් රැකීමටද, එවැන් වූ මිනිසුන් නැවතත් මනුෂ්‍ය ගති ඇතතන් බවට පත්කිරීම උදෙසා සතරවරම් රජවරු ඇතුළු සිව්හෙළයම ඇතිකරගත් සම්මුතියක් මිස යකුන් එළවීමට කියනා මන්තරයක් නොවන බව වටහාගත යුතුය.

10.’නිදුකාණන් වහන්ස, රෞද්‍ර වූ නපුරු ගති ඇති එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් රජදරුවන්ගේ ද, සතරවරම් මහරජ දරුවන්ගේ ද, අමාත්‍යයන්ගේ ද, යක් සෙනෙවියන් වෙනුවට සිටින්නන්ගේ ද වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.’

‘නිදුකාණන් වහන්ස, එපරිද්දෙන්ම නපුරු ගති ඇති රෞද්‍ර වූ එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ගේ වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.’

මෙම සම්මුතියෙන් බැහැර වන්නා වූ එවැන් වූ රෞද්‍ර නපුරු ගති වලින් යුක්ත, අමනුෂ්‍යන් මෙන් හැසිරෙන්නා වූ ගාන්ධාරව,යක්ඛ, කුම්භාණ්ඩ හා නාග යන කොටස් වලට අයත් වූවන්ද, එකට එක කරන්නා වූ මෙම කොටස් සතරවරම් රජවරුන්ට අකීකරු වූවන් යැයි සලකුණු ලැබේ.

‘නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍ය යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්ව වූවෙක් හෝ කුම්භාණ්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිතින් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන්නහු සමඟ (පසුපස්සේ) යන්නේ හෝ වේ ද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේ ද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේ ද මේ යක්‍ෂ තෙම අල්වන්නේය. මේ යක්‍ෂ තෙම ආවේශ වන්නේය. මේ යක්‍ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම හිංසා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් හිංසා කරන්නේය, කියා ප්‍රධාන යක්‍ෂ වූ යක්‍ෂ සේනාවට අධිපති වූ එහෙයින්ම මහා සේනාපති වූ මේ යක්‍ෂයන්ට යක්‍ෂ තෙම නොගරහන්නේයයි ඝෝෂා කොට දැන්විය යුතුය. ශබ්ද නඟා කිය යුතුය. මුරගා කිය යුතුය. කවර කෙනෙකුටද යත්?’

මේ ආකරයෙන් සම්මුතියක් පනවා තිබියදී පවා, බෞද්ධ ශ්‍රාවකයන්ට හිරිහැර කරන්නා වූ මෙම කොඨ්ටාශවලට  මෙම ක්‍රියා නැවැත්වීම උදෙසා පත්කර ඇති සිව්හෙළයෙන්ම සමන්විත සේනාධිපති වරුන්ට පැමිණිලි කල යුතුබව සදහන් කර ඇත. ඒ සෙන් පතියන්ගේ නම් පහතින් දැක්වේ.

‘ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුණ්ඩුය, නිණ්ඩුය.’ 
‘පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය, සාතාගිරය, හෙමවතය,  පුණ්ණකය,  කර්තීයය,  ගුලය, සීවකය,  මුචලින්දය, විශ්වාමිත්‍රය,  යුගන්ධරය.’ ‘ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීය (යන යක්‍ෂ සේනාධිපතීහු ද) තව ද,  මොවුන් හා එක්ව සෙරිස්සක නම් යක්‍ෂයෙක් ද ඇත්තේය.’

මෙ අතරින් පැහැදිලිවම ඉන්ද්‍රය, මාතලීය යන සෙන්පතීන් දේව හෙළය හෙවත් ගාන්ධරව හෙළයෙන්ද, සතාගිරය, හෙමවත, ආලවකවය යන සෙන්පතින් යක්ඛ ළෙයෙන්ද, මුචලින්ද යන යන සෙන්පති නාග හෙළයෙන් බව බෞද්ධ සාහිතයේදී, හා ඉතිහාසයේ එක් එක් ස්ථාන වලදී හමු වීමෙන් පැහැදිලිව හදුනාගත හැක. කුම්භාණ්ඩ හෙළයෙන් සෙන්පතින්ද මේ තුල සිටිනා නමුත් කවරෙක්ද යැයි නිසි ලෙස පැවසීමට තරම් මා දැනට ඉගෙන ගත් ප්‍රමාණය ප්‍රමාණවත් නොව්.

‘නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය ආරක්‍ෂාව වනාහි භික්‍ෂූගේ ද භික්‍ෂුණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, (යක්‍ෂොපද්‍රව වලින්) නොවෙහෙසීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද පවත්නේය. ඉක්බිත්තෙන් සතරවරම් රජදරුවෝ උන් ආසන වලින් නැඟිට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට ප්‍රදක්‍ෂිණා කොට එතැන්හිම අන්තර්ධාන වූවාහුය.’

ඒ (අනිකුත්) යක්‍ෂයෝ ද, උන් ආසන වලින නැඟිට සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය, සතුටුවිය යුතු වූ සිහිකටයුතු වූ කථා පවත්වා එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ නමස්කාර කොට එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් තමන්ගේ නාම ගෝත්‍ර කියා එතැන්ම අතුරුදහන් වූහ. සමහර කෙනෙක් තුෂ්ණීම්භූත වූවාහු (කිසිවක් නොකියා) එතැන්හිම නොපෙනී ගියාහුය.’
සම්මුතිය පිහිටුවීමෙන් අනතුරුව සතරවරම් රජවරු මෙලෙස තමන්ගේ රාජධානි කරා නැත පිටත්ව ගිය බවදැක්වේ. එහිම අතුරුදහන් වූවා යැයි සදහන් කරන්නේ ඔවුන් තමන්ගේ රාජධානි කරා විමාන වලින් හෝ වෙනත් දියුණු ගමන් ක්‍රම මගින් පිටත්ව ගිය ආකාරය විය හැක.

(පළමුවන බණවරය නිමි.)

10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන්ට කථාකර ආටානාටි පිරිත දෙවියන් යම්සේ කීවේ ද එසේම භික්‍ෂූන්ට ද වදාළ සේක.

‘මහණෙනි, ආටානාටිය නම් පිරිත උගනිව්. නිතර පුහුණු කරව්. සිත්හි ලා ගනිව්. වැඩදායක වන්නේය. භික්‍ෂූන්ගේ ද භික්‍ෂණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, පීඩානොවීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද වන්නේය’යන මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටු සිත් ඇත්තා වූ භික්‍ෂූහූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.

තිස්දෙවෙනි වූ ආටානාටිය සූත්‍රය නිමියේය.

බෞද්ධයාගේ ආරක්ෂාව, බුදුදහමේ ආරක්ෂාව පිරිස බුදුන් වහන්සේ ඉදිරයේම සිව්හෙළයේ අධිපතිවරුන් විසින් ඇතිකරගත්තා වූ සම්මුතිය බුදු සසුනේ හා බෞද්ධයන්ගේ ආරක්ෂාව පිණිස සියළු මහණුන් වහන්සේලාට නිතර පුහුණු කිරීමට බුදුන්වහන්සේ උපදෙස් දෙන ලද්දේ මතුවටත් එම සම්මුතීන් එලෙසම පැවීතීමටය. නමුත් වර්තමානයේ අපේ සමාජය මෙලෙස අපේ මුතුන්මිත්තන් බුදුදහම රැකීමට ඇති කරගත් සම්මුතිය, අපේ මුතුන් මිත්තන් අමනුෂ්‍ය කොඨ්ටාශ වලට හරවා ඔවුන් එලැවීමට ගායනා කරන්නෙමු. ආටානාටිය කියවන්න, ඒ වගේම විමසන්න එවිට සත්‍ය වටහා ගත හැක. අද සතාගිර, හෙමවත, ආලවක හෝ මුචලින්ද, විශ්වමිත්‍ර, යුගන්දර හෝ මාතලීය, ඉන්ද්‍ර, වරුණ සෙන්පති වරු නැත. නමුත් බුදුදහමට ඇති වන්නා වූ තාඩන පීඩන, බෞද්ධයන්ට ඇතිවන්නා වූ හිරිහැර එසේම පවතී. මේ නැවතත් ආටානාටිය සම්මුතියක් ඇතිකරගැනීමට කාලයයි. බුදුදහම හා බෞද්ධයන් රැකගැනීමට කාලයයි.
 (උපුටා ගැනීමකි)
May 5, 2012 at 12:12 am | Lanka C News.
http://www.lankacnews.com/sinhala/main-news/58457           

හෙළයන් ලෙස කොඳුනාරටිය සවිමත් කර ගනිමු.

අප්‍රේල් 01 වන ඉරුදින සිළුමිණ පත්‍රයේ හේමසිරි කුමාරතුංග විසින් ඉදිරිපත් කරන ලද බුදුන් උපන්නේ ලංකාවේද? යන ලිපිය කියවීමෙන් ඔහුත් අපත් උපන් වාසනාවන්ත ‘හෙළ දිව‘ නම් බුදුන් උපන් රටේ උපන් අවාසනාවන්ත මිනිසුන් දෝ යන්න සිතට දැනුණු පහන් සංවේගයෙන් ම පිළිතුරක් ලියන්නට තීරණය කළෙමි.
ගෞතම බුදු රදුන් ගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම ඇතුළු වසර 46 ක් පුරා උන්වහන්සේ දහම් බෙරය හැඩ වූයේ හෙළ දිව නම් මේ පින් බිමේ ම බව මින් පෙර ද අරිසෙන් අහුබුදු ශූරීන් හා සෙනරත් පරණවිතානයන් විසින් ප්‍රකාශ කරන ලදුව ඒ සෑම අවස්ථාවක ම ඊට විරුද්ධවීම ගිහි පැවිදි සිංහලයන්ගේ ම සිරිත වීම නිසාවෙන් ඒ හැම අවස්ථාවකදීම සුවහසක් වූ බෞද්ධයන්ට ඒ ගැන සත්‍ය තොරතුරු දැන ගැනීම මග හැරී යාම ජාතියේ මහා පාප කර්මයක් විය. පළමු කොටම හේමසිරි මහතා හට ස්තුතිවන්ත විය යුත්තේ පූජ්‍ය මීවන පලානේ සිරි ධර්මාලංකාර හිමි විසින් නිර්මිත ‘ජන්බුද්වීපය’ ග්‍රන්ථය සම්බන්ධවත් එහි ඇති වටිනා අර්ථ දැක්වීම් කිහිපයක් හා රූප සටහන් පළ කිරීමෙන් ඒ මා හැඟි පුස්තකයට වටිනාකමක් සමඟින් ප්‍රසිද්ධියක් ලබාදීම සම්බන්ධවයි.
අප උපන් රට හෙළදිව බව එතුමන් පිළිගෙන ඇත. අප දන්නා තරමින් ලොව හැම රටකටම තම රටේ නම එම රටේ ප්‍රධාන ජනවර්ගයාගේ නමින් වූ බව සනාථ වේ. උදා. ලෙස මැලේ ජාතිකයන්ගේ රට ‘මැලේසියාව ද’ ජපන් ජාතිකයන්ගේ රට ‘ජපානය’ ද ඉංග්‍රීසි ජාතිකයන්ගේ රට ‘ඉන්ග්ලන්ඩ් ද’ දෙමළ හෙවත් ටැමිල් ජාතිකයන්ගේ රට ‘ටැමිල්නාඩු’ හෙවත් දෙමළ රට ලෙස ද අර්ථ දැක්විය හැකි ය. ඉතින් අපගේ ජාතිය ‘හෙළ’ හෙවත් හෙළජාතිය වූ අතර රට ‘හෙළදිව‘ විය.
බුදුන්ගේ පරි නිර්වාණය වූ වෙසක් මස මෙරටට ගොඩබට විජය නම් වූ ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද කල්ලතෝනි සෙල්ලක්කාරයකු වූ සිං ජාතික විජයගෙන් අප හෙළයන් පැවැත්නේනේ යැයි විදේශිකයන් විසින් අපට අටවා දුන් ඉතිහාසයක් කරපින්නාගෙන සිටිමින් එදා ‘කුවේණිය’ දුටුවන් රෑ මවිත කරවන සළුපිළියෙන් අගතැන්පත්ව කපු කටිමින් ශ්‍රේෂ්ඨ කර්මාන්තයක නියැළී සිටි කාන්තාවක් බවත් (යක්ෂ ගෝත්‍රික) එවන් වූ ශ්‍රේෂ්ඨ තාක්ෂණයකට උරුමකම් කී ජාතියකගේ ආරම්භය අදින් වසර දහස් ගණනකට පෙර සිදුවූ බවත් සිතනට මොලේ කළඳක් හෝ නොමැති වීම අප ජාතියේ තවත් අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.
අපගේ හෙළ ජාතියට විජයගේ සිං එකතු වී සිං + හෙළ සිංහල වූ බව දැන් අපට පැහැදිලි ය. අප අතිපූජ්‍ය පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් විසින් මාගම වරායත් විල්පත්තු කැලේ පිහිටි කුවේණී මාලිගයත් දැන් සොයාගෙන ඇත. අප අතීත උත්කෘෂ්ට එම නටබුන් දකින ඕනෑම කෙනකුට විජයගේ පැමිණීමට වසර සිය ගණනාවකට පෙර අති පුදුම සහගත හෙළදිව කර්මාන්තයන් හා සමාජ පැවැත්ම හා එහි තිබුණු ශ්‍රී විභූතිය ඉතිහාසඥයකුටවත් සිතා ගැනීමට පවා නොහැකිය.
නාග, දේව, යක්ෂ, කුම්භාණ්ඩ නම් සිව් හෙළයකින් සමන්විත වූ හෙළ දිව නාග වංශික මුචලින්ද රජු විසින් අව් වැසි වලින් බේරීමට තනවා දුන් කුටියට විශාල නාගයකු බුදුරදුන් රැක්කයි කියමින් අදටත් අප ඉතිහාසය තුළ වල්මත් වී ඇත. නාග ගෝත්‍රිකයන් කැලණියේ ද විසූ අතර නාග රජවරුන්ගේ හබය බේරීමට බුදුරදුන් කැලණියට වැඩම කළ බව සඳහන් ය. මෙවන් වූ ගෝත්‍ර ඉන්දියාව තුළ නම් කිසිදා අසන්නට හෝ දක්නට නොලැබුණි. මිථ්‍යා මත පසුපස යමින් හෙළුවැලි සහිත නිගණ්ඨයන් නම් ඕනෑ තරම් ඉන්දියාව තුළ සිටි බව කවුරුත් දන්නා කරුණකි.
තවද ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වූ H.C.B බෙල් යන සුදු නිලධාරීන්ට ලංකාවේ ඉතිහාසය සෙවීමට භාර කර තිබූ නමුත් ඒ කෙසේ වෙතත් මිල කළ නොහැකි පුරාවස්තු පිටරටට පැටවීම සම්බන්ධයෙන් නම් ඔහු චෝදනා ලැබ සිටියහ. තව ද ඔහු විසින් අදටත් හෙළ ජාතියේ විශ්වකර්ම නිමැවුමක් වූ සීගිරියේ මුල් යුගයේ කැණීම්වලින් හමුවූ ගලමුදුනේ සිට පහළට බැසීමට තිබූ අබිරහස් පඩිපෙළ සහිත උමං මාර්ගය තුළ තිබූ වටිනා පුරාවස්තු සොයා ගැනීමෙන් පසු ගල මුදුනේ වූ මාර්ග ද්වාරය කොන්ක්‍රීට් දමා වසා දැමීමට නියෝග දුන් බව දන්නේ කීයෙන් කීදෙනා ද? H.C.B බෙල් කොන්රින්ග්ටන් වැනි සුදු නිලධාරීන් අපගේ ම ඉතිහාස ග්‍රන්ථ කියවා ‘ගෝතමෝ ශමන’ (ගෞතම ශ්‍රමණයන්) වැනි වචන වැරදියට අර්ථ කථනය කරමින් ඔවුනට සිතුණ දේ ලියා දුන් ඉතිහාසයට වඩා වටිනා ප්‍රෞඪ ඉතිහාසයකට අප උරුම කම් කියන බව දැන් හෙළිදරව් වී ඇත.
ඉතින් මෙවන් වූ සාක්ෂි මත අප මනඞකල්පිත අර්ධ ඉතිහාසයක වල්මත් වී ඇති බව සාමාන්‍ය බුද්ධිය සහිත ඕනෑම කෙනෙක්ට පෙනී යන අතර ඉතිහාසය නැවත ලිවීම නොව වැළලී ගිය නිවැරදි ඉතිහාසය ජීවමාන සාක්ෂ සමඟින් අර්ථ දැක්වීමට හෙළයන් වන අපට ඉමහත් වූ ආඩම්බරයක් හා වගකීමක් ද වනු ඇත. ඉතින් මෙවන් වූ රටට වැදගත් වූ ඉතිහාසයක් හෙළිදරව් කිරීම්වලදී ජාතියක් ලෙස පුරුද්දට විරුද්ධ වීම නොව එම කරුණු කාරණා ගැන සොයා බලා තම දරුවන්ට තම රට පිළිබඳ අවබෝධය ලබාදීම තම පුහුඥානය අත්තනෝ මතික වචන හරඹ වලින් ලොවට හඬගානවාට වඩා උතුම් වනු ඇත.
පූජ්‍ය මීවන පළානේ සිරි ධර්මාලංකාර හිමි විසින් රචිත ‘ජන්බුද්වීපය’ ග්‍රන්ථය කියවූ ඕනෑම කෙනකුට අප ශ්‍රේෂ්ඨ ඉතිහාසය අපෙන් තුරන් වී යාමට හේතු වූ කරුණු හා අසෝක රජු විසින් ඉන්දියාවේ කරවූ හෙළදිව ධර්ම රාජ්‍යයේ ආකෘතිය මොනවාට පැහැදිලි කර ඇති අතර වරක් කියවූ පමණින් ඕනෑම සාමාන්‍ය දැනුම ඇත්තකුට සත්‍ය අවබෝධ වනු ඇත. ඒ නිසා ඒ ගැන වැඩිමනක් තොරතුරු සඳහන් කිරීමට අනවශ්‍ය වනු ඇත. උන්වහන්සේ විසින් මෙතෙක් කිසිම විද්වතකු හෙළි නොකළ අයුරින් තාර්කිකවත් සත්‍ය වූත් ජීවමාන සාධක හා ප්‍රදේශ නාම ඇතුළත්වත් රචිත ග්‍රන්ථය කිසිසේත් සුළු කොට තැකිය නොහැකි අතර මෙතෙක් ලක්දිව විරචිත ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකි ය.
ඉන්දියානු උපමහද්වීපික රට තුළ ‘රචනා කළ කිසිදු ඉතිහාස ග්‍රන්ථයක බුදු කෙනකු පිළිබඳ සටහන් නොවන අතර ඉන්දියානු ඉතිහාසයේ ද සිටි එකම ඉතිහාසඥයා බෂාම් තුමා විසින් රචිත එකම ප්‍රධාන ඉතිහාස කතාවේ ද බුදු රදුන් කෙනකු ගැන කිසිදු සඳහනක් නැත. තවද අසෝක අධිරාජ්‍යයාට පෙර හෝ පසු කිසිවකු බෞද්ධ දර්ශනයක් සහිතව කටයුතු නොකළ අතර ශ්‍රී ලංකාවෙන් ගෙනා ශ්‍රී මහා බෝධි අංකුරය පිළිගන්නා ආකාරය ද සාංචි තොරණේ නිර්මිත ය. මේ ආශ්‍රිත සියලුම ඉන්දියානු නිර්මාණ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගඩොලින් නිමවා ඇති අතර ගෞතම බුදුන් කල ගඩොල් සොයා ගෙන නොතිබුණි.
අපගේ හෙළ නිර්මාණ සියල්ලම තනි කළු ගලින් වූ විශ්වකර්ම නිර්මාණ විය. ඉන්දියාවේ ඒ ඒ සිද්ධස්ථාන අතර දුර ප්‍රමාණය සැලකූ® විට ඒවා ප්‍රායෝගික නොවන අතර අසෝක රජ මුළු ඉන්දියාව පුරාම ඒවා නිර්මාණය කළා මිස ඒවායේ සැබෑ දුරවත් නොසලකා හැර ඇත. උදා. ලෙස බරණැස සිට ලුම්බිනියට දුර කි.මී. 360 වූ අතර එම දුර දරුවකු ලැබීමට සිටි මහාමායා දේවියහට පයින් ගමන් කිරීම ප්‍රායෝගිකව නොහැකි ය. තව ද දරුවකු ලැබීමට සිටින මවක තම දෙමාපියන් කරා යාම අදටත් මේ හෙළදිව සිදුවන චාරිත්‍රයක් වන අතර ගැබ් පෙළහර පෑම යනුවෙන් එම හෙළ චාරිත්‍රය අර්ථකථනය කළ හැකි ය. මෙවන් වූ සිරිත් ඉන්දීය ජන සමාජය තුළ එදා නොතිබූ බව ඔවුන්ගේ ඉතිහාස ග්‍රන්ථවලින් පැහැදිලි වන අතර අදද එවැන්නක් නොමැත.
තවද කිසිදු බුද්ධ ශක්තියක් එම ස්ථානවල නොමැතිකමින් ඍධීන් වහන්සේලා හෝ රහතන් වහන්සේලා පහළ වීමක් ඉන්දියාවේ සිදු නොවුණි. ඒ හැම දෙයක් ම සිදු වූයේ අපගේ හෙළදිව මිස අන් තැනක නොවේ. විශාලා මහනුවර හෙවත් අද යාල සිතුල් පව්ව, රජගහ නුවර හෙවත් අම්පාර - රජගල හබරණ රිටිගල පිහිටි විශ්වකර්ම ජේතවනාරාමය, ලුම්බිනිය හෙවත් සිදුහත් කුමරු උපන් බඹරගල රජමහා විහාරය, - තෙල්දෙණිය, පළමු ධර්ම සංඝායනාව පැවැත්වූ ඉසිපතනාරාමය - අද ඉසින් බැස්ස ගල - මැදවච්චිය යන සෑම තැනකම ඔබ සංචාරය කළහොත් ඒ බව ඔබට සියසින් දැකගත හැකි වනු පමණක් නොව එම ස්ථානවල ඇති ආත්මීය ගුණ සුවඳ විඳ ගැනීමට ද හැකිවනු ඇත.
රචකයා විසින් ඉදිරිපත් කළ තර්ක සියල්ලට පිළිතුරු දීමට යාම කාල හා වචන නාස්තියක් බැවින් ධර්මාලංකාර හිමියන් විසින් ජන්බුද් දීපය අර්ථ දක්වා ඇති නිවැරදි පිළිවෙල අපකීර්තිමත් කිරීමට ලේඛකයා බොළඳ උත්සාහයක යෙදී ඇත. අසෝක රජු දිගින් දිගටම යුද්ධ කිරීම නිසාවෙන් බයෙන් හෙළදිවට පැන ආ මිහිඳු හා සංඝමිත්තා හා පිරිස අම්පාර වේළුවනාරාමයෙන් ශ්‍රී සද්ධර්මය උගෙන රහත් භාවයට පත් වී පසු කලෙක ලංකාපුරය හෙවත් එදා නොදියුණු අද අනුරාධපුරයට බුදු දහම රැගෙන ආ බව දැන් හෙළි වී ඇත.
පූජ්‍ය එල්ලාවල හිමියන් විසින් අම්පාර රජගල දී මිහිඳු හිමියන් හා ඉට්ඨිය තෙරුන්ගේ සොහොන සොයා ගැනීමත් සමඟ ම සියලු දේ සනාථ වන අතර මිහිඳු හිමි ඉන්දියාවේ සිට පැමිණියා නම් ආපසු යා යුත්තේ ද ඉන්දියාවට මිස අම්පාර රජගලට නොවේ. තවද එල්ලාවල හිමියන්ගේ ශ්‍රේෂ්ඨ ලිපියකින් මිහිඳු හිමි එන්නට පෙර හෙළයන් බුදුරජුන් ගැන දැන සිටි බවත් සියලු බ්‍රාහ්මීය අක්ෂර සහිත කලා ශිල්ප ආදිය අපට තිබූ බවත් බුදු හිමිගේ පූජනීය ධාතුන් වහන්සේලා වැඳුම් පිඳුම් කරගෙන හෙළ ජන කොටස් ජීවත් වූ බව ප්‍රකාශ කර ඇත. නො එසේ නම් එක් වරම ආ දෙයක් නොපිළිගැනීමට තිස්ස රජුට හැකියාව තිබුණි.
අප ගෞතම බුදුරජුන්ගේ ශ්‍රී පංචස්කන්ධයට අයිති අති පූජනීය වූ ධාතූන් වහන්සේලා අදට ද ඇත්තේ අප රට තුළ මිස ඉන්දියාවේ නොවේ. උදා. වම් හා දකුණු දන්ත ධාතු - මහනුවර දළදා මාලිගාව හා සෝමාවතිය, කේස ධාතු - ගිරිහඬු සෑය ත්‍රිකුණාමලය නිය පොතු හා කේස ධාතු - දීඝවාපිය, ලලාට ධාතුව - සේරුවාවිල ග්‍රිවා ධාතු සහ සර්වඥ ධාතූන් වහන්සේලා යන සියලු දේ මේ හෙළ බිමේ ම අදටත් රැකී ආරක්ෂා වී පවතී. හබරණ ගිරිවඩුන්නේ ජයසිරි මහ බෝසමිඳුන්ගේ අෂ්ඨ ඵල බෝ අංකුර හා දෙතිස් ඵල බෝ අංකුර මේ සෑම වැදගත් වූ සැබෑ අටමස්ථානවල බුදුන් ජීවමාන අවදියේ ම පිහිට වූ අතර බුදු රජුන් ගේ පා පහස ලද සිරිපතුල් ගල් ද විය.
අම්පාර දීඝවාපියෙන් සොයා ගන්නා ලද සැරියුත් මුගලන් ධාතූන් වහන්සේලා ද ඔවුන් අපගේ අතීත මුතුන් මිත්තන් බව මොනවට සහතික කරයි. බුදුන් ඉන්දියාවේ උපන් බවට හොඳ සාක්ෂිය යයි පවසන හේමසිරි මහතා පෙන්වා දෙන්නේ බුදුහිමිට පෙරළු ගල හා ආධාරක ගලයි. ඉන්දියාවේ එම ස්ථානය හා වෙළඳ ගැල් එරුණ ස්ථානය ද සලකන විට උව ද ඒවා පසුව නිර්මාණය කරන ලද ඒවා මිස ස්වාභාවික ඒවා නොවූ බව පෙනී යයි.
ඒ අනුව හෙළදිව සත්‍ය සිදුවීම් ඇසුරු කරමින් ඒවායේ අනුරුව පමණක් ඉන්දියාවේ ඉදිවිය. අශෝක ස්ථම්භවල බුදු රජුන් ගැන මිස ඔහු සිදුහත් කුමරකු ගැන දැන නොසිටි බව ඒවා කියවීමෙන් පෙනී යයි. ඉන්දියාවේ ලුම්බිණිය යැයි කියනා ස්ථානයේ පිහිටි අශෝක් ස්ථම්භයේ මේ ස්ථානය බුදුරජුන් ඉපදුන තැන සිහිවීම පිණිස යන්න මිස සිදුහත් කුමරා ඉපදුණ තැන යන්න සඳහන් නොවන්නේ ඒ නිසා ය.
ඉතා වැදගත්ම දෙය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා ලෝකයක් සසර ගමනින් එතෙර කර වීමට පස්මහ බැලුම් (කාලය, දීපය, දේශය, කුලය, මව) බලා ඉපදුණු බෝසතාණෝ තමාගේ ධර්මය නොපිහිටන/ නොඅදහන/ නොපවතින/ (ඉන්දියාවේ කිසිදු බෞද්ධයකු නැති අතර සියලු දේ ශ්‍රී ලංකාවේ හිමිවරුන් හා ව්‍යාපාරිකයන් විසින් වාණිජ අරමුණු සඳහා ම පමණක් අද පවත්වාගෙන යයි) දේශයක උපදීද යන්න තර්කානු සිතින් සිතා බැලීම වටී. ඉතින් බුදුරජුන් තුන් වරක් ලක්දිවට වැඩම කලා යයි කියනුයේ අපගේම නැගෙනහිර පළාත හෙවත් ජන්බුද්වීපයේ සිට කැලණියට/ මහියංගනයට හා නාගදීපයටයි. එදවස ගමනා ගමනය දුෂ්කර හෙයින් මෙය රටකින් රටකට යාමක් වැනි දුෂ්කර කාර්යයක් විය.
භෞතික සම්පත්වලට වඩා මනස හා යා වුණු ශක්ති පරිභෝජනයේ අගතැන්පත් අපගේ රාවණා රජු සක්විති රජ කෙනකු විය. වසර දහස් ගණනකට කලින් ශක්ති බලයෙන් මහා විකුම් පෑ ලොව පළමු ගුවන් යානය හිමි බලපරාක්‍රම රජු ඔහු විය. වාත අස්ත්‍ර වැනි න්‍යෂ්ඨික ආයුධ නිර්මාණය කර ඒවා වේරම්භ වාතයේ සඟවා තැබීය. (වේරම්භ වාතය හෙවත් බ්ඥබ ඉබපඥචථ නවීන විද්‍යාවෙන් සොයා ගත්තේ 1940 ස් ගණන්වල ය.) අපගේ අංගම් සටන් කලාව ඉතා පැරණි වූත් ලොව කිසිම සටන් ක්‍රමයකට නොදෙවෙනි වෙති. අපගේ ම සිංහලයන් විසින් ඉංග්‍රීසීන්ට පාවා දී යළිදු පණ ලබමින් පවතින මෙවන් ශ්‍රේෂ්ඨ උරුම අන් කිසිදු රටක නොමැති ය. අපගේ ශ්‍රේෂ්ඨ හෙළ වෙදකම විශ්මය ජනකය. සීගිරිය වැනි අග්‍රගණ්‍ය නිමවුම් ලොව මවිත කරවන සුලු ය. ලොව ගංගා නිම්න අසබඩ ජනාවාස බිහිවෙද්දී සාගරයට ඇදී යන ජලකඳ නවතා වැව් නිර්මාණය කරමින් ස්වයංපෝෂිත වූ ලොව එකම ජාතිය හෙළ ජාතියයි. ඍදි ප්‍රාතිහාර්ය පාමින් ශක්ති පරිභෝජනයේ කෙළ පැමිණියවුන් අප සතු වූහ.
මේ සෑම දායාදයක් ම අප සතුවීමට ප්‍රධාන හේතුවක් ඇත. එනම් මේ සෑම දෙයක් සඳහා ම බද්ධ වී ඇති බුද්ධ ශක්තියයි. ලෝකයේ උතුම් රට, ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය මේ තරම් උත්තරීතර නාමයන් අප කුඩා රටට ලැබීමට එකම හේතුව මේ රට බුදුන් උපන් දේශය වීමයි. ඉතින් මේ අගනා ඉතිහාසය හෙළදිව මහා විහාරය ගිනිබත් කිරීමත් සමඟ වූ ලිඛිත සාක්ෂි විනාශවී යාමෙන් අපට අහිමි විය. ඉන්පසු දුටුගැමුණු රජ සමයෙහි ලියූ මහා වංශය පාලියට හරවා යළිත් හෙළ බසට හරවා ඉන්දියානු ජාතික බුද්ධඝෝෂ හිමියන් ලියූ දෙවන මහා වංශය අපගේ සත්‍ය ඉතිහාසය අපගෙන් වසන් කිරීමට උත්සුක විය. ඉතින් අපගේ උතුම් ස්ථාන කාලයේ වැලිතලාවෙන් කැලයෙන් යට වී යද්දී අසෝක රජ ඉදිකරවූ හෙළ ධර්ම රාජ්‍යයේ ආකෘතිය පමණක් ලෝකයාට දර්ශනය වී ජන්බුද්වීපය යන නම ඉන්දියාවට භාවිතා කරමින් වැරදි පිළිගැනීමක් ඇති විය.
මේ අති මහත්වූ විපර්යාසය ධර්මතාවයෙන් ම සිදුවූ බවත් ඒ සෑම දෙයක් ම වසර 5000 ක් පවතින මේ හෙළදිව ශ්‍රේෂ්ඨ ස්ථානයන්හි අනාගත චිරස්ථතිය පිණිස ම සිදු වූ බවත් දැන් දැන් පහළ වී ඇති හෙළදිව මගඵල ලාභීන් විසින් පහදා දී ඇත. එසේ නොවුණේ නම් අතිවටිනා පූජනීය ස්ථානයක් වරින් වර පැමිණි විදේශ ආක්‍රමණවලින් විනාශ වන්නට ඉඩ තිබුණි. අද හෙළ දිව මෙවන් වූ මහා පූජනීය භූමි තම අනසකට යටත් කර ගනිමින් නැති ඉතිහාසයක් මවා පෑමට වෙර දරනා අසිංහල අබෞද්ධයින් විසින් කූට ලෙස උපක්‍රමශීලි ව හෙළ පුරාවස්තු විනාශ කරමින් ගෙන යන වැඩපිළිවෙළවල්වලට වැට බැඳ නියම හෙළයන් මෙම පින්බිමෙන් වඳ වී යාම වැළැක්විය යුතු ය. අප එකාවන්ව නැඟී සිටිය යුත්තේ විරුද්ධ විය යුත්තේ සටන් කළ යුත්තේ එවන් වූ අකටයුතුකම් වැළැක්වීමට ය.
අන්න එවන් වූ දිනට තවත් චිරාත් කාලයක් මේ පුණ්‍ය භූ®මිය රැකී ආරක්ෂා වී අපගේ මතු පරපුරට ද ලොවින් උතුම් රට දායාද කළ හැකි වනු ඇත. එබැවින් එදා බුදුන් කල මෙන් එදා සිටි ලෙසම පිළිගන්නා නොගන්නා දෙපක්ෂයම ඉපදී මැරෙමින් අද දක්වාම පැවතෙන්නේ ය. එබැවින් ඇසූ පමණින් තමන්ගේ ලේ ධාතුව ඔස්සේ යමින් මෙම සිද්ධස්ථාන කරා ඇදී යන දස දහස් පින්බර මිනිසුන්සේ ම, නියමිත කාලයට හෙළි වූ සත්‍යයට නිගරු කරමින් තම ජාතිය හා රටටම නියවන අජාසත්තවරු ද අද කාලයේ සුලබ ය.
එබැවින් ඒ සියලු දෙනා හට මෙත් වඩමින් සියලු බුදුවරු බුදු වූයේත් බුදුවන්නේත් එකම දේශයක එකම ස්ථානයක යන න්‍යාය සනාථ කරමින් ගෞතම බුදුන්ට පෙර පහළ වූ සරණංකර බුදුන්ගේත් ධාතුන් වහන්සේලා ගෞතම බුදු හිමිගේ ධාතූන් වහන්සේලා සමඟින් අනුරපුර ථූපාරාමයේ අදටත් නිදන් ගත වී පවතින බව ප්‍රසිද්ධ කරුණකි. සුප්‍රසිද්ධ අතීතයේ සියලු බුදුවරු ද අප සම්‍යක් මහා ගෞතම බුදුරදුන් ද වසර 5000 ක් ඇවෑමෙන් අප මහා මෛත්‍රී බුදුරදුන් ද ඉපදුණ, ඉපදෙන මේ පින්බිමේ ඉපදීමට වාසනාවන්ත වූ යැයි සතුටුවන්නටත් කවුරුන් හෝ ලියා තැබූ දේ වලට වඩා ප්‍රායෝගික වූත් දෘෂ්ටිමය වූත් සත්‍ය පිළිගැනීමටත් තම දූපුතුන් ගේ සැබෑ ඉතිහාසඥයන් තමා වීමටත් හෙළයන් ලෙස කොඳුනාරටිය සවිමත් කර ගනිමු.
චන්ද්‍රලාල් හේවාපතිරණ
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
2012-04-29 සිළුමිණ පුවත් පත

Thursday, May 24, 2012

ජන්බුද්වීපය පිලිබදව අන්තර්ජාලයේ ඇති මූලාශ්‍ර කීපයක්.

 >මීවරපලානේ සිරිධම්මාලංකාව හිමියන් විසින් රචිත ජන්බුද්වීපය පිලිබද වූ ග්‍රන්ථ

 එදා මෙදා තුර වැලලී ගිය ඒ බුද්ධ භූමියේ ස්ථාන ලොවට හෙලිකරමින් ග්‍රන්ථ දෙකක් එලි දැක්විය. ඒ නිසාම බොහෝ පිරිසකට මේ ස්ථාන වලින් උපකාර ලබා ගැනීමට හැකිවිය. ජන්බුද්වීපය පිලිබද සෙවීමට ප්‍රථම මේ ග්‍රන්ථ දෙක පරිශීලනය කිරීම සුදුසුය.

(1) කොටස
https://docs.google.com/file/d/0B6WB__tM2BfZN2EwN2Q0OGItNzZiZi00NjgwLTg3ZGItYzlkMTkyOTc1ODk3/edit?hl=en&pli=1

 (2)කොටස
 https://docs.google.com/file/d/0B6WB__tM2BfZMzRlOTM3MDYtMmM4OS00NTI3LTliMjItN2EwZjQ2NDI4NmY4/edit?hl=en&authkey=CMPbsYoL&pli=1

මීවරපලානේ හිමියන්ගේ පටිගතකරන ලද  ප්‍රකාශයක්
http://www.youtube.com/watch?v=1EzBYpx45i0

..............................................................
>රාවනා සහෝදරයන් විසින් නිර්මාණය කරන ලද බුදු ගුණ ගීතය.
 http://www.youtube.com/watch?v=TjtvgQ5gbSw&list=LLSVAtyFqbygE0NY1Av26e2A&feature=mh_lolz


බුදුගුණගීතය පදාර්ථය
  • By Dhammika Hettiarachchi in Mahasen Dehena · Edit doc
    1. සිදුහත් බෝසතාණන්වහන්සේ බුද්ධත්වයට පත්වූ විට පළමුව නමෝ කියා වැන්දේ සාතාගිරය. දෙවනුව තස්ස ලෙසින් අසුර නායකයා වැන්දේය. මහරජ විසින් භගවතෝ යනුවෙන් වඳින ලදි. අරහතෝ යනුවෙන් ශාක්‍ය වංශයේ රජු හෙවත් සක් රජු වඳින ලදි. සම්මාසම්බුද්ධස්ස යනුවෙන් බමරජු විසින් වඳින ලද්දේ විය.

    2. සකළ සත්ත්වයාට සෙත සලසන්නට පුරන ලද වීර්යය විරළ සහ අති දුෂ්කර කටයුත්තෙකි. එදා බොහෝ වෙහෙස දරා මරණය පරදවා නිර්වාණය අන් අයට පෙන්වා දෙන්නට මග පසක් කරගත් ඒ මෙහෙයුම ශරීරයේ සෑම ෙසෙලයකටම දැනුනාවූ වෙහෙසකර ක‍්‍රියාවෙකි. එතැන්හිදී දාදිය නොහෙළුවායැයි කාට කිව හැකිද? ඒ හෙළු දාදිය මේ කල්පයට වට මුතුවැස්සකි. ඒ මුතු දැක බලාගන්නට සෑම දිනකම සූර්යයා අරුනැල්ලේ මහබෝමැඩට එයි. සඳවතියද පෝ දින රාත‍්‍රියේ වජ‍්‍රාසනය පුදා වැඳ ඒ මුතු සොයන්නී එතැන්හි වියැලී ගොසින් බව දැන මුතියංගනයට ගොස් මළුවේ රඟන්නීය. මුතියංගනය යනු බුදුන්වහන්සේ සිරිපා ගමනේ විඩා වී මුතියංගන මළුවට පා ගමනින්ම ආ පසු මහන්සිය නිසා හෙළු දහදිය මුතුකැට මෙන් වැටුණු බිම බව කියැවෙයි.


    3. ඉසින්බැස්සගල තවමත් දම්සක් පැවතුම් සූත‍්‍රය උදෙසා වන හේවිසි හඬ ඇසෙයි. රජගල හෙවත් අතීත රජගහනුවර වීදි දිගේ බුදුන්වහන්සේ පිළිගැනුමට පාවඩ එලෙන්නේය. රිටිගල හෙවත් ජේතවනය සුදත්ත සිටුවරයා විසින් මිළට ගත්තේ මුළු බිම පුරාම කහවණු ඇතිරවීමෙනි. අතීත ගෝතම තොටක් හෙවත් අද ගොතටුව ලෙසින් හැඳින්වෙන තොටුපලින් බුදුන්වහන්සේ කැළනියට වඩින්නට නැව් නැග්ග සේක.


    4. සංසාරයට බැඳ තබනා යකඩ දම්වැල් බිඳ දමන්නට හැකිවූ වීර යතිවරයානන් බුදුන්වහන්සේයැ. පෙරුම්පිරීමෙන් විදහාපාන්නේ උන්වහන්සේගේ මහා කරුණා ගුණයයි. භවයේ සත්ත්වයාට එන සෑම දුකක්ම නිවාදැමූ පුද්ගලයා උන්වහන්සේමය. ලංකාවෙහි අඹරේ දිලෙන සූර්යයා හෙවත් සූර්යවංශයේ හෙළ පුත‍්‍රයා උන්වහන්සේමයැ.


    5. කෝලිය වංශයට අයත් බඹරගල තාමත් සල්මල් පිපෙයි. නේරංජනා ගඟ සිඳී ගොස් යළි යළිත් ගලන්නීය. මක්කම හෙවත් වත්මන් කල්පිටියේ බුදුන්වහන්සේගේ දකුණු සිරිපතුළ පිහිටා ඇත්තේය. ඩෙල්ෆ්ට් දුපතේ තිබුණායැයි කියන රම්‍ය සුරම්‍ය සුභ යන මාළිගා තුනෙන් සීත ඍතුවට හිඳිනා මාළිගාව මෑත අතීථයේ බුද්ධ වලව්ව නමින් හැඳින්වී තිබුණි. එයට සීතල නොදැනෙයි.


    6. මෙලංකාවේ පොලවෙහි සෑම තැනකම උන්වහන්සේ පා වෙහෙසවනතුරු වැඩි බව දැනෙන විට ඒ මහා කරුණාගුණය අපට දැනෙයි. ඒ ගැන සිතන විටම එය ශාසනය රැක්මට ලැබෙන ශක්තියක් වෙයි. ඔබේ ධර්මය දුටුවේනම් එදින අපි ඔබව දුටුවෙමු.


>රාවනා සහෝදරයන් විසින් අන්තර්ජාලයට එක්කර ඇති සෙල්ලිපි කීපයක් පිලිබද විස්තරය.
 http://www.youtube.com/watch?feature=player_embedded&v=iS6smoq5P-0
රාවනා සොරොයුරන් විසින් නිෂ්පාදනය කරන ලද බුදුන්වහන්සේ වැඩ සිටි හා ත්‍රිපිටකයේ නම් සදහන් පුදගලයන් විසින් බුදුන්වහන්සේට හා සංඝයා වහන්සේලාට පූජා කරන ලද ලෙන් වල ඇති සෙල්ලිපි කීපයක් පිලිබද  ඉදිරිපත් කර ඇති වීඩියෝ පටයකි.

 ( වෙනත් ලින්ක් මෙම වෙබ් පි‍ටුවේ දමා ඇත්තේ වානිජ්‍ය පරමාර්ථයෙන් නොව සියලු දෙනාගේ දැනගැනීමට පහසු වීම පිනිස පමනක් වන බව කරුනාවෙන් සලකන්න)

ජනපද හා වැදගත් ස්ථාන සිතියම ඇසුරුන්

""වැදගත් ස්ථාන කීපයක්""
>ලුම්බිනිය-බබරගල(තෙල්දෙනිය)
>බුද්ධගයාව-හිරිවඩුන්න.
>ඉසිපතනාරාමය-ඉසින්බැස්සගල

>කුසිනාරාමය-බුදුගල
>ජේත්වනාරාමය-රිටිගල
>සුද්ධෝදන රජුගේ සොහොයුරෙක් වෙන අමි‍තෝදන රජුගේ මාලිගය වාකරෙයි හා වෙරුගල් නැගෙනහිර    ප්‍රදේශයේ.
>වේලුවනාරාමය රජගල ප්‍රදේශයේ.
>ආනන්ද බෝධිය රිටිගල නා වනයේ
>තපස්සු භල්ලුක විසින් නිර්මානය කල ගිරිහඩු සෑය ත්‍රිකුනාමලය ප්‍රදේශයේ
>මොක්කම(කල්පිටියේ)පිහිටවූ සිරිපතුල (එය උඩ පෘතුග්‍රීසි හමුදාකදවුරක් හදලා.)
>යශෝදරා අරහත් තෙරනිය සදහා නිර්මානය කල ආරාමය මානෑව කන්ද(මෙහෙනි ආරාම කන්ද)ප්‍රදේශයේ.
>පලවෙනි සංගායනාව පැවැත්විමට අජාසත්ත රජු සප්තපර්නී ගල් ගුහාව අද රජගල ප්‍රදේශයේ.(කුඩගල >හෙවත් කුඩයක හැඩය ගත් ගල් ගුහාව)
>ගිජ්ජකූට පර්වතයත් ඒ ප්‍රදේශයේ.(රජගහ නුවර වේලුවනාරාම සීමාවේ)
>ගිජ්ජකූට පර්වතය පාමුල සීතවනය ලෙස හදුන්වන උල්පතත් පිරිසිදු ජලයත් ඇත.

විශේශ පූජනීය ස්ථානවල ඡායාරූප කීපයක්.

ඉන්ද්‍රසාල ලෙන
ඉන්ද්‍රසාල ලෙන ආශ්‍රිත ප්‍රදේශය
රිටිගල(ජේතවනාරාමයේ) නටබුන්


රිටිගල(ජේතවනාරාමයේ) නටබුන්


සිරිහඬු සෑය
හිරිවඩුන්නේ සිරිමහ බෝධීන්වහන්සේ
වජ්‍රාසනය හා සිරි මහා බෝධීන්වහන්සේ
කුසිනාරා නුවර බුද්ධ ශරීරය ආදාහනය කල ස්ථානය

ලුම්බිනිය හා ඉන්ද්‍රසාල ගුහාව


+ලෝක පූජිත ඉතිහාසඥ බශාම් තුමා.,+Dr.Hoey,+Dr.V.A.. Smith,+Dr. Waddell,+Dr.E.J Thomes යන නම් සදහන් පුද්ගලයන් කියන පරිදි නේපාලයේ අද ලුම්බිනිය යැයි පවසන තැන සිදුහත් උපතක් සිදුවී නොමැත. එයට සාක්සියක් ලෙස යොදාගන්නා අශෝක රජු විසින් ලියූබව කියන සෙල්ලිපිය අමූලික/බරපතල බොරුවක් බව ඔප්පු කර ඇත. අශෝක රජු කලයි කියන නේපාලේ සෙල්ලිපිය නෙට් එකේතියෙනවා. ඒක කියවන විදියත් තියෙනවා.
නේපාලයේ ලුම්බිනිය කියන ස්ථානයේ ඇති සෙල්ලිපියේ උපුටා ගැනීම
 අශෝක කරවපු සෙල්ලිපිවල වචන ඇත් කරලා නැ. ලියලා තියෙන්නේ බේත්වට්ටෝරු වගේ. ඒත් මේ සෙල්ලිපිය වචන ඈත්කරලා. ඒකට හේතුව මේ ලිපිය ලිව්වේ ඉංග්‍රීසි ආන්ඩුවට වැඩ කරපු ජර්මන් ජාතික Alois fuhrer . අසිරිමත් ඉන්දියාව කියන කෘතිය ලියපු බශාමි තුමා මේතන සිදුහත් උපතක් වෙලා නැ කියලා ලියලා තියෙනවා. මේ සෙල්ලිපිය බොරු කියලා, පුරාවිද්‍යාඥායන්වන ඉහත නම් සදහන් අය එයාලගේ පොත්වල ලියලා තියෙනවා.
Alois fuhrer කියන පුද්ගලයා ලුම්බිනියේ තිබ්බා කියලා බුදුන්වහන්සේගේ ධාතු 20 සොයාගත්තා කියලා තියෙනවා. මේකේ තිබිලා ධාතුවක් කියලා බුරුමයට තෑගි ලෙස හුවමාරු කරපු අශ්වයෙක්ගේ දතක් හොයාගෙන තියෙනවා, රාජකාරී මට්ටමින් කල පරීක්ශනවලදී. Alois fuhrer කියන පුද්ගලයා ඒතැන පරික්ශා කරලා අශෝකගේ සෙල්ලිපි තිබ්බා කියලා කිව්වට ඊට අවුරුදු 12කට කලින් v.a. smith මහතා මධ්‍යකාලීන කු‍ටු මිසක් අශෝක ලිපි නැ කියලා ලියලා තියෙනවා.
අනිත් එක ඔය ලිපියේ වචන වලට තේරුනුම් නැ. 3වෙනි පේලියේ තියෙන පලවෙනි වචනේ "සිලිවිගඩබි" වවනේ තේරුමක් නැ. "විගඩබි" වචනේ තේරුම තමා "බූරුවෙකු සේ අශෝභන නැත"


බලංගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ පොතක මෙසේ තිබේ."බාහිර රටවල බුද්ධාදී උතුමන්ගේ ජන්ම භූමිය නොවූ හෙයින් සුලු කොට සැලකීමෙන් දෝ ජන්බුද්වීපයේ පිරිවර වූ කොදේවිවයයි කියන ලදහ" (පි‍ටුව 111) බුදු උපත අන්රටවල් කුඩා දූපතක සිදුවුන බවට ලියා තැබීමට හේතු කිම??
(සිද්ධාර්ත ගෞතම බුද්ධචරිතය)


 තවද ඉන්ද්‍රසාල ලෙනේ එක්වරක් ගතකල බවත් සක්කපඤ්ඤ සුත්‍රය දේශනා කල බවත් ත්‍රිපිටකේ දැක්වේ.
බොහෝ සන්නස්වල සදහන්ව ඇති අන්දමට(කෞතුකාගාරයේ ඇති). බුදුන්වහන්සේ සක්ක පඤ්ඤ සුත්‍රය දේශනා කල තැනට සල්ගස් පෙනි පෙනී තිබූ බව සදහන්ව ඇත. එනම් ඉන්ද්‍රසාල ගුහාවට කිට්‍ටුව බුදුන්වහන්සේ උපතලද සල් උයන තිබිය යුතුය. නමුත් ලුම්බිනිය යැයි පවසන නේපාලයේ සිට ඉන්ද්‍රසාල ගුහාව තියෙන බිහාරයට ඇති දුර අනුව එය විය හැකිදැයි මට සැකයක් ඇත. එහෙත් මම කුඩා කාලයේ කතන්දරවල අසා ඇති අන්දමට බුදුන්වහන්සේට අසූඅට රියන් උස බුද්ධශරීරයක් ඇත. එය සත්‍යනම් එසේ සල්ගස් පෙනුනා විය හැක.

නමුත් තෙල්දෙනියේ ඇති බඹරගල ලෙනේ(ලංකාවේ ලුම්බිනිය යැයි කියන ස්ථානය) බුදුන්වහන්සේ අවුරුද්දක් පමණ වැඩ සිටි බව ක්‍රිස්තියානු භක්තිකයෙක් වූ ආචාර්ය පරණවිතාරණ මහතා ද පිළිගෙන ඇත. එසේනම් සුද්ධන්ගේ ඉතිහාසය කටපාඩම් කර කියවන උදවිය කියන අන්දමට බුදුන්වහන්සේ තුන්වරක් ලංකාවට වැඩම කල අවස්ථාවේ එසේ වරක් ගතකල බව සදහන්ව නොමැත. තවද එහි සල් ගස් තවමත් දැක ගත හැකි අතර ඒ අතර පැරනි විශේශිත සල්ගසක්ද වෙයි.

තවත් හාස්‍යට කරුනක් වන්නේ පසුගිය දා ඉන්දියාවේ ද මතයක් ඉදිරිපත් වූයේ බුදුන් වහන්සේගේ උත්පත්තිය සිදුවූයේ නේපාලයේ නොව ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ බුබනේශ්වර් අසල පිහිටි කපිලේශ්වර් නම් ස්ථානයේ බවයි. මෙයට සාධක ලෙස දක්වන්නේ ලුම්බිනිය බුදුන් උපන් ස්ථානය ලෙසට සොයා ගත් ඇලොයි ඇන්ටන් ෆියුරර් විසින් මහා ප්‍රෝඩාවක් කළ බවට පසුව ඉදිරිපත් වූ කරුණු ය.

මෙවැනි විහිලු කරන්නේ කාටදැයි සිතාගත නොහැකි. සාක්සි ඇතුව ඉන්දියාවේ හෝ නේපාලයේ ලුම්බිනියක් ඇතැයි ඔප්පු කල ගතනොහැකි තැන වෙනත් ආදේශන කතාකීම දුර්වලයන්ගේ සිරිතකි.

මේ කරුනු සලකා බලා තීරනය ගැනීමේ අයිතිය ඔබ සතුය.!!

Wednesday, May 23, 2012

හිරිවඩුන්නේ විශේශ ස්ථාන කීපයක්.

                                                                                                                                                                                                                 බුදුන්වහන්සේ පිටදුන් ශ්‍රී මහා බෝධීන්වහන්සේ.
නේරංජනා නදියේ කොටසක්.
ඒ ආසන්නයේ ඇති ඒකදේශීය කුසතණ ශාකය
                              මුචලින්ද නම් නාග ගෝත්‍රික රජු විසින් බුදුන්වහන්සේට වැස්සෙන් ආරක්ශාවීම සදහා සදා දුන් කුටියේ නටබුන්.


Tuesday, May 22, 2012

මහාසම්මත රජු, සූර්‍ය වංශය, ශාක්‍ය වංශය හා හෙලබිම

මේ හෙලදිව පළමුවන රජු වුනේ මහා සම්මත මනු රජතුමානේ. ගොවි තරුණයෙක්ව ඉද සියළු දෙනාගේ කැමත්ත මත මනු තරුණයා මහා සම්මත මනු විදියට සියළු දෙනාගේම කැමත්තෙන් ඒ කියන්නේ මහා සම්මතයෙන් හෙළ අසුර අධිරාජ්‍යෙය් පළමු රජු විදියට රජවෙනවා. 
 

 සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි. මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මාතර(අද) සිට පැමිණෙන මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අපේ සටන් කලාව ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි.

පුරාණයට අනුව පලවෙනි රජ කෙනෙකු ‍තෝරා ගන්න එදා ගෝත්‍රික ජනයා අඩබෙරයක් රට පුරා යවයි.
අනබෙරය
සියලු අංගං සටන් දන්නා,
සියලු කරදරවලින් හෙලය බේරාගත හැකි,දහිරියෙන් බලයෙන් රාජ්යන කිරීමට හැකි,කෙනෙක් ඉන්නවානම් වරෙල්ලා ඉහත අණබෙරයට සවන් දුන් රුහුණේ ගොවියෙක් වූ මනු නැමැත්තා මඩ සෝදාගෙන පැමිණ දැවැන්ත කණුවක් සිටුවා ඒ මත තනි කකුලෙන් සිටගෙන සිට බිම සිටින දුනුවායින් 16ක් හී තල වලින් විදින විට ඊතල කැපී නෙළුම් මලක හැඩයට බිමට වැටෙන ලෙස එම හීතලවලට කඩුවෙන් පහර දෙයි. මෙසේ දස්කම් දැක්වූ මහා සම්මත මනු නම් පළමුවෙන ගෝත්‍රික රජු ලෙස බිහිවෙයි

අරිසෙන් අහුබුදු ශූරීන් පවසන ආකාරයට මනු රජු තමන්ගේ රාජධානිය විදිහට තෝරාගෙන තියෙන්නේ මන්නාරමයි (මනු+ආ+අරම=මන්නාරම). වසර ලක්ෂ ගණනක් පැරණි 'ආදම් ගේ පාලම' නමැති ගල් පාලම මන්නරමට සම්බන්ධ වීම වාගේම පුරාණ මානවයින්ගේ මිනීඇට සහිත බඳුන් වළලා තිබී හමු වූ ස්ථානයක් වන 'පොම්පරිප්පුව' මන්නාරමට ආසන්නව පිහිටා තිබීම වැනි සාධක නිසා මන්නාරම යනු ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් කියලා විශ්වාස කළ හැකියි. මේ පිළිබඳව "වර්ගපූර්ණිකාව" නම් පුස්කොල ග්‍රන්ථයේ මේ බව සඳහන් වේ.

 මහාසම්මත රජු පිලිබදව ත්‍රිපිටකයේ දීඝ නිකායේ  අග්ගඤ්ඤ සූත්‍රයේද සදහන්ව ඇත. "වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ ඔවුන් අතුරෙන් යමෙක් ඉතා උතුම් රූප ඇත්තේ වී ද, ඉතා මහත් ආනුභාව ඇත්තේ වී ද, ඒ සත්ව තෙම ප්‍රකාශ කටයුත්ත හොඳින් ප්‍රකාශ කිරීමට ද, ගැරහිය යුත්තහුට හොඳින් ගැරහීමට ද, නෙරපිය යුත්තහු නෙරපීමට ද යෙදුවේය. ඒ සත්වයාට ඇල් වී වලින් කොටසක් දුන්නාහුය. එසේ මහජනයා විසින් සම්මත කරන ලද්දේය යන අර්ථයෙන් මහා සම්මතත කියා පළමුවන නාම (ව්‍යවහාරය) ඇතිවිය."
මේ මහාසම්මත රජු පහල වන විට ජනයා වගාවට හුරු වී සිටි බව අග්ගඤ්ඤ සූත්‍රය මගින්ද තහවුරු වනු ඇත.  ඒ නිසා මනු ගොවියෙක්ව සිටි බව පිලිගත හැක. එමෙන්ම මනු රජුට තමන්ගේ අස්වැන්නෙන් කොටසක් දීමට ජනයා පෙලබුනු බව අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වේ."ඒ සත්වයාට ඇල් වී වලින් කොටසක් දුන්නාහුය" ඒ ලොව පලමු බදු නීතිය වන බවට සැක නැත.
මනු රජුගෙන් ආරම්භ වෙන මනු රාජවංශය රජවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ රාජවංශය මෙසේයි.

  1. මහා සම්මත මනු
  2. රෝජ
  3. වරරෝජ
  4. කල්‍යාණ
  5. වරකල්‍යාණ
  6. උපෝසථ
  7. මහා මන්දාතු
  8. වරමන්දාතු
  9. චේතිය
  10. චේතියගේ පලමු පුත්‍රයා
  11. චේතියගේ දෙවන පුත්‍රයා
  12. චේතියගේ තෙවන පුත්‍රයා
  13. චේතියගේ සිව්වන පුත්‍රයා
  14. චේතියගේ පස්වන පුත්‍රයා
  15. මහා මුචලින්ද
  16. මුචලින්ද
  17. පළමුවන සාගර
  18. දෙවන සාගර
  19. භරත
  20. රුචි
  21. සුරුචි
  22. පතාප
  23. මහා පතාප
  24. පහද
  25. සුදස්සි
  26. නෙරුප
  27. මහා නෙරුප
  28. අසිරිමත් 
මහා සම්මත මනු රජුගේ සිට මහා මන්දාතු රජු(ඇතැම් තැන්වල හිරණ්‍ය කාශ්‍යප ලෙසත් හදුන්වා ඇත)  දක්වාම මේ හෙළ අසුර අධිරාජ්‍යෙය් රජවරු පත් වුනේ සියළු දොනගේම කැමත්තෙන්, මහා සම්මතයෙන්. රටේ ජනතාව තීරණය කරලා සුදුසු කම් සම්පුරණ කර තිබු හොදම පුද්ගයා රටේ රජු විදයට පත් කලා. නමුත් එහෙම වුනේ හිරණ්‍ය කාශ්‍යප රජුසමය දක්වා පමණයි. හිරණ්‍ය කාශ්‍යප රජු විශ්ණුගේ නරසිංහ අවතාරය විසින් මරා දැමීම මෙයට හේතුවක් වුණා. මේ ගැන තව දුරටත් විස්තර ඇතත් අදාල කාරනය මතු කිරීම සදහා මෙය මෙතනින් නවත්වමි.

දැන් බලමු ශාක්‍ය වංශයේ ආරම්භය ගැන කුමක් සදහන් වීද කියා.
“ආදිච්චා නාම ගොත්තේන සාකියා නාම ජාතියා”යී
වදාරනලද්දේ මැ යැ. එහෙයින් බුදුහු සූර්යවංශ ඇති සේකැ. සූර්ය්යථ පුත්රන වූ මනු රජ තෙමේ මහා ජනයන් විසින් සම්මත වන බැවින් මහා සම්මත නම් වැ මුළු දඹදිවට එක් රජ වී යැ. ඔහු මුඛයෙන් දිව මහනෙල් සුවඳ වෑහෙයි. ශරීරයෙන් විදුලිය කලබක් බඳු රශ්මි නික්මෙයි. ආකාශයෙහි පලක් බැඳැ හිඳිනේ යැ. සියලු ලෝක වාසි වූ සත්ත්වයන් පුත්රහ ස්ථානහෙහි තබා පරිපාලනය කොටැ අසංඛ්යසයක් හවුරුදු රාජ්ය් කෙළේ යැ. එහෙයින් ඔහු ගේ වංශය ද ඔහු විසින් අභිසම්මත වී යැ. ඒ වංශ නැමැති සාගරය නුවණ නැමැති පසුරින් පිහිනා අනේක කවීචර සහස්රැයෝ පරතෙර නො දැක්කැ හෙති."

(උපුටා ගැනීම සිංහල බෝධි වංශය)
බෝධිවංශය මෙහිදී දඹදිව ලෙස හදුන්වා දීම නිසා වර්ගපූර්ණිකාව හා ගැටීමක් තිබුනු නමුත් දඹදිව ලෙස හදුන්වන්නේ හෙලදිව බව නිවැරදිව සාධක සහිතව එලි වීමත් සමග ඉතිහාසය ලියා  තිබූ ඒ ඉතිහාස ග්‍රන්ථ දෙකේ ගැටීම විසදාගැනීමට අපි භාග්‍යවන්ත විය. දැන් එලෙස ගැටීමක් නැති බව කිව යුතුය.

මෙහි සිටින මහාසම්මත මනු රජු යනු හෙලදිව පහල වූ රජ තෙම හැර අන් කවරෙක්ද? මෙහි සදහන් සූර්‍ය වංශය යනු කුමක්දැයි රාවණා රජු ගැන දන්නා ඕනම කෙනෙකු දන්නා කරුනකි. රාවනා සූර්‍ය වංශිකයෙකි. හිරු හා සම්බන්ද බොහොමයක් කටයුතු රාවණා කල බවට ඉතිහාසය සාක්සි දරයි.

දැන් සිද්ධාර්ථ බෝධිසත්ව උප්පතිය ගැන සිංහල බෝධිවංශයේ ඇති කරුනු විමසමු.
"මෙසේ සූර්ය්යධ වංශයෙහි මහා සම්මත රාජපරම්පරාවෙන් ආවා වූ ශාක්යන වංශයෙහි ඡාත, නොයෙක් රජදරැවන්ගේ කිරීටයෙහි ඔබන ලද සත් රැවන් නැමැති භෘඞ්ගයන් විසින් සෙවුනා ලද පාපියුම් ඇති, ධෛර්ය්යේ යැ ප්රමඥා යැ වීර්ය යැ යනාදි වූ ගුණ සමූහයනට වාසස්ථාන වූ, නිර්මල වූ ශීල නැමැති ආභරණයෙන් සැරහුණා වූ, ගුණ නැමැති රත්නයනට ආකරයක් වැනි වූ, ශ්රී‍ කාන්තාවට වාසස්ථානයක් වැනි වූ සත්පුරැෂ ගුණයෙන් මවාලූ රෑපයක් බඳු වූ ශුද්ධෝදන රඡ්ඡුරැවන් නිසා අතිශයෙන් නිර්මල වූ ශිලාලඞ්කා් බ රයෙන් අනවරතයෙන් සමලංකෘත වූ, පූර්ව සර්වඥවරයනට කරනලද උපස්ථානයෙන් රැස් කරන ලද කුශල විශේෂයට ආධාර කරනලද සන්තාන විශේෂ ඇති,දිව්යාිඞ්ග නාවක හා සමාන රූප ශෝභා ඇති, ශාක්යනවංශ නැමැති ආකාශයට ශරච්චන්ද්රා රේඛාවක් වැනි වූ, සියලු ලෝකවාසී වූ සත්ත්වයනට සිත්කලු වූ මහාමායා දේවීන් ගේ කුසැ: ශරච්චන්ද්රශයාගේ රශ්මි සමූහයක් සේ ධවල වූ උතූම් වූ හස්තිරාජ විලාසයක් ස්වප්නයෙන් දක්වා නොහරන ලද ස්මෘති ප්රමඥා ඇත්තා වූ ඒ මහා බෝධිසත්ත්ව තෙමේ තුෂිත’පුරයෙන් ච්යුයත වැ අවුත්, දශසහශ්රීා ලෝකධාතු කම්පනාදී වූ විවිධ ප්රාෙතිහාර්ය සහස්රඅයක් පවත්නට පටන්ගත් කල්හි ප්රශතිසනධි ග්රලහනය කෙළේ යැ."


දේව වංශයේ මෙසේ සදහන්ව ඇත.
මහාමුනි නම්වු ශාක්‍ය මුනීන්‍ද්‍රයන් වහන්සේ මහාසම්මත රජහුගේ වංශයෙහි උපන්සේක. මහාභද්‍රකල්පාරම්භයෙහි මහජනයා විසින් සම්මතකරනලද බැවින් මහාසම්මත නම් මනු ජෙන්‍ද්‍රයෙක් විය. රොජය, වරරොජය යන දෙදෙනෙක එසේම කල්‍යාණය. වර කල්‍යාණය, යන දෙදෙනෙක. උපොස්ථය මන්‍ධාතුය යන දෙදෙනෙක. චරය, උපචරය, යන දෙදෙනෙක. වෙති.
යය, මුචලය, මහා මුවලය, යන නම් ඇත්තෝය. මුචලින්‍දය, සගරය, සාගරදෙවය යන නම ඇත්තොය. හරතය. හගීරථය, රුචුය, සුරුචිය, ප්‍රතාපය, මහාප්‍රතාපය, පනාදය මහාපනාදය, යන දෙදෙන දෙදෙනෙක. එසේම සුදර්‍ශනය, මහාසුදර්‍ශනය, නෙරුය, මහානෙරුය, යන අන්තිම දෙදෙන දෙදෙනාද යන මොව්හු මහාසම්මත නරෙන්‍ද්‍රයන්ගේ දරු මුනුබුරු රජදරු‍වෝ වුහ. අසඞ්ඛ්‍යායුෂ වැළදුවාවු මේ අටවිසි මහි පාලයෝම කුසාවතිය, රජගහය, මිර්‍ථලාය, යන නගරයනහි වාසය කළාහයු. ඉක්බිත්තෙන් ඒ රජුන්ගේ පරම්පරානුයාත සියයෙක සපණසක සැටදෙනෙක අසූසැරදහසෙක ඉන් මැත භාගයෙහි සතිස්දෙනෙක දෙතිස්‍ දෙනෙක විසි අට දෙනෙක ඉන් මෑතභාගයෙහි දෙවිසිදෙනෙක අටළොස්දෙනෙක සතළොස් දෙනෙක පසළොස් දෙනෙක තුදුස් දෙනෙක නව දෙනෙක සත්දෙනෙක ඔවුන් කෙළවර සාගරදෙව නම් රජහු පිත් මඛාදෙවනම් රජෙක් විය. එතැන් පටන් මහා සම්මතවංශය නම් පෙරළි (මහාදෙව) මඛාදෙවවංශ නම් විය. මඛාදෙව රජහු ආදි අසූසාර දහසෙක එයින් මඛාදෙව වංශය නම් පෙරළි කෙළවර කලාරජනකපිත් අසෝක නම් රජෙක් විය. ඔහු පිත් ප්‍රථම ඔක්කාක නම් රජෙක් විය. එතැන් පටන් ඔක්කාකවංශය විය. ඔවුන්ගේ දරු මුනුබුරන් අසූසාරදහසෙක එතැන් පටන් ඔක්කාක රජු දකවා සොළොස්දෙනෙක මේ මුනුබුරු රජදරුවෝ වෙන් වෙන්වු නගර‍යන්හි තම තමන් අභිමත පරිද්දෙන් රාජ්‍යානුශාසන් කළාහුය. ඔක්කාකපෘථිවි ශවරයාණන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රවු උක්කාමුඛ නම් රජෙක් විය. නිපුරය, චන්‍දිමන්තුය, සිරිසඦයය, වෙස්සන්තර මහ රජය, චාමිය, සිංහවාහනය. සිංහස්වරය, යන මොව්හු ඔහුගේ දරු මුනුපුරෝය. සිහස්වර මහරජහුගේ දරු මුනුපුරෝ අසූ දෙදහසක් වුහ. ඔහුන් කෙළවර තෘතිය ඔක්කාකරජු කළ ප්‍රිති උදන් හේතුකොටගෙණ එතැන් පටන් ඔක්කාක වංශය නම් පෙරළි ශාක්‍යවංශය විය. ඔවුන්ගේ අන්තිම රජතෙමේ ජය සේන නම් විය. කිඹුල්වත්පුරයෙහි විසූ මොව්හු ශාක්‍යරජහු යයි ප්‍රකටවුවාහුය. එම කිඹුල්වත්පුර නුවර දෙලක්‍ෂ දෙවිස් දහස් සත්සිය එකුන් සැත්තැවක් රාජ පරම්පරා ගියකල කෙළ වර බුදුකෙනෙකුන්ට මුත්තනුවන් වන්ට පින් ඇති සිංහහනු නම් රජෙක් විය. මෙහු ජයසේන රජහුගේ පුතනුවෝය. ජයසේන රජහුගේ දුහිතෘ තොමෝද යසෝධරා නැමැත්ති විය. දෙවදහ නම නගරයෙහි දෙවදහශාක්‍ය නැමැති භූපාලයෙක් විය. ඕහට අඦන නම් පුත්‍රයෙක. කච්චානා නම් දියනි කෙනෙකැයි දරු දෙදෙනෙක් වුහ. ඒ කච්චානා කුමාරිකා තොමෝ සිංහහනු නම් රජහට මහේසිකාවිය. ඒ යසෝධරා නම් කුමාරිතොමේ අඦන නම් ශාක්‍ය රජහුගේ මෙහෙසි විය.අඦන නම් රජහට මයාය ප්‍රජාපති යයි දුවරු දෙදෙනෙක් හා දණ්ඩපාණිශාක්‍යය සුප්‍රබුඞශාක්‍ය යයි පුත්‍රයෝ දෙදෙනෙක්ද වුවාහුය. සිංහහනු නම් රජහට වනාහි සුධොඳනයධොනොදනය සක්කාදනය සුකෙකාදනය අමිතොදනයයි පුත්‍රයන් පස්දෙනෙක් හා අමිතාය ප්‍රමිතායයි දුවරු දෙදෙනෙක්ද ඇතිවුහ. එයින් අමීතා තොමෝ සුප්‍රබුඞ නම් ශාක්‍ය රජහට අග්‍රමහේ සිකා වුවාය. ඒ මෙහෙසියට භද්දකච්චානා (යසොධරා) නම් දියනියක්ද දෙවදත්ත නම් පුත්‍රයෙක්ද වුහ. මායාය ප්‍රජාපතිය යන කුමාරිකාවෝ සුදෙවුන් රජහට මෙහෙසියෝ වුවාහුය. මේ මහාසම්මත රජහු පටන් සු‍ෙඞදෙන රජහු දක්වා ක්‍රමයෙන් රජ කළා වු සත්ලක්‍ෂ සත්දහස් සත්සිය අනූවක් මහාසම්මත වංශයෙහි වු යථොක්ත හිරුගොත් රජුන් දැක එම වංශයෙහි කෙළවර උපන්නාවු යට කී උභයකුල පරිශුඬ සුඬෝදන රජ හට දා ඒ මහාමායා රැජාණින්ගේ පුත්‍රතෙම පඤ්චමාරයන් නැසිමෙන් සර්‍වඥ වුයේක......
(උපුටා ගැනීම බොධ්‍යාහාරකුලය හෙවත් දෙව වංශය)
 

සාක්‍ය කුලේ ආරම්භය ජයසේනය. ජයසේන ඉහත නම් සදහන් මන්දාතු රජුගේ පරපුරේ පුරුකකි.
සීහහනු නම් ශාක්යස මහරජ හට සුධොදනය ධොතොදනය සුක්කොදනය ඝටිතොදනය අමිතොදනය අමිතාය පමිතායයි කියා කුමාරයන් පස්දෙනෙකු හා කුමාරිකා දෙදෙනෙක්ද යන සත්දරුකෙනක් වූවාහුය. සුපුබුධ ශාක්යරරජහට අමිතා නම් බිසව අගමෙහෙසුන් වූවාය. සුප්රමබුඬ රජහු නිසා අමිතාවට සුභද්ර කාත්යාසයනාවය දෙවදත්තය යන දෙදෙනෙක් වූවාහුය. මායා ප්රරජාපතී දෙදෙන සු‍දධෝදන මහ රජහුතිසා මායාදේවීන් කුස උපන් පුත්රහතෙම විපදොත්තමවූ සර්වයඥවූයේය. යථොක්තවූ සම්යඋක් සම්බුද්ධයාණෝ බොධිසත්වම භූමියෙහි සිද්ධාර්ත්ථමකුමාරනම් වූ සේක.

(උපුටා ගැනීම නරෙන්ද්‍ර චරිතාවලොකන ප්‍රදීපිකාව)
 

එසෙනම් සිදුහත් කුමරු උපත ලැබූ ශාක්‍ය වංශය කුමක්ද?
 

මනු රජුගෙන් පටන් ගන්නා මහාසම්මත රාජපරම්පරාව ඇත්තේ හෙලදිවය. සූර්‍ය වංශයට හිමිකම් කියන්නේ  හෙලදිවය.  ඒ පරම්පරාවෙන් පැවතගෙන එන ලෙස සිංහල බෝධිවංශයේ සදහන් ශාක්‍ය වංශයද යනු මේ හෙලදිවම පරම්පරාවකි. එසේනම් ශාක්‍ය වංශයේ උප්පත්තිය ලබනා සිදුහත් කුමරු ඉන්දියානුවෙක් වන්නේ කෙසේද?
 මෙච්චර කරුනු ඔබට අපහසුනම් සරලව මෙසේ ඉගි කීපයක් දිය හැක.
+අමි‍තෝදන රජ(සුද්ධෝදන රජුගේ සහෝදරයා) පුත් මහා ඝෝෂ හෙවත් මහතිස කුමරු සිදුහත් කුමරු මහන වීමට යද්දී හිස කෙස් කැපූ මගුල් කඩුව කිරිවෙහෙරේ තැන්පත් කල බව ධාතුවංශයේ ඇත. ඉන්දියාවේ ඉඩ මදි උනේ ඇයි?
+අමි‍තෝදන රජුගේ දුවට විවාහ කරදුන්නේ ලංකාවේ සුමන කියන ප්‍රාදේශීය පාලකයාය. නේපාලේ ඔච්චරට පාලකයන්  හිටියේ නැද්ද?
+අමි‍තෝදන රජුගේ පුතා කතරගම ප්‍රදේශයේ රජ වුනේ ඉන්දියාවෙන් එලවපු නිසාද?
 

අනික කරුන නම් ශාක්‍ය වංශය ඉන්දියාවේනම් ඉන්දියාවේ රජවරුන් ගැන ලංකාවේ සිංහල බෝධිවංශයේ,රාජාවලියේ හා මහාවංශයේ ලියා තැබීමට හේතු කිම? ඔවුන් ගැන ලියන්න ඉන්දියාවේ පොත් මදි වීද?

තව බොහෝ දේ මේ වශයන් ගැන කීමට තිබිනත් ඒවා ගැන දීර්ග විස්තර කිරීමට අනවශ්‍යවන්නේ සැබෑ ඉතිහාසය සොයන්නෙකුට මේ තොරතුරු ගත හැකි මූලාශ්‍ර අපමනය.
මේ පොඩි ලිපිය ලියන්නට මා සිතුවේ කාගේ හෝ කබල් ඉතිහාසයක් කටපාඩම් කර හැම දෙයක්ම කටට වැටෙනකම් ඉන්න, ලංකාවේ සිට ඉන්දියාවට කඩේ දුවන කේවට්ටයන්ට අවදිවීමටය.!!!!! 

ආටානාටිය සූත්‍රයෙන් උපුටා ගැනීමක්


මේවා පිලිනොගන්නවුන්ට කල හැකි දෙයක් ඇත එනම් සූර්ය වංශයේ රාවණා රාජ පරම්පරාව හා මහාසම්මත මනු රජු හෙලදිව නොව ඉන්දියාවේ බව කියා අත පිසදමා ගැනීමය.

Monday, May 21, 2012

ගිජ්ජකූට පර්වතය හා හෙලදිව



බුදුන්වහන්සේ හා ගිජ්ජකූට පර්වතය සම්බන්ධ සිදුවීම් ගනනාවක්ම ත්‍රිපිටකයේ සදහන් වේ. ඉන් කීපයක් ගැන අවධානය යොමු කරමු.
ගිජ්ජකූට පර්වතය හා සම්බන්ද වැදගත් සූත්‍ර දේශනාවක් නම් ආටානාටිය සූත්‍ර දේශනාවයි.
මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතරවරම් මහ රජදරුවෝ මහත් වූ යක්‍ෂ සේනාවෙන් ද, මහත් වූ ගාන්ධර්ව සේනාවෙන් ද, මහත් වූ කුම්භාණ්ඩ සේනාවෙන් ද, මහත් වූ නාග සේනාවෙන් ද, සතර දිශාවෙහි ආරක්‍ෂා පිහිටුවා බලසෙනඟ පිහිටුවා රැකවල් ලවා රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි (තමන්ගේ) ශරීර ආලෝකයෙන් හාත්පස ගිජ්ඣකූට පර්වතය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳාකාර වැඳ එක පැත්තකින් හුන්නාහුය. ඒ යක්‍ෂයෝ ද සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහිකට යුතු කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන් දී වැඳ එකපැත්තකට වී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගෝත්‍රය කියා එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නා වූ වෛශ්‍රවණ නම් වූ මහරජ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු කීයේය.(ආටානාටිය සුත්‍රය-දීඝ් නිකාය)
 
මෙහි සදහන් අන්දමට නාග,යක්ශ,ගාන්ධර්ව හා කුම්භාන්ග ගෝත්‍රයනට අයත් රජවරුන් හා පිරිවර සේනාවන් ආටානාටිය නමින් සම්මුතියක් ගිජ්ජකූට පර්වතයේදී ඇතිකරගෙන තිබේ. නමුත් ආටානාටිය සූත්‍ර දේශනාව ගැන විමසා බැලීමේදී ඒ සූත්‍ර දේශනාවේ ඇත්තේ එදා ලක්දිව පාලනය කල ගෝත්‍ර 4ක් බව පැහැදිලි වෙයි. එසේනම් ලක්දිව ප්‍රාදේශීය පාලකයන් හා පිරිවර සේනාවෝ ඉන්දියාවේ වෙසෙන බුද්ධශ්‍රාවකයන්ට වන අනතුරු වලක්වාගැනීමට සම්මුතියක් ඇතිකර ගැනීමට ගියේ ඇයි දැයි ගැටලුවක් ඇත. එතරමටම ඉන්දියාවේ රජවරු නැති උනේ ඇයි? ලංකාවේ පාලකයන් හා ඉන්දියාව අතර තිබූ සම්බන්ධය කුමක්ද?

එදා බුදුන්වහන්සේ වැඩ සිටි ආටානාටිය සූත්‍රයේ සදහන් වන ගිජ්ජකූට පර්වතය හා රජගහ නුවර හෙල දිව තුලින් මතුකරගෙන තිබේ.
රජගල,නිල්ගල,බුද්ධංගල,සමන්ගල හා නුවරගල යන නමින් වලල්ලක් සේ පිහිටා ඇති විශාල ගල් පර්වත සහිත වූ අද අම්පාර බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශයක් එදා වේලුවනාරාමය යන නමින් මගධ රාජ්‍යටම අයත් වීය. ගිජ්ජකූට පර්වතය පිහිටියේද රජගහ නුවර නුදුරු වේලුවනාරාමය පිහිටි ස්ථානයේමය. මෙය මගධ රටේ අගනුවරට ආසන්න තැනක පිහිටා තිබිනි. අම්පාර දිස්ත්‍රික්කයට අද අයත් වන උහන,බක්කිඇල්ල ගොනාගල්ල මහඔය හා පදියතලාව යන ප්‍රදේශයනයුත් බිබිල මැදගම සිට බදුල්ල මිගහකිවුල මයියංගනය දක්වාත් අක්කරපත්තුව දක්වාත් විශාල ප්‍රදේශක් එදා මගධ රාජධානියට අයත්ව තිබුනි. ගල් ඔය ජලාශයෙන් අද වගා කරන සියලු කෙත්වතු ද එදා මේ රජදානියට අයත්ව තිබුනි. ගෞතම බුදුන්වහන්සේ වැඩසිටි යුගයේ බිම්බිසාර රජු මගධ අධිරාජයා විය පසුව අජාසත්ත රජු මෙහි රජ බවට පත්විය. හෙල මාගධී බස මෙහි භාවිතා කල භාශාවයි. ත්‍රිපිටකයේ නම් සදහන් මේ රජවරුන් ඉන්දියාවේ ලියූ කිසිම පොතක පතක ලියවිල්ලක සටහන්ව නැත.

තව සූත්‍ර දේශනාවක..........
එවිට භාග්‍යවතුන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයෙන් බැස ´´සුමාගධා´´ නම් පොකුණ ඉවුරෙහි මොරනිවාපයට (මොනරුන්ගේ අභයස්ථානයට) පැමිණ ´´සුමාගධා´´ පොකුණ ඉවුරෙහි වූ එලිමහනේ සක්මන් කළෝය.(උදුම්බරික සිහනාද සූත්‍රය)
මෙහි සදහන් අන්දමය සුමාගධා නම් පොකුනක්ද ගිජ්ජකූට පර්වතය ආසන්නයේ තිබිය යුතුය. එය එසේද?
එසේම පලවෙනි සංගායනාව සදහා අජාසත්ත රජු සැදූ සප්තපර්නී ගල් ගුහාවත් ඒ ආසන්නයේම තිබිය යුතුය. හෙලදිව ඒ සප්තපර්නී ගුහාව අද රජගල ප්‍රදේශයේය.(කුඩගල හෙවත් කුඩයක හැඩය ගත් ගල් ගුහාව) එය එලෙසම හෙලදිව ඇත.
තවද ගිජ්ජකූට පර්වතය පාමුල සීතවනය ලෙස හදුන්වන උල්පතත් පිරිසිදු ජලයත් තිබිය යුතුය.(පැන් පහසුව සදහා) එයද එලෙසම හෙලදිව ගිජ්ජකූට පර්වතය පාමුල දැක ගත හැක. මෙලෙස දිය උල්පතක් පාසා හෙලදිව තුල පිහිටීම ව්‍යාජයක් වන්නේද?

එලෙසම සෑම තැනටම පොදු වූ ගඩොල් මෙතනටද වලංගුය. අශෝක රජුගේ වෙනත් නිර්මාන මෙන්ම ඉන්දියාවේ ගිජ්ජකූට පර්වතයේ නිර්මානය කල ඇති කුටිය ග්‍රීක හා හින්දු ගෘහ නිර්මාන ශිල්පයේ බලපෑම මත "ගඩොලින්" නිමවා ඇත. එහෙත් හෙලදිව අනුරාධපුර යුගයට පෙර නිර්මානය කල ගොඩනැගිලි කලුගල් පදම්කිරීමේ තාක්ශනයෙන් නිර්මානය කරන ලද ඒවාය. ඉන්දියාවේ ගිජ්ජකූට පර්වතය කියනා තැන ගඩොල් නිර්මන ඇත්තේ ඒ බුද්ධපරිනිර්වානයට පසු ඉදිකල නිසා නොවේද?

මේ ගැටලුව විසදාගැනීමට පහසුම ක්‍රමයනම් ලංකාවේ පාලකයන් ඉන්දියාවේ ජීවත්වන්නනට ආරක්ශාව සපයන්න ගියේ ඇයි දැයි සොයා බැලිමෙනි..!!!!!

Sunday, May 20, 2012

....ලෝකෝපකාරය, දඹදිව හා සිරි ලංකාව....

ලෝකෝපකාරයේ කතුවරයා ලෙස තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ප්‍රාග් සිසුවෙකු වූ රනස්ගල්ලේ හිමියන් හදුන්වාදීමට හැකිය. මෙම ග්‍රන්ථය පුර සත්‍ය නම් සකවසේදී එනම් ක්‍රි.ව. 1799 දී ලියා නිමකර තිබේ. ලෝකෝපකාරය යනු සිංහල සාහිත්‍ය කාව්‍යමය ස්වරූපයේ ග්‍රන්ථයක් නිසාත් සිංහල භාශාව හා සිංහල අකුරු වෙන රටවල භාවිතා නොකරන නිසාත් මෙම ග්‍රන්ථය ලංකාවේදී රචිත භවට ඕනේම පුද්ගලයෙකුට තේරුම් ගත හැකි සත්‍යකි. එම ලෝකෝපකාරය නම් වූ ග්‍රන්ථයේ දඹදිව හා සතර දිවයින් පිලිබද කියවෙන පද්‍ය කීපයකට අවධානය යොමු කිරිමට කැමති වන්නේ ‍රැල්ලේ දඹදිව වන්දනාවේ යන අපේ ඇන්ටිලාට නියම දඹදිව කියාදීමට මට මහත් අමාරුවක් ඇති නිසාය.
 

මෙහි සතර දිවයිනට(උතුරුකුරු දිවයින,දඹදිව,පූර්වවිදේහය,අපරගෝයානය) අයත් වන දිවයිනක් ගැන මෙසේ සදහන්ව ඇත.
සිරුර උසුලා නෙකතැන- ඇවිද පරපන නසන ලෙස්
උතුරු කුරු දිවයින-යකුන් නර වාහන මෙන්
 

සිරුර-ශරීරය,  උසුලා-උසුලාගෙන,   නෙක-නොයෙක් ස්ථාන,  ඇවිද-ඇවිදිමින්,  පරපන-අනුන්ගේ පන,  නසන ලෙස්-නසන්නාක් මෙන්,   උතුරු කුරු දිවයින-උතුරු කුරු දිවයිනෙහි,  යකුන්-යක්ශයින්,  නරවාහන කලා මෙන්-මිනිස් වාහනයට යොදා ගත්තාක් මෙනි.
 

එවැනිම තවත් පද්‍යක් මේසේය.
හැම සැපම ඇතිතැන්-මුලු ලොවමනැති නැණින් බැලුවත්
කප්තුර පවා ඇති-උතුරු කුරු දිව යකුන් බියවේ.
 

හැම සැපම-සියලු සැපත් ම,   ඇති තැන්-ඇත්තාවූ ස්ථාන,   නුවනින් බැලුවත්-බුද්ධියෙන් බැලුවත්,   මුලු ලොවම නැති-මුලු ලෝකයේම නැත්තේය,  කප් තුර පවා ඇති-කල්ප වෘක්ශය පවා ඇති,   උතුරු කුරු දිවයින- උතුරු කුරු දිවයින,   යකුන්-යකුන්ගෙන්,   බියවේ- බිය ඇති වේ.
 

ලෝකෝපකාරයේ එදා ලියා පෙන්වූ සතර දිවයිනම කරදිය වලලෙන් වට වූ බව පවසා තිබීමට හේතු කිම? මේ සතර මහා දිවයිනට අයත් උතුරු කුරු දිවයින ඇත්තටම පිහිටියේ කොහේද?  ප්‍රශ්නය එයයි. බුදුන්වහන්සේ ඉන්දියාවේ පහල වූවානම් වර්තමාන පකිස්තානය ප්‍රදේශය එයට අයත්වන්නට ඇත. මෙහි විශේශයනම් යකුන් ගැන ප්‍රකාශයකි. මේ යකුන් කවුද? ගෝත්‍රයක්ද? නැත්නම් අමනුශ්‍යයන්ද?
 

මේ උතුරු කුරු දිවයින හදුනාගැනීමට උපකරයක් ථූපවංශයේ ඇත. එය උපුටා මෙසේය.
මෙසේ තුන් මාල් පියවසාව බැඳ නිමි කල මහා සංඝයා වහන්සේ උත්තරය සුමන ය යන නම් ඇති රහත් සාමණෙරයන් දෙදෙනකු වහන්සේ කැඳවා දෙදෙනා වහන්සේට මෙසේ වදාළ සේක: "තෙපි දෙදෙනා උතුරු කුරු දිවයිනට ගොස්, සතර අතින් සම වූ, වඩුවෙන් අට රියන් බොල ඇත, එකි එකී අතින් අසූරියන් දිග ඇති මෙහෙවන් පාණ සයක් ගෙනෙව" යි වදාළ සේක. එවේලෙහි ඒ සාමණෙර දෙදෙනා වහන්සේ ද "යහපතැ" යි ගිවිස එම විට ම උතුරුකුරු දිවයිනට ගොස් මහා සඞ්ඝයා වහන්සේ වදාළ ලෙසට ම බඳුවද මල් පැහැ වැනි වූ මෙහෙවන් පාණ සයක් ගෙනවුත් එක් පහණක් දාගබ ධාතු ගර්භයෙහි ම බිම අතුට අනික් ගල් සතර සතරදිග පිහිටුවා අනික් ගල ධාතුගර්භයෙහි පිධාන කරන පිණිස දාගබට නැගෙනහිරි දිසාවෙහි වැලි මළුවේ පවුර සමීපයෙහි නො පෙනෙන පරිද්දෙන් තබා වදාළ සේක.(උපුටා ගැනීම)
 

මෙහිදී ගැමුනු මහ රජතුමාගේ දාගැබ කරවීමට අවශ්‍ය ගල් ගෙන ඒමට උතුරු කුරු දිවයිනට පිරිස් යවා ඇත. එසේනම් උතුරුකුරු දිවයිනේ අමනුශ්‍යයන් වන යකුන් සිටිය හැකිද? නැතහොත් යක්ක නම් ගොත්‍රය ජීවත් වන්නට ඇද්ද? පිලිතුර සොයාගැනීමට ඔබට බුද්ධියක් ඇතැයි යන උපකල්පනය මත ඊලග ප්‍රශ්නයට යොමු වෙන්නම්. බුදුන්වහන්සේ ඉන්දියාවේ වැඩ සිටියානම් උතුරුකුරු දිවයින පිහිටිය යුත්තේ පකිස්තානය ප්‍රදේශයේය. පකිස්තානයේ සිට ලංකාවට ගල් ‍රැගෙන ඒමට ලංකාවේ මිනිස්සුන්ට මානසික ආබාධයක් තිබේද? එයත් ඔබම විසදගන්න.
 

දැන් ලෝකෝපකාරයේ අන්දමට දඹදිව කොහේද?
මෙබදු සුර පුරටත් -දඹදිව වැඩිය පින්කෙත්
මතු නොව මුනිවර-මෙහි ඉපද බුදුව මොක් දෙනුවෝ
 

දඹදිව-ජන්බුද්වීපය,  මෙබදු-මේ වැනි , සුරපුරටත්-දෙව් ලොවටත්,   වැඩිය-වැඩි වූ,  පින්කෙතකි-පුන්‍ය ක්ශේත්‍රයකි.,  එමතුදු නොව-එපමනක් නොව,  මුනිවරු- බුදුවරු,   මෙහි ඉපද-මේ ජන්බුද්වීපයෙහි ඉපිද,   බුදුව- බුදුවී,  මොක් දෙනුව-නිර්වාන සම්පත්තිය දෙන්නෝය.
 

මේ කාව්‍යයේ "මෙහි ඉපද" ලෙස ලියා ඇත්තේ කොහෙටද? ඉන්දියාවටද? නේපාලයටද? ලංකාවේදී සිංහල අකුරු උපයෝගීකරගෙන ලියන ලෝකෝපකාරයේ මේ ජන්බුද්වීපය ලෙස ලියන්නේ ඉන්දියාවට හෝ නේපාලයට නොව මේ හෙලදිවට නොවේද? එසේනම් දඹදිව යනු ඉන්දියාවද ලංකාවද? මේ හෙලදිව ඒ පුන්‍ය භූමිය නොවේද?  එයත් ඔබම විසදගන්න.
 

 මෙය හරිද බුදුන් උපන් දේශය(දඹදිව) = ශ්‍රී ලංකාව.
දඹදිව වන්දනාවේ හැල්මේ දුවන අපේ ඇන්ටිලා අඩුම තරමේ මේ ලෝකෝපකාරයවත් කියවා තිබ්බානම් වන්දනා චාරිකා මුදලාලිලාට අහුවෙන්නේ නෑ නේද? තවමත් දඹදිව යනු ඉන්දියාවයි කියා මහත් උජාරුවෙන් කියන සමහරක් ඇත්තනුත් ලෝකෝපකාරය කියවා තිබුනානම් එසේ නෝන්ඩි වන්නේ නෑ නේද?
 

එසේනම් ඔබට විකල්ප දෙකක් ගැනීමට හැකිය.
(1)දඹදිව හෙවත් බුදුන්වහන්සේ උපන් දේශය යනු මේ හෙලබිම ලෙස පිලිගැනීම
(2)ලෝකෝපකාරය යනු නේපාලයේ හෝ ඉන්දියාවේ සිංහල ජනතාවගේ හිතසුව පිනිස සිංහලෙන් ලියන ලද ග්‍රන්ථයක් බව පිලිගැනීම. (කොටින්ම කියනවනම් ලෝකෝපකාරය කියන්නේ ලංකාවේ පොතක් නෙමේ කියලා)
ඔබ (1) ද? (2) ද?
 

ඉදිරියට මේවැනි පලකිරීම් තවත් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.
(උපුටා ගැනීම Right Way(මෙම)  වෙබ් පි‍ටුවෙනි- නිර්මානය හිරාන් ශශී හේරත්)