Tuesday, January 31, 2012

ඇයි භික්ශූන්වහන්සේලා ස්වරුප දෙකක්??

මේ ලෝකේ හැම දේකම දෙකක් තියෙනවා.
දැන් අපි බුදුන්වහන්සේ ගත්තොත් උන්වහන්සේගේ දෙපසින් වැඩ ඉන්නවා සාරිපුත්ත,මොග්ගල්ලාන කියලා රහතන්වහන්සේලා දෙනමක්.
සාරිපුත්ත රහතන් වහන්සේ ගත්තොත් මෘදුයි,මොලොක්,පිංපාටයි,ශාන්තයි. මොග්ගල්ලාන රහතන්වහන්සේ ගත්තොත් තදබලයි,තේජවන්තයි,හොද පෞරශවයක් තියෙනවා.
තව දෙන්නෙක් තමා අවලෝකිතේශ්වර බෝදිසත්වයන් සහ වෛශරවන දෙවියන්.
දැන් තේරුම් ගන්න බුදුන්වහන්සේගේ අගසවු දෙනමගෙත් වෙනස්කම් තිබ්බා. ඒවගේ තමා වර්තමානයේ සිටින භික්ශූන් වහන්සේලාත් එක වගේ නැ. උන්වහන්සේලාත් නිවන් අරමුනු කරගෙන දේශනාව පැවැතුවත් උන්වහන්සේලාගේ දේශනා විලාසයන් වෙනස්. අපිට වැදගත්වන්නේ උන්වහන්සේලාගේ දේශනා විලාසයවත්,කනබොන හැටිවත්,මාර්ග ඵල ලාභීත්වයවත් නෙමේ. උන්වහන්සේලා කරන දේශනා බුදුන්වහන්සේගේ ධර්මයට හා විනයට එකගද, එම දේශනා අනුගමනය කිරීමෙන් නිවන් සාක්ශාත්කරගැනීමට පුලුවන්ද යන්න විතරයි. ඒනිසා මින්පසු දේශනාවකට සවන් දෙනකොට උන්වහන්සේගේ භෞතිකත්වය දෙස නොලබා උන්වහ්න්සේගේ දේශනාව සත්‍යද කියන එක විතරක් බලන්න. උන්වහන්සේගේලාගේ දේශනා භෞතිකත්වය මත පිලිගැනීමෙන් හෝ ප්‍රතික්ශේප කිරීමට නොයන්න. බුද්ධ දේශනාව භෞතිකත්වය මත පදනම් වෙන්නැ. මොකද භෞතිකත්වය බිද්වැටෙනවා. ඒත් සත්‍ය දේශනා එහෙම වෙන්නැ.

2 comments:

  1. "ඒවගේ තමා වර්තමානයේ සිටින භික්ශූන් වහන්සේලාත් එක වගේ නැ. උන්වහන්සේලාත් නිවන් අරමුනු කරගෙන දේශනාව පැවැතුවත් උන්වහන්සේලාගේ දේශනා විලාසයන් වෙනස්. අපිට වැදගත්වන්නේ උන්වහන්සේලාගේ දේශනා විලාසයවත්,කනබොන හැටිවත්,මාර්ග ඵල ලාභීත්වයවත් නෙමේ"

    එතකොට ඒ දේශනාවන් සිදු කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේ දේශනා කොට වදාළ විනය නීතීවලාට අනුකූල නොවුණට කමක් නැද්ද ???

    ReplyDelete
    Replies
    1. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ඒ දේශනා බුදුන්වහන්සේ දේශනා කල ධර්මයට හා විනයට බහා බැලිය යුතුයි.
      පටිච්චසමුප්පාදයට බහා බැලිය යුතුයි.

      සෑම කෙනෙකුගෙන්ම ගත යුත්තක් ඇත ඒ ගත යුත්ත පමනක් ගත යුතුය.

      Delete