Tuesday, January 31, 2012

සැබෑ මිතුරන්!!!(The Real Best Friends)

මම දකින හැටියට මට ඉන්න " මිතුරන් " පිරිස!!!!!!!

(1)ඔබට වෛර කරන්නා ඕබේ කලන මිතුරාය# මක්නිසාද ඔබේ වෛර නොකර සිටීමේ හැකියාව ඔබට මැන දෙන නිසාය.
(2)ඔබට නින්දා කරන්නා ඔබේ කලන මිතුරාය.#මක්නිසාද ඔබේ ඉවසීමේ හැකියාව ඔබට මැන දෙන නිසාය.
(3)ඔබට බොරු කියන්නා ඔබේ කලන මිතුරාය#මක්නිසාද ඔබේ සත්‍යවාදීබව ඔබට මැන දෙන නිසාය.
(4)ඔබේ වැරදි හොයන්නා ඔබේ කලන මිතුරාය#මක්නිසාද ඔබේ වැරදි ඔබට පෙන්නා දෙන නිසාය.
(5)ඔබට බනින්නා ඔබේ කලන මිතුරාය#මක්නිසාද ඔබේ නොගැටීමේ සිටීමේ හැකියාව ඔබට මැන දෙන නිසාය.
(6)ඔබව තරහ ගැන්වීමට උත්සහ කරන්නා ඔබේ කලන මිතුරාය#මක්නිසාද ඔබේ තරහ නොගෙන සිටීමේ හැකියාව ඔබට මැන දෙන නිසාය.
(7)ඔබට ඉරිසියා කරන්නා ඔබේ කලන මිතුරාය.#මක්නිසාද ඔබේ දියුනුවේ මට්ටම මැන දෙන නිසාය.
(8)ඔබට විරුද්දවන්නා ඔබේ කලන මිතුරාය#මක්නිසාද ඔබේ විරුද්ද නොවී සිටීමේ හැකියාව මැන දෙන නිසාය.
  තව මේවගේ මිතුරන් ඕනතරම් සිටියි.
 මේ ලෙස ගත්විට මෙලොව සැමදෙනාම ඉන්නේ අපිට විවිධාකාරයෙන් උපකාර කිරීමටය. ඔවුන් සැම විටම අපිට උපකාර කරයි. පොඩ්ඩක් අවදානයෙන් සිටියොත් ඔබටත් ඒකම තේරේවි. ලෝකයේ මිනිසුන්ව ශ්‍රේශ්ටත්වයට පත්කරන්නේ ඔහුට විරුද්දවන පිරිසයි.
  බුදුන්වහන්සේව ශ්‍රේශ්ටත්වයට පත්කලේ උන්වහන්සේට විරුද්ද වූ පිරිසයි.ජේසු තුමාව ශ්‍රේශ්ටත්වයට පත්කලේ එතුමාට විරුද්ද වූ පිරිසයි. මේ ලෝකයේ සෑම දෙනාටම එය පොදුය. එනිසා ඔබට විරුද්ද වන්නන්ට වෛර නොකර අවෛරයම පතුරන්න.!!!
 

මේ ඇත්තේ පටිසෝතගාමී චින්තනයයි. මෙසේ සිත පුරුදු කල විට ඔබට සතුරෙක් හෝ වෛරකරුවෙක් කියා කෙනෙක් සිටීවිද?

No comments:

Post a Comment