Tuesday, January 31, 2012

මැනික් ගලක්!!

හිතන්න පිදුරුතලාගල කන්දටත් වඩා විශාල මැනික් ගලක් තියෙනවා. ඒක බොහොම වටින වර්ගයේ. හැබැයි මිනිස්සු දන්නැ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒක කඩන්නවත් කපන්නවත් හොල්ලන්නවත් මුකුත් කරන්න බෑ. ඉතින් මේ මෝඩ මිනිස්සු කරන්නේ මොකද්ද මේ මැනික ගල බලන්න පවුල් පිටින් චාරිකා යනවා. අම්මේ හරිවටින ඒකක් මේක කියලා අතගාලා, වැදලා, සාදු සාදු කියලා, ඒකේ ගුන ගායනාකියලා, කවි හදලා, ඒකේ පොටෝ අරගෙන ගෙවල්වල ගහගෙන, වැද වැද ඉන්නවා, සමහරු ඒක රකින්න ගෘප් හදනවා, ඒක අනිත් ගල් එක්ක සසදලා බලනවා,ඒක වැන්දාම ලෙඩ හොදවෙනවය යහපතක් වෙනවය කියලා ඒකට පූජා තියනවා. ඒත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න කවුරුත් හදන්නැ.
දැන් ඉන්න සමහරු බුද්ධ දේශනාවටත් කරන්නේ ඕකම නේද?
කවි හදලා ලස්සනට කියකිය, ඔවා අවුස්සන්න යන්න එපා අපායේ යාවි,මේක හොදයි! මේක හොදයි !උදේ හවස කියන්න මන්ත්‍ර කියකිය, අම්මෝ ඒක හරි වටිනවා කියකිය. ඒක රකින්න පෙලපාලි ගිහින්,තාවකාලිකව හිත නිවන පූජා තිය තිය ඉන්නවා විතරයි. සදාතනික වු නිවීම හොයන්න යන්නැ. මේක බොරුද? ඇත්තද?

No comments:

Post a Comment