Wednesday, February 1, 2012

මෛත්‍රීය බෝදිසත්වයන් වහන්සේ වන්දනා කරමු.(Maitreya Bodhisathwa Wandhana)

මෙත්බෝසත් වන්දනාව.!!

මෙත්තෙය්‍ය නාමේන බුද්ධෝ භවිත්වා
නිබ්බාන ගාමිං දෙසේති ධම්මං
වාසේති සෝදානි තුසිතම්හි ලෝකේ
වන්දාමහං තං වර බෝධිසත්තං


මෛත්‍රී බෝදිසත්වයන්වහන්සේට පිං දීම.!!

සසිරි බර තුසිතපුර - නිතින වැඩ සිටින මන
සතට සෙත දෙවන සොද - පාරමී පුරන ලද
උතුම් මෙත් බුදු නමින - මතුමනාවන් කලේ
කේතුමති පුරවරේ - බුදුව සෙත සදන්නේ
මෙත්බෝ සතානෝ - මාකල මෙපින්ද ගෙන
රකින් මා දින දිනේ - සුභසෙතද දෙවමිනේ
දිගාසිරි දෙවන් සොද - නිරෝගිව තබන මම
දහම් මග දකින්නට - මට පිහිට උවමැනේ!!

(අනිකුත් දෙවියන්ට පිංදීමට පෙර බෝදිසත්වයන් වහන්සේලාට පිං දෙන්න)

12 comments:

  1. මොකද මේ මෛත්‍රී බෝධිසත්වයන්වත් හින්දු දෙවි කෙනෙක් කරලා තියෙන අත් ගොඩක් දාලා ආවුධ වගේ දේවල් අතට දීලා??


    මට මේ රූපේ දැක්කාම මතක් වෙන්නේ මුන්නේශ්වරමේ තියෙන විෂ්ණු දෙවියන්ගේ දස අවතාර සමඟ අඹලා තියෙන පිළිමය

    ReplyDelete
    Replies
    1. අත් වලින් නිරූපනය වන්නේ බෝධිසත්වයන් තුල පවතින ශක්තියයි.
      ආයුධවලින් නිරූපනය වන්නේ බෝධිසත්වරුන් අයුක්තියට අසාධාරනයට එරෙහිවන බවයි.
      මේ හින්දු දේව සංකල්පය නොවේ.
      සෑම දෙයකටම අර්ථයක් ඇත.
      හින්දු දේව සංකල්පය ප්‍රතිශේප කිරීමේදී පෘතග්ජනයන්ගේ හිතේ ඇතිවන අඩුව මකාලීමට බෝධිසත්ව වන්දනාව ආදේශකයක් පමනි.
      අනික ඉන් හානියක් වන්නේද නැත. රහතුන්වහන්සේලා පවා බෝධිසත්වයන් වහන්සේලාට ගරු කල ඇති බව ත්‍රිපිටකය සාක්සි දරයි.

      Delete
    2. සෑම දේටම අර්ථයක් තිබෙනවා කියලා ඔබ කිව්වනේ. මම දැනගන්න කැමතියි මේ විදිහට අත්වලට ආයුධ වගේම එක් එක් මුහුණ එකතු කරලා තියෙන්නේ කුමන පදනම යටතේද කියලා

      Delete
    3. අත් හා මුහුනු තුලින් නිරූපනය කරන්නේ ඔවුන්ගේ ශක්තියයි.
      නිදසුන් ලෙස අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ
      දසිස් රාවන රජු වැන්නවුන් ගත හැක.
      පිලිම/පින්තූර නිර්මානය කරන්නන් ඒ පිලිමය හිමි පුද්ගලයාගේ ශක්තිය තේජස මතුපිට සිට බලන්නෙකුට දැනීමට මෙවැනි දේ යොදාගනී.

      Delete
    4. මම ඇහුවේ මේ එක් එක් මුහුණුවලින් වගේම ආයුධවලින් එන අර්ථයන් ???

      Delete
  2. එක් එක් මුහුනු වලින් නිරූපනය වන්නේ ස්වරූප 8ය.
    අනිත් ආයුධ හා ආභරන දේවිවරුන්ගේ පලිහ,කඩුව,චක්‍රායුදය වැනි අයුක්තියට එරෙහිවන බව මූර්තිමත් කිරීමට යොදාගෙන තිබේ.
    ධර්ම චක්‍රයෙන් ධර්මයද නාගයින්ගෙන් කුන්ඩලීනී ශක්තියේ අවධි කිරීමත් නිරූපනය කෙරේ.
    වැඩි දුර විස්තර වෙනම් ලිපියක් ඉදිරියේදී පල කිරීමට බලාපොරොත්ති වෙමි.
    අවශ්‍යනම් සිරිදම්ම හිමිගේ මෙත් බුදු සිරිත පොත භාවිතා කරන්න.

    ReplyDelete
  3. බෝධිසත්ව වන්දනාව බුදුන් වහන්සේ අනුදැන වදාළ දෙයක්ද ???

    ReplyDelete
    Replies
    1. සුමේධ කතාවල දැක්වෙන අන්දමට(ත්‍රිපිටකයේ) ගෞතම බුදුන්වහන්සේ බෝදිසතව කාලයේ විවරන ගැනීමේදී රහතන වහන්සේලා පවා සමන් මල් උපයෝගීකර ගනිමින් උපහාර දක්වා ඇත.
      බුදුන්වහන්සේ එසේ නිශ්චිතව බෝදිසත්වයන් වහන්සේලාට වදින ලෙස දේශනා කල තැනක් සදහන්ව නැත.
      බෝදිසත්වයන් යනු පාරමී පුරන උතුමන් වහන්සේලාය. ගුනයෙන් යුක්තය. ඒ නිසා ඔවුන් පූජාවන්ට සුදුසු වනවා නේද.
      බෝදිසත්ව වන්දනාව යනු හින්දු දේව වන්දනාව මෙන් පහන් පත්තු කරමින් කරන යාතිකා කිරීම නොව ලෝකෝත්තර ගමනේදී ලෞකිකය සාර්ථක කර ගැනීමට උපකාරයක් හා ආශිර්වාදයක් ලෙස බෝදිසත්ව වන්දනාව කිව හැක.
      දීර්ඝ විස්තරයක් පසුව බලාපොරොත්තු වන්න.

      Delete
    2. සුමේධ තාපසතුමාට රහතන් වහන්සේලා වන්දනා කළේ නැහැනේ. උපහාර දැක්වූවා පමණයි. උපහාර දැක්වීමයි වන්දනා කිරීමයි එකක්ද දෙකක්ද ??

      "බෝදිසත්ව වන්දනාව යනු හින්දු දේව වන්දනාව මෙන් පහන් පත්තු කරමින් කරන යාතිකා කිරීම නොව ලෝකෝත්තර ගමනේදී ලෞකිකය සාර්ථක කර ගැනීමට උපකාරයක් හා ආශිර්වාදයක් "

      බෝධිසත්වයන් වහන්සේලා කොහොමද අපේ ලෞකික ජිවිතය සාර්ථක කරගන්න උපකාර කරන්නේ ??? ඒ කතාවෙන් බෝධිසත්වයන් වහන්සේලාත් හින්දු දෙවිවරුන් ගාණටම දාලා නොවැ. හින්දු දෙවිවරුන්ගෙනුත් පහන් පත්තු කරලා පූජා පවත්වලා ඉල්ලනේ ඒක නෙමේද ???

      Delete
    3. උපහාර දක්වන්නේ කෙසේද?

      හින්දු දෙවියන්ගෙන් ඉල්ලන්නේ ලෞකික සුවය ලබාදීමයි. ඇතැම් විට පලි ගැසීම්/වෛරකීරීම ද ඇතුලුය.
      නමුත් බෝදිසත්ව ආශිර්වාදය ලබාගන්නේ ලෝකෝත්තර මගේ යන්නෙකුය.
      එතන බලාපොරොත්තුවීමක් නැත එතන ඇත්තේ ආධ්‍යාතිමීය බැදීමක් පමනි.

      මේ ගැන සිරිදම්ම හිමිගේ පොත කියෙව්වනම් බොහෝ විස්තර දැන ගැනීමට හැක.

      Delete
    4. ලෝකෝත්තර මාර්ගයේ යන්නෙක්ට බෝධිසත්වයෙක්ගේ ආශිර්වාද අවශ්‍යයද ???

      මොකද බෝධිසත්වයෙක් කියන්නේත් ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන්නෙක් විනා ලෝකෝත්තර මාර්ගයේ ගමන් කර අවසාන වූ අයෙක් නෙමෙයිනේ

      Delete
    5. ඒ වගේමයි මෛත්‍රී බෝසතුන්ගේ ස්වරූප 8 ඔබ තාමත් කිව්වේ නැහැ

      Delete