Monday, January 30, 2012

සිරි සමන්ත්‍රබද්ද හිමිට මෙච්චර අකමැති ඇයි?

සමහරු සිරි සමන්ත්‍රබද්ද් හිමියන්ට මෙතරම් අකමැති!!!!!!!
1සින්දු බන (කවි බන) නොකියන නිසාද???
2කිවයුතු දේ කෙලින්ම කියන නිසාද??? , භය නැතුව සත්ය කියන නිසාද???
3බෝදිසත්ව වන්දනාව පුරුදු කර හින්දු දේවාල පන්සල් වලින් අයින් කරන්න හදද්දි ඒවැන් බඩ වියත ‍රැක ගත්ත හොර කපුවන්ට බඩේපාර වදින නිසාද???
4හාමුදුරු වෙසින් ඉන්න හොර බමුනන්ගේ හොර වැඩ රටට එලිකරන නිසාද???
5දේශනා කරන දහම ත්‍රිපිටකේ තිබෙන බව ඔප්පු කරන නිසාද???
6බුදුන් දේශනා කල ආරාම පාලනය උන්වහන්සේ අනුගමනය කරන නිසාද???
7උන්වහන්සේ දේශනා කරන අත් ඇරීම ඔවුන්ට පුරුදු කිරීමට නොහැකි නිසාද???
8උන්වහන්සේ වටා බුද්දිමතුන් යැයි සම්මත ජනයා එක් වෙන බැවින්ද???
9තමා දේශනා කරන දේශනා වැරදිනම් තමා සමග තර්කකර ඒවා විසදාගන්නා ලෙස ආරාධනාකරන නිසාද???
10තමා දේශනා කරන නිසා පිලිනොගන්නා ලෙස උන්වහන්සේම කියන නිසාද???
11දහමේ ගැබුරු තැන් දේශනා කරනවිට ඔබට ඒවා නොතේරන නිසාද???
12සම්ප්‍රදායික මෝඩ වැඩ ප්‍රසිද්දියේ විවේචනය කරන නිසාද???
13සිවුරක් ඇන්ද පමනින් ශුද්ද වන්තයෙකු නොවන බව උන්වහන්සේම පවසන නිසාද???
14නැත්නම් උන්වහන්සේ ගැන බොරු කියන සමහරුන්ගේ ලනු කාලද , ඔබට උන්වහන්සේ ගැන ඉරිසියා හිතෙන නිසාද???
15අනිත් අය වගේ බන කියද්දි ගැනුඅය කොටට අදින හැටි, පවුල් ප්‍රශ්න වගේ ඒවා කියන්නැති නිසාද???
දැන් මේක කියවනකොට ඔයාට හිතුනේ මේවගේ කමෙන්ට්ස් දාන්න නම් ඒවට මේ උත්තර හරිද බලන්න!!!!
1උන්වහන්සේ පිරිමි ලමයි ලගින් තියන් ඉන්නවා කියන එක = භික්ශුන්ට උපාසකයන් , ඇබිත්තියන් ආවතේව නොකර ගැහැනුන් ආවතේව කරන්නද??
2උන්වහන්සේට ගැනු හුටපට තියෙනවා කියන එක = බුදුන්ටත් ඕන තරම් ගැනුන්ගේ නම් පටලවා අපහාස කල බව දන්නැද්ද (සුන්දරී)??
3ටීශට් ඇදගෙන කැලේ යනවා කියන එක = දේශගුනය අනුව වෙනස් නොවී හනමිටි කරේතියාගෙන ඉන්නද කියන්නේ??
4මාලිගා වගේ පන්සල් හදාගෙන ඉන්නවා කියන එක = බුදුන්වහන්සේටත් තිබ්බෙ අතිසුපිරි ආරාම බව දන්නැද්ද??
5බෝදිසත්ව ස0කල්ප පතුරලා මහා යාන ස0කල්ප පතුරනවා කියන එක = අවු 2600 තුල ඔය මහායාන ස0කල්පය මුලින්ව ලෝකෙට කියලා දුන්නේ ගවුතම බුදුන් බව දන්නැද්ද??
6සකෘදාගාමී බව උන්වහන්සේම කියාගන්නවා කියන එක = පින්ඩෝල බාරජ්වාජත් රහත් උනා කියලා එයාම කිව්වාම බුදුන් එය සත්ය බව කිව්වා මිසක් විනය ක්‍රියාමාර්ග ගත්තාද??
7භික්ශු සමාජය විවේචනය කරනවා කියන එක = වැ‍රැද්ද විවේචනය කරන්නැතුව අගයන්නද කියන්නේ??
8බිත්තර මිශ්‍ර ආහාර ගන්නවා කියන එක = ආහාරයෙන් ශුද්දවන්තයෙකු වන්නේ නම් ලොකේ හොදම ශුද්දවන්තයා හිට්ලර් වනබව දන්නවාද??
මේකත් කියවලා ඉවරනම් පල්ලෙහා තියෙන ලින්ක් එකත් හෙමීට අහලා බලලා විතරක් ඔයාගෙ අදහස් දාන්න. හැබැයි තරහ ගිහින් ඒක අහන්නැතුවනම් ඔයාගේ අදහස් දාන්න එපා!!!
 
http://www.ustream.tv/recorded/20077991
 

8 comments:

  1. මේ ලිපියේ අවසානයට පිටිදූවේ සිරිධම්ම හිමියන් කරන අදහස් දැක්වීම ගැන මොකද කියන්නේ ???

    http://www.gossip9.com/2012/02/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. එහි සම්පූර්ණ දේශනයට සවන් දෙන්න.
      බාහිරින් නිගමන වලට නො එලබෙන්න.

      Delete
  2. hasitha, e video eke athi waradda kumakda? kisima waraddak natha. dirawanne nathnam thawa tikak pin , kusal karaganna.

    ReplyDelete
    Replies
    1. @ pasan weeraratne

      දිරවන්නේ නැති වෙන්න මම ඒක අනුභව කරන්න ගියේ නැහැනේ. ඒවගේමයි පින්, කුසල් කරන්න කියපු එකෙන් ඔබ ඒ දෙකේ වෙනස දන්නවාද කියලත් මට සැකයක් ඇති වෙනවා.

      කොහොම නමුත් සිරිධම්ම හිමියන් තමන්ගේ දේශනාව ඉදිරිපත් කරන්න යොදාගන්න ක්‍රම, ප්‍රයෝග යහපත් කියලාද ඔබ කියන්නේ ? දේශනාව ගැන පසෙකින් තබලා ඒ ගැන මට පිළිතුරක් දෙන්න

      Delete
    2. මේයාල හිතාන ඉන්නේ මාර්ග ඵල ලාභීන් කියන්නේ අර ජෛන ශ්‍රාවකයෝ වගේ ලෙඩ හැදිලාවගේ අත පය අකුලන් ඉන්න අය කියලද?

      වසල භාශාවෙන් කතාකරපු රහතන්වහන්සේලා, ඇදුම් නැතුව නාපු රහතුන්, වහල ගලවගෙන ගිය බුදුවරු, වැද්දෝ එක්ක හොරෙන් පැනලා ගිය සෝතපන්නයෝ ගැන හොයලා බලන්න.

      Delete
    3. "මේයාල හිතාන ඉන්නේ මාර්ග ඵල ලාභීන් කියන්නේ අර ජෛන ශ්‍රාවකයෝ වගේ ලෙඩ හැදිලාවගේ අත පය අකුලන් ඉන්න අය කියලද"

      අයියෝ මම නම් එහෙම හිතුවේ නැහැ

      "වසල භාශාවෙන් කතාකරපු රහතන්වහන්සේලා, ඇදුම් නැතුව නාපු රහතුන්, වහල ගලවගෙන ගිය බුදුවරු, වැද්දෝ එක්ක හොරෙන් පැනලා ගිය සෝතපන්නයෝ"

      මම කිව්වේ ක්‍රියාවන් ගැන නෙමේ ධර්ම දේශනා විලාශය සහ තමන් භාවිතා කළා කියලා සිරිධම්ම හිමියෝ කියන ප්‍රයෝග ගැන.

      Delete
  3. මේ වගේ වටිනා බ්ලොග් එකක මේ වගේ කෙනෙක් ගැන දැම්මේ ඇයි. මම මාර්ග පල ලාශියෙක්..... එන්න මගෙත් එක්ක ප්‍රසිද්ධ විවාදෙකට... කියලා සංඝයා වහන්සේලාට අපහාස කරන මොහු හුදු මානසික රෝගියෙකි. බුදුන් වහන්සේගේ කාලයේ වෙනත් ආගමික ශාස්තෲන් වහන්සේ කෙනෙකුටවත් බුදු හිමි මෙසේ අඩගසා ඇද්ද. මොහු මානසික රෝගියෙකි. මොහුගෙන් ධර්මය ඇසීමටවත් මොහු සමඟ වාද විවාද කිරීමටවත් බුද්ධිමත් කිසිවෙක් සූදානම් නැත. හේතුව වන්නේ මොහු වාදවලට කැඳවීමට පෙර මානසික වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රථිකාර කිරීමයි කළ යුතු වන්නේ. බුද්ධිමත් බෞද්ධයිනි, මෙවන් සසුන වනසන සාපරාධී ක්‍රියාවන්වලට එක් වචනයකින්ව්ත් දායක නොවන්න. බෞද්ධයා යනු බුද්ධිමතාය. බෞද්ධ ආගමක් නැත. එය දර්ශනයකි. මිහිපිට ඇති සත්‍ය පෙන්වා දීමකි. වෙනත් ආම්වල මෙන් ශුද්ධවූ දේවල් බෞද්ධ ධර්ශනයේ නැත. එන්න.. ඇවිත් බලන්න යනුවෙන් ආරාධරා කරන්නේ ඒ නිසාවෙනි.

    ReplyDelete