Monday, January 30, 2012

සංඝ ද? භික්ශු ද?

හාමුදුරු කෙනෙක් දැක්කාම ඔබ කියනවා සංඝ කියලා. ඔබ කොහොමද කියන්නේ උන්වහන්සේ සංඝයා වහන්සේ කෙනෙක් කියලා. ඒ කියන්නේ භික්ශුවක් වූ පමනින් සංඝ වෙන්නැ.
චුල්ලස්සපුර සුත්‍රයේදී බුදුන් වහන්සේ අහනවා සංඝාටියක්(සිවුරක්) පොරෝපුවාම ඔහුතුල තියන කෙලෙස් දුරුවෙලා ඔහු පාරිශුද්දත්වයට පත්වෙනවනම් පොඩි ලමයෙක් ඉපදුනාම ඉස්සෙල්ලාම ඔහුගේ දෙමවුපියන් කල යුතුවන්නේ සංඝාටියක් පොරවන් එක මොකද දෙමවුපියෝ ලමයට ආදරෙයි. දෙමවුපියෝ කැමති දරුවා පාරිශුද්දත්වයට පත්වෙනවට. නමුත් ඔබලා දැකලා තියෙනවද එහෙම සංගාටි පොරවනවා. නැනේ ඒ කියන්නේ සඞඝාටියක් දැරු පමනින් පාරිශුද්දත්වයට පත්වෙන්නැ. ඒ වගෙමයි හිස මුඩු කල පමනින් ශ්‍රමනයෙක් වෙන්නේත් නැ.
අපි බලමු දැන් මොකද්ද භික්ශු හා සංඝයා වහන්සේලා අතර වෙනස.
සංඝ කියන වචනය හොදටම විස්තර කරපු දේශනාවක් තමා කවුරුත දන්න රතන සුත්‍ර දේශනාව.(සුත්ත නිපාතෙ)
රතන සුත්‍රයේ වැඩියෙන්ම සදහන් වන්නේ සංඝයන් වහන්සේලාගේ ගුණ. ඒ කියන්නේ නියම වශයෙන් සංඝ වෙන්න සෝවාන් මාර්ගයවත් දැනගෙන සිටිය යුතුයි. ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ග ඵල අවබෝද කරපු උතුමන්ටයි සංඝයන් වහන්සේලා කියන්නේ. සංඝයාවහන්සේලාගේ ගුණ ඇතුලත් ගාථාවේ මෙය මනාව පෙන්වා ඇත.
"යදිදංචත්තාරී පුරුස යුගානි අට්ටපුරිස පුග්ගලා"
යුගල හතරක් වශයෙන්ද පුදගලයන් අටක් වශයෙන්ද. එනම්
සෝවාන්,සකෘදාගාමී,අනාගාමී,අරහත්. මාර්ග හා ඵල ලාභීන්ය.  සිවුරක් ඇදගෙන සිටියට උන්වහන්සේලා සංඝ වෙන්නැ භික්ශු විතරයි. සංඝයන් වහන්සේලා සිවුරක් දරාගෙන සිටීම අනිවාර්‍යනැ. ඒ කියන්නේ ගිහියන් අතරද සංඝ සිටිය හැක. හොදම උදාහරන තමා අනේ පිඩුසු‍ටුතුමා,විශාකා මහෝපාසිකාව වගේ. ඒ වගේම භික්ශූන් වහන්සේලා අතරද නියම සංඝයන් වහන්සේලාද ඉන්නවා.
දැන් හිතමු වැද්දෙක් ඉන්නවා සෝවාන් වෙච්ච. එවිට ඔහු සංඝද නැද්ද, මම කියනවා ඔහු සංඝ කියලා. මොකද ඔහු සෝවාන් වෙලා. ඒ කියන්නේ පුද්ගලයන් අට දෙනාට (අට්ට පුරිස පුග්ගලා) අයිති.
දැන් බලන්න ප්‍රේත වත්තුව කියවලා එකේ තියෙන සමහර තැන් වල භික්ශූන් ප්‍රේතයෝ උන තැන්. සිවුරක් ඇදගත් සාමනේර ප්‍රේතයා,ප්‍රේතිය කියලා තියෙන්නේ. එතකොට සංඝයා වහන්සේලා අපායේ යාවිද නැද්ද? නැ. සංඝයාවහන්සේලා කවදාවත් අපායේ යන්නැ. මම හිතන්නේ ඔබ දන්නවා සෝවාන් උනාම අපායෙන් මිදෙනවා කියලා, දේශනාවේ තියෙනවා. එත්කොට තේරෙනවා නේද භික්ශුවක් උනපමනින් අපායෙන් මිදෙන්නැ. ඒකියන්නේ භික්ශුවක් උන පමනින් සංඝ වෙන්නැ කියලා. දැන් තේරෙනවා නේද භික්ශුවක් වෙන්න ලේසි ඒත් සංඝවෙන්න ලේසි නැ කියලා. භික්ශුවක් ධර්මය අවබෝදකලාම තමා සංඝ වෙන්නේ. සංඝ කියන කෙනා උපාසක,උපාසිකා,භික්ශු,භික්ශුනී ඕනම කෙනෙක් වෙන්න පුලුවන්. ඒ කියන්නේ මාර්ගඵල ලාභීන්ට තමා සංඝයාවහන්සේලා කියන්නේ. දැන් තේරෙනවද සංඝ කියන වචනේ වටිනාකම. මේ ගැන හොද අවබෝදයක් රතන සුත්‍ර විග්‍රහය කරන විට ලබාගන්න පුලුවන්.

2 comments:

  1. ඉන්දියාවේ සිටිය අන්‍යයන්ගෙන් ලැබෙන භික්ෂාවෙන් [දානයෙන්] ජීවත් වුණු පිරිස භික්ෂූන් කියලා දක්වන්න පුලුවන්. ජෛන මහාවීරගේ ශ්‍රාවකයන්වත් භික්ෂූන් විදිහටයි හඳුන්වන්නේ. හැබැයි ඔවුන් ජෛන භික්ෂූන්.

    බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා බෞද්ධ භික්ෂූන්. ඒ වගේමයි සංඝ කියන වචනය ගත්තත් සමූහය වගේ අර්ථයක් එනවා කියලයි මට නම් හැඟෙන්නේ

    ReplyDelete
    Replies
    1. සමූහය කියන අර්ථයෙනුත් යෙදෙනවා. එය ත්‍රිපිටකයේ නිවැරදිව පැහැදිලි කර ගත යුතුයි.
      අපි සංඝයාගේ ගුන කියා නමස්කාර කරන්නේ මාර්ගඵල ලාභීන්ටයි.
      "යදිදං චත්තාරි පුරිස යුගානි අට්ට පුරිස පුග්ගලා"
      යුගල වශයෙන් 4 පුද්ගලයන් 8
      සෝවාන් මාර්ග හා ඵල
      සකෘදාගාමී මාර්ග හා ඵල
      අනාගාමී මාර්ග හා ඵල
      රහත් මාර්ග හා ඵල
      මාර්ග ඵල ලාභී උතුමන් ගැනයි ඒ සදහන් වන්නේ.

      Delete