Monday, March 26, 2012

තනිවීම

ගෞතම බුදුන්වහන්සේ පාපිස්නයක් කෝටි ගනන් වූ පූර්වාරාමයේ වැඩ සිටියේ කෙසේද? ලාභ සත්කාර අර්හත්වයට හා නිවනට අන්තරායකරය වන්නේ කෙසේද? තුන් සිවුරයි පාත්තරෙයි අරන් ඇවිදින දවසට එක වේලක් වැලදූ පමනින් තෘශ්නාවෙන් නිදහස් වන්නේද? හිතින් අල්පේච්ඡ කෙනෙක් බහුභාණ්ඩිකව ඉන්නේ කෙසේද?
-------------------------------------------------------------
´´ස්වාමීනි, ´එකවිහාරි ඒකවිහාරී´ යයි හෙවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි එකලාව වාසය කරන්නේ වේද? කොපමණකින් දෙවැන්නෙක් සහිතව වාසය කරන්නේ වේද?´´ කියායි.(මිගජාල)......................

´´මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට තෘෂ්ණාවෙන් සතුටුවේද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එයට තෘෂ්ණාවෙන් සතුටුවන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණා සතුට උපදියි. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.(සෝත,ඝාණ,ජිව්හා,කාය,මනො විඤ්ඤාණයෙන් සුත්‍රයෙන් කියව ගන්න)

´´මිගජාලය, මෙසේ වාසය කරන්නාවූද මහණතෙම හුදෙක් වනයෙහි ශබ්ද නැත්තාවූ, ඝෝෂා නැත්තාවූ, වනය ඇසුරුකොට හමන වාතය නැත්තාවූ, මිනිසුන්ගේ රහසිගතවීමට සුදුසුවූ, සැඟවී වාසයට සුදුසුවූ, ඉතා දුරවූ වන සෙනසුන් සේවනය කෙරේද, එතකුදු වුවත් දෙවැන්නකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඔහුට තෘෂ්ණාව දෙවැන්න වේ. මොහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ නොවීය. එහෙයින් දෙවැන්නකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.

´´මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණ
තෙම එයට තෘෂ්ණාවෙන් සතුටු නොවේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලේද, එයට තෘෂ්ණාවෙන් සතුටු නොවන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි නොගිලුණාවූ ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්‍ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.(සෝත,ඝාණ,ජිව්හා,කාය,මනො විඤ්ඤාණයෙන් සුත්‍රයෙන් කියව ගන්න)

  ´´මිගජාලය, මෙසේ වාසය කරන්නාවූ මහණතෙම හුදෙක් භික්‍ෂූන්ගෙන්, භික්‍ෂුණීන්ගෙන්, උපාසකවරුන්ගෙන්, උපාසිකාවරුන්ගෙන්, රජුන්ගෙන්, රජ මහ ඇමැතියන්ගෙන්, තීත්‍ර්‍ථකයන්ගෙන්, තීත්‍ර්‍ථක ශ්‍රාවකයන්ගෙන් ගැවසීගත්තාවූ ගම්වල වාසය කෙරේද, එතකුදුවුවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.


ඊට හේතු කවරේද? තෘෂ්ණාව වනාහි ඔහුගේ දෙවැන්න වේ. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වූවාය. එහෙයින් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේය´´ යයි (වදාළ සේක.)
(සංයුත්ත නිකායේ මිගජාල සුත්‍රය)

යම් භික්ශුවක් හෝ පුද්ගලයෙකු තනිව සිටි පමනින්,පයින් ගියූ පමනින්, වේලක් හැර වේලක් වැලදූ පමනින්, වනයේ වාසය කල පමනින්,පාවහන් නොපැලදූ පමනින්,පාත්තරේක දානය වැලදූ පමනින්, අඩු ඇදුම්/සිවුරු පරිහරනය කල පමනින්,වස්තූන් පාවිච්චි නොකල පමනින්,මුදල් නො ඇල්ලු පමනින්......... ඔහු හෝ ඒ භික්ශුව අල්පේච්ච ජීවිත ගෙවන්නේය,තෘශ්නාව නැතිය, යැයි කියා ඔබ නිගමන දෙන්නේ කෙසේද? ඔහු හෝ ඒ භික්ශුව තුල තෘශ්නාව නැතැයි කියන්නේ කෙසේද?

කෙනෙකු තුල තෘශ්නාව නැතිනම් ඔහු හෝ ඒ භික්ශුව මාලිගාවක සිටියත්,අතු පැලක සිටියත්,තනිව වනයේ සිටියත්. කිනම් ගැටලුවක්ද?
-----------------------------------------------------------------
(මනසින් අත්හැරීමට නොතේරෙන්නන්ට පුංචි පැහැදිලි කිරීමක්)

Thursday, March 22, 2012

කවි කියන්න,අහන්න කැමති අයට!!


බොහෝ භික්ශූන්වහන්සේලා විසින් ධර්මය ගීත ස්වරූපයෙන් ගායනා කරනු ලබයි. නමුත් එය බුදුන්වහන්සේ අනුමත නොකරන ලද දෙයකි.මේ කවි ස්වරූපයෙන් ධර්මය ප්‍රකාශ කිරීම සාසනයේ පිරිහීමට හේතුවන බව බුදුන්වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කර ඇත.
 

´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය. ඔවුහු නොවඩන ලද කය ඇත්තාහුම, නොවඩන ලද සිල් ඇත්තාහුම, නොවඩන ලද සිත් ඇත්තාහුම, යම් ඒ සූත්‍රාන්තයෝ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු, ගැඹුරු වූවාහු, ගැඹුරු අත්‍ර්‍ථ ඇත්තාහු, ලෝකෝත්තර වූවාහු, ශුන්‍යතාවෙන් යුක්තවූවාහු වෙද්ද,

 ´´ඒ සූත්‍රයන් කියනු ලබන කල්හි අසන්ට නොකැමැති වෙත්. ඇසීමට කන් නොඑලවන්නාහ. දැනගැණීමට සිත නොපිහිටුවන්නාහ. ඒ ධර්මයන් උගත යුතුය, පිරිවැහිය යුතුයයි නොසිතන්නාහ. යම් ඒ සූත්‍රාන්ත වනාහි කවීන් විසින් කරණ ලද්දාහු, කවීන්ට හිත වූවාහු, විසිතුරු අක්‍ෂර ඇත්තාහු, බ්‍යඥ්ජන ඇත්තාහු, ශාසනයෙන් පිටත්හිවූ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාහු වෙද්ද, ඒ සූත්‍රාන්තයන් කියනු ලබන කල්හි අසන්ට කැමති වෙත්. ඇසීමට කන් එලවත්. දැනගැනීමට සිත පිහිටුවත්. ඒ ධර්මයන්ද උගත යුතුය, පිරිවැහැය යුතුයයි සිතන්නාහ. මහණෙනි, මෙසේ වනාහි ධර්ම දූෂ්‍යයෙන් විනය දූෂ්‍ය වේ. විනය දූෂ්‍යයෙන් ධර්ම දූෂ්‍යය වේ. මහණෙනි, මේ සතරවන අනාගත භය මෙකල්හි නූපන්නේ, මත්තෙහි උපදින්නේය. එය තොප විසින් දැණගත යුතුයි. දැනගෙණද එය දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.

(අංගුත්තර නිකායේ, තතිය අනාගත භය සුත්‍රය)


එනිසා බුදුන්වහන්සේ දේශනා කල පරිදි කවීන්විසින් කරන මේ සාසන හානිය දැන ගැනීමෙන් දුරු කිරීමට උත්සහ කරමු.

Tuesday, March 20, 2012

දෙව්දත් පොලව පලාගෙන අපායේ ගියා කියලා ඒක ඇත්තක්ද?

දේවදත්ත පංචානන්තරීය අකුසල කීපයක්ම කරගත්තා. මාතෘ ඝාතක,පීතෘ ඝාතක, ලෝහිත උප්පාද,සංඝ භේදය,අරහත් ඝාතක කියන පංචානන්තරිය පාප කර්ම වලින් එකක් හෝ කලොත් ඒ පුද්ගලයා අවීචි මහා නරකාදියේ උපදිනවාමයි.සමහර වෙලාවට අපි කියන්නේ පන පිටින් අපායේ ගියා කියලා. මොකද්ද මේකේ අදහස? මේකේ ධර්මාකූලව විග්‍රහ කරන්න ඕනේ. පන පිටින් අපායේ යනවා කියන්නේ පංචාන්තරීය අකුසලක් වගේ ප්‍රබල අකුසල කර්ම සිදුකලාම ඒ අකුසලය කල පුද්ගලයා ඒ ගැන විශාල වශයෙන් දුක්වෙනවා. දේවදත්තත් ඒ වගේ දුක් වුනා. ඒකනේ අන්තිම මොහොතේ තමන්ගේ ශිශ්යනට  කිව්වේ බුදුන් දකින්න ජේතවනාරාමේට අරගෙන යන්න කියලා. එහෙම යද්දී තමන් කොයිතරම් හතුරුකම් කලත් බුදුන්වහන්සේගෙන් එක වචනයකින්වත් තමාට වරදක් නොවුන බව හිතලා දේව දත්ත දුක් වෙනවා. දැන් මනස හොදටම කඩා වැටිලා. මෙහෙම මනස කඩා වැටිලා ඉන්න උච්චතම අවස්තාවේදී මානසික වේදනාව දරාගන්න බැරුව මිය යනවා. මෙන්න මේවගේ වේදනාකාරී දෙයකට තමයි කියන්නේ පන පිටින් අපායේ යනවා කියලා. මිය ගිහිනුයි අපායේ යන්නේ කවදාවත් මේ ශරීරයෙන් අපායේ ඉන්න බැ. පැරනි සාහිත්‍ය පොත්පත් ලියූ අ‍ටුවාචාරීන් වහන්සේලා සමහර දේ සදහා මහා බරපතර වැරදි අර්තකතන දුන්නා. දේව දත්ත පොලොව පලාගෙන පන පිටින් අපායේ ගියා කියලා. බුදු දහමේ මෙහෙම දේ නැහැ. බුදුදහම එදාටත් අදටත් හෙටටත් ප්‍රායෝගිකයි. එහෙනම් ඒ දේවල් අදටත් විය යුතුයි.
[උපුටා ගැනීම-කර්මය හා පුනර්භවය(පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි) ]
--------------------------------------------------

මට මෙහෙම හිතෙනවා. ඔන්න දැන් අම්මා කෙනෙක් තමන්ගේ කුඩා දරුවට හද ගැන කියනවා. "පුතේ හදේ හාවෙක් ඉන්නවා, හද මාමා ඔයා බයියං ඔක්කොම කැවොත කිරි පැනි ගෙනත් දෙනවා" කියලා.එතකොට අම්මා දන්නැද්ද හදේ හාවෙකුත් නැ,තියෙන්නේ ආවාට ,කිරි පැනි ගෙනත්දෙන්නෙත් නැ  කියලා. දන්නවා ඒත් ඒක පොඩි ලමයට එහෙම කිව්වට තේරෙන්නෙත් නැ ඒත් හද ගැනත් කියන්න ඕනේ. ඒ නිසා අම්මා එහෙම කියනවා. අ‍ටුවාචාරීන් වහන්සේ කරන්නෙත් ඕකම වෙන්න ඇති. උන්වහන්සේ දන්නවා මෙහෙම වෙන්න බැ කියලා ඒත් ශ්‍රාවකයක අපාය ගැනයි අකුසල් ගැනයි කියන්නත් ඕනේ. ශ්‍රාවකයන්ගේ එක එක අවබෝද මට්ටම් තියෙන්නේ. ඒ නිසා ඔක්කොටම තේරෙන්න අඩුම මට්ටමෙන් පැහැදිලි කරනවා. පොඩි ලමයගේ බුද්ධිය වැඩෙද්දි ඇත්තටම හද මොනවගේද කියලා දැන ගන්නවා වගේ. ශ්‍රාවකටත් ධර්මය අධ්‍යනය කරගෙන යනකොට මේ විස්තර වල ඇත්ත නැත්ත දැන ගනීවී  කියලා අ‍ටුවාචාරීන් වහන්සේ සිතන්නට ඇති.

Friday, March 16, 2012

කරතියාන යාම

ගුරුවරයා හා ගෝලයා වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් මග වඩිමින් සිටියහ. අතරමග මඳක් ගැඹුරු නදියක්
විය. එගොඩ වීමට ඇත්තේ නදියට බැස පිහිනමිනි. නදිය අසළ සරූපී තරුණියක් ළතැවෙමින් සිටියේ
එගොඩ වීමට බියෙනි.
ගුරු හිමිනම ඇයෙග් අවශ්යතාවය විමසා, ඇයව සිය කෙරෙහි තබාගෙන නදියෙන් එගොඩ කරවූවේය.

ගෝල හිමිනමට මෙය මහත් ගැටළුවක් විය. ගුරු හිමිනම තම සිලි බිඳ ගත්තා නේද? නමුත් උන්වහන්සේ සිල්වත්
ගුණවත් භික්ෂූන්වහන්සේ නමක් ලෙස ප්‍රසිද්ධ තෙරනමකි. ගුරු හිමිනමගෙන් මෙය විමසනවාද නැද්ද?

උන්වහන්‍සේ කළ ක්‍රියාවෙන් පසු විශ්වාසය තැබිය හැකිද නැදද? වයසක කාන්තාවක්නම් තව කමක්
නැත. නමුත් තරුණ සරූපි කාන්තාවක්?

රාත්‍රියේ නවාතැන් ගන්නා ආරාමයට පැමිණෙන තුරුම ගෝල හිමිනම කල්පනා කෙළ් මේ පිළිබඳවය. තවත්
ඉවසිය නොහැකි තැන උන්වහන්සේ ගුරු හිමිනමගෙන් මේ ගැන විමසූහ. "ඔබ වහන්සේ ගං ඉවුර ලගදි කල දෙය වැරදි නේද ඒක භික්ශුවකට ගැලපෙන්නැ නේද එය සීලයට,විනයට පටහැනි නේද?

"මම ඒ කාන්තාව ගං ඉව්රෙ තියලය ආවෙ."

"ඔබ තවමත් ඇය කර තියාන ඉන්නෙ මොකද?"

ගරු හිමිනම පැවසහූ .

(සෙන්)

ආර්ය උපවාද!!!

අද බොහෝ දෙනා මාර්ගඵල ලාභීන්ට අපහාස කරමින් සිටී. ඔවුන්ට මේ කරුනු මතක් කිරීමට කැමති වෙමි.සබ්‍රහ්මචාරීන් වහන්සේලාට නින්දා අපහාස කරයිද, ආර්ය උපවාද කරයිද ඔහු මේ දසවිධ ව්‍යසනයන්ගෙන් එකක් හෝ ලබන්නේමය.

01. නොඇසු නොලැබු ධර්ම කරුණ නොවැටහෙන්නේය.
02. වැටහුන ධර්ම කාරණා පිරිහී යන්නේය.
03. ඔහුට ධර්මය නිරවුල් කරගත නොහැක්කේය.
04. ධර්මය කෙරෙහි අධිමානයට එන්නේය.
05. අකමැත්තෙන් බඹසර වසන්නේය.
06. කිලිටි ඇවතකට හෝ පත්වන්නේය.
07. දැඩි රෝගාබාධයක් හෝ හටගන්නේය.
08. උමතු බවට හෝ පත්වන්නේය.
09. සිහිමුලා වී කලුරිය කරන්නේය.
10. මරණින් මතු නිරයේ උපදී. “

අක්කෝසක සුත්‍රය - ( අං.නි. 06)

රතන සුත්‍රය. (Rathana Suththa)


යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
සබ්බේ ව භූතා සුමනා භවන්තු
අථොපි සක්කච්ච සුනන්තු භාසිතං

තේරුම
1. භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් මනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහු වෙත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත් වා. තව ද මාගේ වචනය මනාකොට අසත්වා.

තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා

තේරුම
2. අමනුෂ්‍යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු.

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
3. මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත්වේවා.

ඛයං විරාගං අමතං පණීතං
යදජ්ක්‍ධගා සක්‍ය මුනී සමාහිතො
න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
4. ආය¸මාර්ග සමාධියෙන් සුපිහිටි සිත් ඇති ශාක්‍ය කුලයෙහි උපන් මුනි තෙම රාගාදීන් ක්‍ෂයවන්නා වූ රාගාදියෙන් වෙන් වූ ප්‍රණීත යම් නිවනක් නුවණින් අවබෝධ කළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤ මාහු
සමාධිනාතෙන සමොන විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු

තේරුම
5. බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ඉතා පිරිසිදු යමක් ප්‍රශංසා කොට ප්‍රකාශ කෙළේ ද? එය ආනන්තරික සමාධියයි කියති. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති
තෙ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
එතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
6. බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ටාර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත්ද, පසස්නා ලද යම් එක් සිය අටක් ආර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු යුග සතරක් වෙති. බුදුන් ගේ ශ්‍රාවක වූ ඒ ආය¸ පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්නභාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන
නික්කාමිනො ගොතම සාසනම්හි
තෙ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු

තේරුම
7. යම් රහත් කෙනෙක් ගෞතම ශාසනයෙහි මනා කොට යෙදුනාහු ස්ථිර සිතින් සියලු කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද, ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය නොමිලයේ ලැබ අනුභව කරන්නාහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යථින්ද ඛීලො පඨවිංසිතො සියා
චතුබ්භිවාතෙහි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි
යො අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
8. ඉන්ද්‍රඛීල නම් වූ කණුව යම්සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දිගින් හමන සුලඟින් සොලවාලිය නොහැකි වන්නේ ද? යමෙක් ආය¸ සත්‍යයෙන් නුවණින් බැස දකී නම් ඒ සත් පුරුෂයා එබඳු ඉන්ද්‍රඛීලය හා සමාන කොට කියමි. මෙය සංඝයා කෙරෙහි ප්‍රණීත රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

යෙ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා
න තෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
9. යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආය¸ සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද? ඔවුහු කිසිසේත් බොහෝ සේ පමාවූවෝ වෙත්ද,ඔවුහු අටවන භවයක් නම් නො ගනිති. මෙය ද සඞඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

සහාවස්ස දස්සන සම්පදාය
තයස්සුධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායෙහිච විප්පමුත්තො
චඡාභිඨානානි අභබ්බොකාතුං
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
10. දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාවද යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු වෙති. හේ සතර අපායෙන් මිදුනේ ද වේ. පඤ්චානන්තරිය කර්ම හා අන්‍ය ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ.මෙය සංඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං
කායෙන වාචා උද චෙතසා වා
අභබ්බො සො තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
11. ඒ සෝවාන් පුද්ගල තෙමේ තිදොරින් යම් පවක් කෙරේද? හෙතෙම එය සඟවාලීමට නො හැකි වෙයි. නිවන් දුටුවහු ගේ පව් සැඟවීමේ නො හැකි බව සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදෙසයි
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
ඒතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
12. ගී‍්‍රෂ්ම ඍතුවෙ පළමු වන බක් මසෙහි රුක් ලැහැබ් යම්සේ පිපුණු අග ඇත්තේ වේ ද? බුදුරජ තෙම එබඳු උපමා ඇති නිවනට පමුණුවන උතුම් ධර්මයක් පරම හිත පිණිස දෙසී ය.මෙය බුදුරදුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයකි. මෙම සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වරො වරඤ්ඤු වරදො වරාහරො
අනුත්තරො ධම්මවරං අදෙසයි
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
13. උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්‍රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
14. යම් කෙනෙකුගේ පුරාණ කර්ම ගෙවී ගියේ ද, පහළ වන අළුත් කර්මයකුත් නැත් ද, මතු භවයෙහි නො ඇලුණූ සිත් ඇති ක්‍ෂය කළ ප්‍රතිසන්ධී විඥාන බීජ ඇති වැඩෙන ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හොතු

තේරුම
15. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත්ද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදනලද බුදුරදුන් වඳිමු. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හොතු

තේරුම
16. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත් ද? ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත දේශිත ධර්මය වඳිමු.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
ථාගතං දෙව මනුස්ස පූජිතං
සඞඝං නමස්සාම සුවත්ථි හොතු

තේරුම
17. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් ;ම තැන්හි රැස්ව සිටිත් ද, ඒ අපි දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්‍රාවක සඞඝයා වහන්සේ වඳිමු.

15,16,17 ශක්‍රදේවේන්ද්‍රයා විසින් කියන ලද ගාථා තුනකි. විශාලා මහනුවර තුන් බිය දුරු කිරීම පිණිස රතන සූත්‍රය දෙසන ලදී.උදේ සවස උවදුරු දුරු කර ගැනීම සඳහා භාවිතා කළයුතු උතුම් සෙත් පිරිතකි.

Thursday, March 1, 2012

‎"නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති" "ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය." මේකේ තේරුම වැරදි නේද?

අංගුත්තර නිකායේ අට්ටක නිපාතේ කාමාධිවචන සුත්‍රයේ මෙහෙම තියෙනවා.

´මහණෙනි, බිය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, දුක යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, රෝගය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, ගෙඩිය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, හුලය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, බැම්ම යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, මඩ යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. ""මහණෙනි, ගර්‍භය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි.""................

´´මහණෙනි, කුමක් හෙයින් ගර්‍භය යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා ගර්‍භය යනු කාමයන්ට නමකි.............

ඒ කියන්නේ ගබ්බ(ගර්‍භය) කියන්නේ කාමයට කියන තවත් නමක්.
එතකොට "ගබ්බ" කියන තැනට "කාම" කියන එක දාන්න පුලුවන්නේ.
ඒ කියන්නේ "නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති" කියන්නේ "ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය." කියන එක නෙමේ. මොකද ගබ්බ කියන තැනට කාමය දැම්මොත් ඒ කියන්නේ නැවත කාමය නිසා හට ගන්නා උප්පත්තියක් නැති වෙන්නේය කියන එක නේද ඒ  කියන්නේ නැවත කාම උපතක්(දිව්‍ය.මනුශ්‍ය.ප්‍රේත) නෑ කියන එක.

කෙනෙක් දිට්ටි සම්පන්න උනාම ඒ කියන්නේ සොවාන් උනාම දස්සනේන සම්පන්න බාවයට පත්වෙච්ච කෙනා කාමය හා ව්‍යාපාදය නැති කරලා. නැවත මනුශ්‍ය ලෝකයකටවත්,දිව්‍ය ලෝකෙටවත්,ප්‍රේත ලෝකෙටවත් කිසිම තැනකට නො එන තැනට   ස්බාවයට පත්වෙන කෙනා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ උපත ලබනවා.සුද්ධාවාසයේ උපත ලබලා එහෙදිම පරිනිර්වානය පත්වෙනවා.
ඒක තමා "නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති" කියන්නේ.