Saturday, December 8, 2012

යුගයක නිමාව

ලෝක විනාසය කියන්නේ මේ දවස්වල වැඩියෙන්ම කථාකරන මාතෘකාව වෙලා. කොහේ ගියත්,කවුරු එක්ක කතාකරත් අගට ලෝක විනාසේ ගැන කථාකරන්න අමතක වෙන්නෑ. ඇත්තටම මේ 21 වෙන්නේ මොකද්ද කියලා දැනගන්න හැමෝම කැමති. ඒ නිසා එහෙන් මෙහෙන් එකතු කරගත්ත දේවල් සාරංශ කරලා ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා බලමු.

දෙසැම්බර් 21 ලෝක විනාසේ කථාව ලෝකය පුරා ජනප්‍රිය වෙන්නේ බටහිරයන් විසින් ඒ සදහා දෙන ප්‍රචාරනයත් සමගයි. චිත්‍රපටි නිර්මානකරණයේ ප්‍රචාරණය සදහා ඔවුන්ට පෙර නොවූ විරූ අන්දමේ ආකර්ශණයක් හිමිකර ගැනීමට මාය නැමැති ශිෂ්ඨාචාරයේ කැලැන්ඩරයේ අවසන් වීම බොහෝ සේ හේතු වූ බව පෙනේ. කැලැන්ඩරයක අවසානයක් අලලා පූර්ණ ප්‍රචාරනයන් සිදුකරන ඔවුන්ට ආදායම් වාර්ථා ඉක්මවා ගිය ඉල්ලුමක් හිමිවන්නේ එය හුදු ප්‍රචාරණයකට වඩා ගුප්තමය දෙයක් එහි තිබූ නිසා විය හැක. සැබවින්ම එය ගුප්ත දෙයක් බවට පෙරලා ගත්තේ බටහිර ව්‍යාපාරිකයන් මිස වෙන කිසිවෙකු නොවේ. මිනිසුන් මේවාට ‍රැව‍ටුණු නිසා දෙසැම්බර් මාසයේ ලෝක විනාසයක් වන බවට රාවයක් පැතිර ගියා. එයට හවුල්වුන මාධ්‍යයන්ද ඒය සිදු වේද නොවේද යන්න විමසීමට වැඩසටහන් පවත්වා තම තමන්ගේ චැනල් සදහාද හොද ජනතා ආකර්ශනයක් ලබාගත්තා. ඒ අතර සැගවී සිටි තාරකා විද්‍යාගවේෂකයන්,ජෛතිශ්‍ය වෙදීන්, අනාවැකි කියන්නන්ද සම්බන්ධ උනා. මායාවරුන්ගේ මේ කැලැන්ඩරය නිසා බොහෝ දෙනකු තමතමන්ගේ මඩි තර ගනිමින් ලෝක විනාසයක් සිදු නොවන බව පරසක්වලේ ගසා දිවුරා කියා සිටියා. දැන් ටික ටික ඒ දවස් වලට ලංවෙමින් තිබේ. ඒ අතර පිලිගත හැකි බලපෑමකින් යුතු ස්බාවික විපත් දෙකක් ලෝකයේ සිදු විය. එමෙන්ම ලංකාවේද ප්‍රදේශ කීපයක් පසුගිය දිනක සෙලවුනු බවක් දැනගන්නට ලැබින. මේ සියල්ල සිදුවන අතරතුරේ අත්භූත එලිත් රට වටේ කැරකෙන්නට විය. මේ සියල්ල සිදුවන්නේ ලෝකවිනාසය සිදුවන්නට දැයි දැන් දැන් සෑම දෙනාටම පෙර නොතිබූ සැකයක් ඇති වනවා නො අනුමානය. සැබවින්ම මේ සිදුවන්නේ කුමක්ද?
මුලින්ම කිවයුතු දෙයනම් ලෝක විනාසය සිදු නොවේ.එනම් සියලු ජීවීන් හා පෘතුවියේ සම්පූර්ණ විනාසයක් මේ කාලයේ සිදුවන්නේ නැත. එසේනම් සිදුවන්නේ කුමක්ද?
 සැබවින්ම සිදුවන්නේ යුගයක නිමාවකි. ඒ යුගය කුමක්දැයි කිවහොත් ඒ යුගය කෙලෙස් යුගයයි.

මිනිසුන් අනාදිමත් කාලයක සිට රාග,ද්වේශ,මෝහයෙන් කටයුතු කල නිසා විශ්වයට නිකුත් වූයේ කලු කිරණයි. එනම් අපිරිසිදු කිරණයි. මේ නිසා විශ්වය අපිරිසිදු විය. තවමත් සිදුවන්නේ එයයි. යම් පුද්ගලයෙක් රාග,ද්වේශ මෝහයෙන් කටයුතු කරණ විට විශ්වය අපිරිසිදු වෙනවා සේම එහි සීමාවකුද තිබිය යුතුය. විශ්වය අපිරිසිදු වීමේ සීමාව පැන්න පසු නැවත එය පිරිසුදු තත්වයට පත් කල යුතුය. මෙතෙක් කාලයක් සංවර්ධනය නිසා සිදු වූයේ විශ්වය අපිරිසිදු වීමය. එසේනම් පිරිසිදු කරන කාලයත් පැමිණිය යුතුය. දැන් ඒ පිරිසිදු කිරීම ආරම්භ කිරීමට පටන් ගැනීමට සූදානම්ය. දෙසැම්බර් 12 සිට 21 දක්වාත් ඉන්පසු වසරක් හෝ ඊට වැඩි කාලයක් දක්වාත් මේ පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය පැවතිය හැක. කලු කිරණ නිසා කම්පනයට පත්වූ ආපෝ ,තේජෝ ,වායෝ, පඨවි ධාතූන්ගේ ක්‍රියාකාරීත්වය ඒ වකවානුවේ ඉහලින්ම තිබෙනු ඇත. ඒ නිසා ඉදිරියට විය හැකි දේ ගැන විමසා බැලිය යුතුමය.

මේ සිදුවන ක්‍රියාවලිය පිලිබද වූ විස්තරයක් අපට පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගෙන් පැහැදිලිව අසන්නට ලැබේ. උන්වහන්සේ මේ විස්තර ප්‍රකාශ කරන්නේ මීට වසර 5කටත් පෙර සිට බව වාර්ථාවේ.  කල්ප විනාසය ගැන උන්වහන්සේ විසින් මැතකදී කරන ලද දේශනාවකටද සවන් දී වැඩි විස්තර දැනගත හැක.  
siridhammalankara thero
 මෑතකදී කරන ලද දේශනය.

මේ කාලයේ සිදුවිය හැකි තත්වයන් පිලිබද බොහෝ දෙනා මත ඵල කර ඇත. ඒ කරුණු සියල්ල එකතු කර විමසා බැලූ විට මේ පිලිබද පැහැදිලි නිගමනයකට එලඹිය හැක. මේ අතර කාලි මැණියන් හා සම්බන්ධ පුවතකුත් මේ අතර අපට සොයාගත හැකි විය. ඒ මව්බිම පුවත් පතෙනි. එය කියවීමට Durga

මෙහි දැක්වෙන්නේ අමාවක පොහෝ දිනයක් පිලිබද විස්තරයකි. මේ අනුව බලන කල දෙසැම්බර් මස මාසේ පොහොය නොහොත් අමාවක දිනය යෙදී ඇත්තේද 12 වෙනි දිනටය. එයද අපූර්වතම ගැලපීමකට වූ දෙයක්දැයි විමසීම වටී.

මේ කාල සීමාවේ මෙසේ ව්‍යපර්යාස සිදුවන්නේ දීර්ඝකාලයක් භාවනායෝගීව වැඩ සිට දැනට වසර දෙකක පමණ් කාලයක පටන් උග්‍ර තේජෝ ධ්‍යානයට සමවැදී සිටින මිහිදු බෝධිසත්වයන්ගේ පහල වීම හේතුවෙන් යන කරුණ මේ අතරින් විශේෂ තැනක් ගනී. මන්ද යත් මේ විනාස කාලය තුලදී හා ඊට පසුව සිදුවන අනාවැකි ගැන කියූ පුද්ගලයන් අරහතුන්වහන්සේලාගේ පහල වීමක්, බෝධිසත්වවරුන්ගේ පහල වීමක් පිලිබද සදහන් කර තිබේ. එනම් මේ කාලයෙන් පසුව විශේෂ පුද්ගලයන් ගේ පහල වීමක් සෑම අනාවැකියකම වාර්ථාවිය. සම්මතයෙන් දෙවියන් යැයි ඇදහුවද නොදැනීමෙන් හෝ මෙතෙක් කල් වන්දනා කර තිබෙන්නේ මිත්‍යාදෘස්ඨික මනුශ්‍යයන් පිරිසකටය. ඒ අමනුශ්‍යයන්ගේ බලපෑම නිසා මෙතෙක් කල මිනිසුන් මිත්‍යාදෘශ්ඨියට ඇද වැටී තිබූ බව පැහැදිලිය. එසේම මේ වකවානුව වන විට එම මිත්‍යා දෘශ්ඨිය දෙවියන්ගේ බලය අඩුවෙමින් පවතින බව කිවයුතුය. ඉදිරි විනාශ කාලයෙන් මිදීමට බුද්ධ ශක්තියට අනුගත වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන අතර ඒ සදහා ආධ්‍යාත්මික ශක්තිය ගැබ්වී ඇති රිටිගල විශේෂ තැනක් ලෙස හදුනාගෙන ඇත.  එහි ගැබ්වී ඇති ශක්තිය මිහිදු බෝධිසත්වයන් අවධිකර හැකි අතර එම ආධ්‍යාත්මික ශක්තිය හරහා ඉදිරි විනාශකාරී බවින් ආරක්ශාවීමට හැකි බව පෙන්වා දෙයි. විශේෂම දෙය වන්නේ පස් පවින් වැලකීම අනිවාර්ය දෙයක් බව මෙහිදී පෙන්වා දීමයි.

මේ වකවානුවේ සිදුවන දේ පිලිබද තවත් අනාවැකියක් පිලිබද වාර්ථා වේ. ඒ ලොව අති සාර්ථකම අනවැකි කරුවා වන නොස්ටර්ඩෑම්ස්ගෙනි. ඔහුගේ අනාවැකිවල සාර්ථකත්වය හා ඉදිරියට ඵල කල අනාවැකිය දැනගැනීමට Nostradrams


මේ අතර මීට පෙර පල වූ "කල්ප විනාසයට පෙර" ලිපියේද මේ සිදුවන විනාශකාරී කාලය පිලිබද පැහැදිලි විස්තරයක් සදහන් විය. මේ සියලු කරුණු සලකා බැලූ විට අපට යම් යම් සමානතාවයන් දැකගත හැක. දෙසැම්බර් 12 පටන් ගෙන 21 දක්වාත් ඊටපසුවත් පවතින කාලයේ භූමිකම්පා,සුනාමි, සුළිසුලං, නායයාම්, අධික හිමපතන සිදු විය හැක. එමෙන්ම නොසිතූ විරූ අන්දමේ ලෙඩ රෝග පැතිරීමේ අවධානයම් තිබෙන අතර ලෝකය පුරා නියග කාලයක් හෝ ආහාර හිගයක් පැමිනීමේ අවධානම ඉතාමත් වැඩිය. පිරිසිදු ජලයේ හිගකම , වැනි හේතූන් නිසා දැනට ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අඩු විය හැක. කල්ප විනාසයක් එසේ නැතිනම් කෙලෙස් යුගයේ නිමාව නිසා පව්කාර මිනිසුන් ඉවත් වීමක් සිදුවිය යුතුමය. ඒ ඉවත් වීම ස්බාවික විපත් හරහා සිදුවිය හැක. එක්තරා වනවාසී හිමිනමක් පවසා ඇති අන්දමට මිනිසුන් හත් දෙනෙක් ගත් කල මේ සත්‍යතාව එක් අයෙක් පිලිගන්නා අතර දෙදෙනෙකු විනාශ කාරීත්වය ලංවී පිලිගනී. එහෙත් හතර දෙනෙකුම විනාශ වේ. මෙය සිදු විය හැකි දෙයක් දැයි විමසා බැලිය යුතුය. මිනිසුන් විශ්වයට කලු කිරණ නිකුත් කර විශ්වය අපිරිසිදු කිරීම ඒ අයට දිට්ඨධම්ම වේදනීය වශයෙන් පැමිනෙනු ඇත. බොහෝ මිනිසුන් රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් කටයුතු කර තමා මෙන්ම භාහිරයද විනාශ කරන බව සත්‍යයකි. ඒ නිසා එවැනි දෙයක් සිදුවීමේ සම්බාවිතාවය ඉතාමත් වැඩිය.

තවත් පලවූ අනාවැකියක් වන්නේ සන්නිවේදය හා ගමනාගමනය ඇන හිටීමයි. සන්නිවේදය යනු තාක්ශන්නයි. මිනිසුන් තාක්ශණ නිසා ස්බාදහමට කල විනාශයන් අපමනය. සන්නිවේදන මාර්ග ඇන හිටීමටනම් සූර්යාගේ බලපෑම මත සිදුවන සූර්ය කුණා‍ටුවක් වැනි දෙයක් හේතු විය හැක. චුම්භක ක්ෂේත්‍රයේ වෙනස් වීමකුද ඒ සදහා බලපෑම් කල හැක. එනමුදු වැඩි සම්භාවිතාවක් පවතින්නේ සූර්යා පදනම් කරගෙන සිදුවන විනාශයකට බව පෙනේ. සන්නිවේදන මාර්ග එනම් අන්තර්ජාලය,දුරකථන මාර්ග ඇන හිටිය හොත් ජාත්‍යන්තර ගමනාගමනය එනම් ගුවන් යානා,නැව් සදහා බලපෑමක් වනු නියතය.මිනිසුන් තාක්ශණයෙන් සන්නනද්ධ වීම යනු සංවර්ධනයයි. එනම් රාග, ද්වේශ, මෝහ එකතු කරගැනීම් වැඩි වීමයි. කෙලෙස් යුගයක් අවසන් වීමටනම් මේ තාක්ශණය පිරිහීමක් සිදුවිය යුතුය. එය එසේ සිදුවෙන බවට අනාවැකි ඵල වී ඇති අතර එය සිදු වුවහොත් මේ කියූ දේ සත්‍ය බව සනාථ කිරීමට නැවත අන්තර්ජාලය හා එක් වීමට අවස්ථාවක් නැති වනු ඇත.


මේ අතර රතු වැසි, අහසේ අත්භූත ආලෝකයන් වාර්ථා විමක් වේ. රතු වැස්සේන් ට‍්‍රැකොලෙලොමොනාස් නමැති ක්ෂුද්‍ර ජීවි විශේෂයක් හදුනාගත් බව  බි‍්‍රතාන්‍ය බකිංහැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක තාරකා භෞතික විද්‍යාඥ විද්‍යා ජෝති මහාචාර්ය නලින් චන්ද්‍රා වික‍්‍රමසිංහ පසුගිය දිනක ප්‍රකාශ කර තිබුනා. මෙම රතු වැස්සේ සිටි ක්ෂුද්‍ර ජීවීන් මගින් මිනිසුන්ට කිසිදු අහිතකරමය බලපෑමක් එල්ල නොකරන නමුත් මිනිසුන්ට අහිතකර බලපෑම් එල්ලකරන ක්ෂුද්‍ර ජීවීන්ටද මෙලෙස මෙලොවට ඇතුළුවීමට හැකියාවක් ඇති බවද හෙතෙම පෙන්වා දෙයි. ඒ අතර හදුනානොගත් ආලෝකයන් පිලිබදවද වාර්ථා වේ. මේ ආලොකයන් කුමක් විය හැකිදැයි තවමත් නිෂ්චිත නිගමනයකට එලඹී නැත. මේ සියල්ල වාර්ථා වන්නේ කල්ප විනාසයක් පිලිබද අනාවැකි ඵල වෙන යුගයක වීම තවත් වැදගත් කරුණකි.

මේ අතර දෙව්ලොවෙනුත් විවිධ පණිවිඩ ලැබේ. වසර ගනන නිවැරදිව පැවසිය නොහැකි වුවත් දලවශයෙන් මීට වසර 6කට පමණ පෙර සිට නාථ දේවතනතුරේ සිට ඇත්තේ මිත්‍යාදෘශ්ඨික දෙවිකෙනෙකි. එනමුදු වර්ථමානයේ එම දේව තනතුර මෛත්‍රීය බෝධිසත්වයන්වහන්සේට හෙවත් ස්වේත කේතු දෙවියන්ට හිමිවී ඇති බව වාර්ථාවේ. ඒ අතර මේතාක් කාලයක් හෙලදිව සිටි මිත්‍යාදෘශ්ඨික දෙවියන්ගේ බලය අඩුවීමක් වාර්ථාවන අතර සම්‍යදෘශ්ඨික දෙවියන්ගේ පැමිණීමක් ගැන කියවේ.කිසියම් වූ ධර්මතාවයක් මගින් හෙලදිවට යම් නියෝජිතයන් පිරිසක් පැමින ඇති අතර ඔවුන් තම තමන්ගේ රාජකාරීන් මේ වනවිට අවසන් කර තිබෙන අතර එහි අවසාන ප්‍රතිඵල ලැබීමට කාලය එලඹී ඇත. මේ නියෝජිතයන්ගේ ක්‍රියාකලාපයන් නිසා මෙතෙක් මිනිසුන් රවටාගෙන වැදීම්, පිදීම්, යැදීම් ලබමින් සිටි දේව වේශයෙන් සිටින මිත්‍යාදෘශ්ඨික අමනුශ්‍යයන්(මාර පාක්ශික බලවේග) බොහෝ කිපීමට පත්වී ඇති අතර පෙරකී නියෝජිතයන් විනාශ කිරීමට ඔවුන් නොයෙක් උත්සහයන් ගන්නා බව වාර්ථාවේ. එනමුදු "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" බුදු වදන මත ඔවුන්ගේ ඒ දුර්වල උත්සහයන් ව්‍යර්ථ වී ඇත. මෙතෙක් කල් තම බලය පතුරවාගෙන මිනිසුන් යටත් කරගෙන සිටි විශ්ණු වැනි මිත්‍යාදෘශ්ඨික අමනුශ්‍යයන්ගේ බලය අඩු වීමත් සමග ආරූඪ වීම් වැනි දේවාල කඩවලින්ද නිසි ප්‍රයෝජන ගත නොහැකි අන්දමට කටයුතු වී ඇත. සුදු කිරණ විශ්වයට නිකුත් වූ මුන්නේශ්වරම් වැනි පුදබිම් බිලි පූජා සදහා යොදාගෙන තිබූ මේ අමනුශ්‍යයන්ට තව දුරටත් ඒවා පවත්වාගෙන යාමට නොහැකි වීම නිසා අෂ්ඨඵල බෝධීන්වහන්සේලා වැඩ සිටින පුද බිම් වලින් සුදු කිරණ නිකුත් වීමේ අවකාශය උදා වෙමින් පවතී. මේ කිසිදු භෞතික සනාථ කිරීමක් පෙන්වා දිය නොහැකි අපට නොපෙනෙන ලෝකයෙන් වාර්ථාවන සිදුවීම්ය.

මේ වකවානුවේ ස්බාවික විපත් බොහෝ සේ වැඩි වීමට ඉඩකඩ ඇති අතර ඒයට ප්‍රධාන හේතුව වන්නේ ඉදිරි යුගය සදහා අවශ්‍ය පුද්ගලයන් පමනක් ඉතිරිකිරීම විය හැක. ඒ අනුව බලන කල ඉතිරිවිය හැක්කේ කොටස් දෙකක් පමණි. එක් කණ්ඩායමක් ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී එනම් ධර්මයේ හැසිරෙන කොටසයි. අනිත් කොටසනම් පෙර පින් ඇති කොටසයි. සරළව කිවහොත් යහපත් මිනිසුන් පමණි. මේ විනාස කාලය වසරක් හෝ ඊට වැඩියෙන් හෝ අඩුවෙන් තිබී 2015 වන විට ලෝකය ඉතාමත් සාමකාමී ප්‍රදේශයක් බවට පත්වන බව බොහෝ අනාවැකි වල සදහන් වේ. ඒ අතරම යුරෝපයේ විනාසයක්ද, බටහිරයන්ගේ දුර්වල වීමක්ද සිදුවිය හැකි අතර හෙලදිව ප්‍රමුඛ ආසියාවේ පිබිදීමක් විය හැක. දේශීය වෙදකම වැනි ශ්‍රාස්ත්‍රයන්ට වැඩි තැනක් මේ කාලයේ හිමිවන අතර රාවණාගේ පිඹිදීමක් පිලිබදවද වාර්ථාවේ.

මේකාලයෙන් පසුව හා මේ කාලයේදී අරහතුන්වහන්සේලා, බෝධිසත්වයන් වහන්සේලාගේ පහල වීමක් අපේක්ශාකරණ අත බුද්ධ ශක්තියේ මතුවීමත් සමග බොහෝ දෙනාට නිබ්බානය අත්කරගැනීමට අවස්ථාව හිමිවේ. ඒ නිසාම මේ කාලය ගෝතම බුද්ධ සාසනයේ දෙවන පිබිදීම ලෙස හදුන්වයි. ඊට පෙර කාලය විනාශකාරී කාලයක් වන නිසා එයින් මුදීමට හැකි පමණ යහපත් සිතුවිලි අරමුණු කරගෙන විශ්වයට හා සමස්ත ජීවී වර්ගයාව සුදු කිරණ නිකුත් කර මෙත් පැතිරවීමක් සිදුකල යුතු වේ.
ඒ සදහා ආර්ය මෛත්‍රීය වඩාත් උපකාර වනු ඇත. 

  •  මමද, සියලු ලෝක වල සිටින සියලු සත්වයෝ (සියලු චන්ද රාගයෙන් සැරිසරන්නෝ) , සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා !.. සියලු ලෝක වල චන්දරාගයෙන් සැරිසරන සියල්ලෝ, සතර අපා දුකද ඇතුළුව, පැවැත්මෙහි ඇති සියලු දුකින් මිදෙත්වා !
(මෙහි අර්ථය නම් සෝවාන් ඵලයෙන් ලබන නිදහස, නිවීම, සැනසීම, .. චන්ද රාගයෙන් සැරිසරන එම සියලු සත්වයන්ටද අත් වේවා !.. යන්නයි. සෝවාන් ඵල ලාභියා සදහටම සතර අපායෙන් නිදහස් .. එම නිසා ඔහු විදින්න තියෙන මහා දුක් ගොන්නකින් සදහටම නිදහස්වෙනවා. සියලු සත්වයෝත් අන්න ඒ මහා දුකින් මිදිලා සෝවාන් ඵලයට පැමිණෙත්වා !.. එම දුක් වලින් මිදී යාමේ නිදහස අත්විදිත්වා ! ... යන්න එහි අර්ථයයි.
මේ අත්භවයේ විදින දුක් පමණක් නොව,පෘතග්ජන තත්වයෙන් අනන්ත අප්‍රමාණ කාලයක් ඉදිරියටත් විදින්නට සිදු වන සියලු දුක් ගැන මෙනෙහි කර, ඒ දුකින් මිදෙන්නට නම්, සත්‍යය දකිත්වා, යථාවභෝදයක් ලබත්වා යන යහපත් පැතුම, චිත්ත ශක්තිය මතු කර ගැනීමයි.)

  •   මමද, චන්දරාගයෙන් සැරිසරන සියලු ලෝක වල සියලු සත්වයෝ, සකදාගාමී ඵලයෙන් නීරොගී වෙත්වා !
(සකදාගාමී ඵලයෙන් ලබන සුවය නම් කාම රෝග, පටිඝ, ව්‍යාපාද,.. ඇතුළු සියලු රෝගයන්ගෙන් වෙන්වීම නිසා ලබන සුවයයි. චන්දරාගයෙන් මත්වී මුලාවී, නොදැන සැරිසරන සියලු ලෝක සත්වයන්ටද එම සුවය අත් වේවා !.., එම සුවය අත් විදීමට මග සැලසේවා !... යන ප්‍රාර්ථනයයි.)  
  •  මමද, සියලු ලෝක වල චන්දරාගයෙන් සැරිසරන සියල්ලෝ, අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා !..
(මා මෙන්ම සියලු ලෝක වල චන්දරාගයෙන් සැරිසරන සියලු සත්වයන්ට, පංච ඉන්ද්‍රිය සන්තර්පනයෙන් ලබන විඩාව නොව, අනාගාමී ඵලයට පත්ව ලැබිය හැකි "නිරාමිස සුවය" ලැබීමෙන්ම සුවපත් වෙත්වා !.. ඒ නිරාමිස සුවය සියලු සත්වයෝම අත් විදිත්වා !.. යන්නයි.)
  •   මමද, සියලු ලෝක වල සියලූම සත්වයෝ, අරිහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා !..
(උපතක් ලබමින් සිටින තාක් කල් දුකින් මිදීමට නොහැකි බැවින්, ඉපදීම් අවසන් කර සියලු දුකින් මිදී නිදහස් විය හැකි අරිහත් තත්වයට පත්වීමට සියලූම සත්වයන්ට හැකි වෙත්වා !.. යන පැතුමයි.)  
  •  මමද, සියලු ලෝක වල සියලු සත්වයෝ, නිවන් සුවයෙන් සුවපත් වෙත්වා !..
(මේ සියලු මාර්ගඵලයන්ට පත්වී, සියලු සත්වයෝම අතහැර මිදී, නිදහස, විමුක්තිය, නිවීම අත් දකීවා !.. අත් විදීවා !.. නිදහස් නිවන් සුවයට පත් වේවා !!! යන ප්‍රර්ථනාවයි)

කලු කිරණ නිකුත් කලවිට ඒයට විපාක හිමිවන්නා සේම මෙලෙස සුදු කිරණ නිකුත් කල විට ඒ ඵලවිපාකද දිට්ඨධම්ම වේදනීය වශයෙන් ලැබෙනු ඇත.

මේ සියල්ල ජෛතිශ්‍ය අනුව බැලූ කල 2012 දෙසැම්බර් 21 වෙනිදා විශ්ව කෙන්ද්‍රයට සාපේක්ශව පවතින ග්‍රහ තත්වය මෙසේ දක්විය හැක.
මෙහිදී අගහරු උච්චවද සෙනසුරුද උච්චව සිටී. විශ්ව කේන්ද්‍රයෙහි ලග්නාධිපතියා වූ කුජද රුචක යෝගය උදාකරමින් සිටී. කුජ සිටිනුයේ මකර රාශියේ මකර නවාංශකයේ වර්ගෝත්තම රවිගේ නැකතකය.ඒ තම මිත්‍රයාගේ නැකතයි. සෙනසුරුනම් අවිචාරවත් වූ රාහුගේ නැකතේ සිටී.සෙනසුරු සිටිනුයේ රාශියෙන් උච්චව නවාංශකයෙන් ස්වක්ෂේත්‍රව ඉතා බලවත් ආකාරයෙන් නිසා දරණු ලෝක විනාසයක් ඇති විය නොහැකි අතර එහෙත් ග්‍රහ ගමනට සාපේක්ශව ලෝකයෙහි ජනතාවගේ ආකල්පමය වෙනසක් නැතහොත් පවතින ආකල්පයන්හි විනාශයක් විය හැකි බව ප්‍රවීන ජෛතිශ්‍යවේදී ජී.ඇම්. ගුණපාල මහතා පවසයි.
ලෝක ගෝලයේ විපර්යාසයක් විය හැකි අතර මුහුද ගොඩ ගැලීන්, කදු පිපිරීම්, නායයාම්ද වාතය, ගින්න, ජලය වැනි දේවල් නිසා මිනිස් ජීවිත හානිවන අතර වැඩිපුර ගින්නද,ජලයද,වාතයද ඇතිව ඉතා එය දරාගැනීමේ ශක්තිය හීන අයගේ ජීවිත නැතිවීම දැනටමත් සිදුවන බව ප්‍රවීන ජෛතිශ්‍යවේදී පියසේය රතුවිතාන මහතාගේ අදහසයි.
 

ප්‍රවීණ ජෛතිශ්‍යවේදී අතුල මංචනායක මහතා පවසන්නේ මෙවැන් වූ මතයකි.
"ජෛතිශ්‍ය ඇසින් බැලූවිට එක රාශියක් තුල ග්‍රහයන් කීපයක් සිටී. එහෙත් එයින් ලෝක විනාසයක් සිදුවනවා යැයි පැවසිය නොහැක. මෙය 21 වැනිදාම සිදුවනවා යැයි පිලිගත නොහැක. මීට හේතුව නම් දැනුදුපවා යම් යම් ආකාරයේ සුලි සුලං, නාය යෑම්, කදු පිපිරීම් , තද වැසි වැනි තත්වයන් ඇති වී තිබේ. මෙය එක් දිනක සිදුවන්නක් නොව ක්‍රියාවලියක් ලෙස හදුනවන්න පුලුවනි. කලින් වසරවල්වලට වඩා යම් වෙනසක් සිදුවෙනවා. මෙය සූර්යාගේ වෙනස්වීමක් ලෙස හදුන්වන්න පුලුවනි. න්‍යෂ්ටික ක්‍රියාවලියන් වී සූර්ය විපර්යාසයන් මේ වන විටත් ඇති වෙමින් පවතිනවා. මෙය විද්‍යාත්මක ඇසින් දැකිය හැකි කාර්යයක්. සූර්යයා මත කොටස් බිදීමක් සිදුවන අතර පෘතුවියේ වායුගෝලයේද අයන ප්‍රතිශතය ද වෙනස් වෙමින් පවතිනවා. ප්‍රෝටෝන,නියුටෝන,ඉලෙක්ට්‍රෝන වැනි පරමාණුක අංශු වායිගෝලයේ වැඩිපුර එකතු වෙමින් පවතිනවා. මේ හේතුන් නිසා ඇතැම් පක්ශීන්ට අතරමං වීමටද සිදුවිය හැකිය.උන්ට තම මග සොයා ගැනීමට අපහසුවෙනවා. 2012-12-21 වන විටද ඉන්පසුද සුලි
සුලං, මුහුද ගොඩ ගැලීම් වැනි විපත් වීමට හැකියාව තිබෙනවා. ජනගහනයෙන් විශාල කොටසකට හානි වීමටද පුලුවන. සූර්යාගේ විකිරණ බලවේග බිදීමෙන් සමතුලිතතා චක්‍ර බිදීමෙන්ද වායුගෝලයේ තිබිය යුතු අයන ප්‍රතිශතය වෙනස්වීමෙන්ද එය පෘතුවියට අහිතකර තත්වයක් ඇති කරන්නට පුලුවනි. දැනට ද මෙවැනි තත්වයක් සිදුවෙමින් පවතින බව විද්‍යාත්මක පර්යේෂණවලින් පැහැදිලි වී තිබෙනවා. එහෙත් ධාර්මිකව ජීවත් වී තම කරන නරක ක්‍රියාවලින් වැලකී සිටීමෙන් විය හැකි හානි බොහෝ දුරට අඩු කර ගැනීමේ හැකියාවක් පවතිනවා."

NASA ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඤ සරත් ගුණපාල මහතා හා තවත් ප්‍රවීණ ජෛතිශවේදීන් දෙදෙනෙකු විසින් සිරස වැඩසටහනේදී මේ පිලිබද මනා විස්තරයක් සිදු කරනු ලබයි. මෙහිදී කිවයුතු වැදගත් කරුන නම් සරත් ගුණපාල මහතා ප්‍රකාශ කර විස්තරය මීට බොහෝ කලකට පෙර පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් දේශනාකර තිබීමය. සිරසේ වැඩ සටහන සවන් දීමට,(කොටස් හතරකි) 
 part (2)
 part (3)
 part (4)
තවද බොහෝ අනාවැකි ඵල කරන්නන් විසින් පවසන අන්දමට බටහිර රටවලට බොහෝ විනාසයන් සිදු වීමේ ඉඩ කඩක් තිබේ. හේතුවක් නොමැති වුවද සරත් මහත්මාද ලගදීම මව්බිමට පැමිණේන බව වාර්ථා වීමක්ද වේ.

ලොවටම ලෝක විනාසයක් පිලිබද ප්‍රචාරණය කිරීමට හේතු වූ මායා වරුන්ගෙනුත් අදහසක් දැනගන්න. maya link

සියල්ල කෙටියෙන් මෙසේ දැක්විය හැක.
  • ජාත්‍යන්තර ගමනාගමනයට බාධා පැමිණෙන අතර සන්නිවේදන මාර්ග ඇන හිටීමක් සිදුවේ.
  • විදුලි සම්ප්‍රේෂණාගාරයන්ට සිදුවන හානි මත විදුලිය ඇන හිටීමත් ඒ හේතුවෙන් ජලයේ හිගකමක්ද ඇති වේ.
  • තාක්ශණයේ පිරිහීමක් වීමට සම්බාවිතාව ඉතාමත් වැඩිය.
  • බෝවෙන රෝග,වසංගත, අමුතු ආකාරයේ රෝගාබාධ ඇතිවේ.
  • රටවල ව්‍යසන සිදුවන අතර ඒ හේතුවෙන් නායකයන්ගේ මානසික තත්වයන් පහල වැටේ.
  • භූචලන,සුනාමි,නාය යාම්,ගිනිකදු පිපිරීම්,සුලි සුලං,නියමයකිත් තොරව ඇති වන වර්ශා,අධික හිමපතනන් සිදුවේ.
  • ජනගහනයේ සැලකිය යුතු ප්‍රතිශයක් අඩුවීමේ අවධානමක් පවතී.
  • ලෝකය පුරා නියග,ආහාර හිගයන් වැඩි වන අතර ඊට ඔරොත්තු නොදෙන්නන් විනාස වේ.
  • අරාබි රටවලට ශීතකාරක ප්‍රශ්න පැන නගින අතර ඒවාට ඔරොත්තු දීමේ හැකියාව අඩුවේ.
  • සත්ව ඝාතන කලාක් මෙන් මිනිසුන්ටද ඒ විපාක විදීමට සිදුවේ.
  • එක් රටක ව්‍යසන අවසන් වන විට තවත් රටක ව්‍යසන ආරම්භය වේ.
  • මේ ව්‍යසන පිලිබද පූර්ව දැනුම් දීම් තිබුනද ඒවා කණ්ඩයමකට පමණක් සීමා වේ.
  • ධර්ම යුගයකට අනවශ්‍ය සියලුම දේ හා අනවශ්‍ය මිනිසුන්ගේ අඩුවීමක් සිදුවේ.
  • ව්‍යසන කාලය 12 න් පටන්ගෙන 21 දක්වාත් ඊට පසුව වසරක් පමන කාලයක්ද පවතිනු ඇත.
  • මේ එක් දිනක සුදුවන දෙයක් නොව ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.
  • මේ කාලයේ අරහතුන්වහන්සේලාගේ පහල වීමක් සිදුවේ.
  • බුද්ධ ශක්තියේ මතු වීමක් හා මිත්‍යාවෙන් වෙන්වූ ශක්තිය ගැබ්වූ ස්ථාන ලොකයා හමුවේ විවෘත වනු ඇත.
  • 2015 වන විට ලෝකය සාමකාමී ස්ථානයක් වනු ඇත.
  • ඉදිරියේදී අන්තර්ජාල පහසුකම්,පරිඝනක වැනි ඉලෙක්ට්‍රොනික් උපකරණයන්ට බොහෝ බාධා පැණෙනු ඇත.
  • මේ යුගයක් මාරු වීම ආරම්භ වූයේ 2004 වර්ශයේ සිටය.
  •  සුර්යා මූලික කරගෙන මේ ව්‍යපර්යාසය සිදුවනු ඇත. solar flare
  •  පැහැදිලි ආකල්පමය වෙනසක් සිදුවනු ඇත.
  • 8 Years Venus Transit Pair එකකටම පස්සෙ ලෝකේ සංකල්පමය වශයෙන්("සං"කල්ප විනාශ) ලොකු වෙනස් කම් සිදුවේ.(ජුනි 5)   bibliotecapleyades     venus transit 2012                   
කිවයුතු වැදගත්ම දෙයනම් මේ එක් දිනක සිදුවන දෙයක් නම් නොවේ. 12-21 පටන් ගෙන වසරක කාලයක් පවතින ක්‍රියාවලියක් හා 2015 වන විට උදාවන නව යුගයක් පිලිබදවය. මේ සිදුවන්නේ එක් යුගයක් අවසන් වී තවත් යුගයක් අරම්භවීමය.

මේ යුගමාරුවේදී සිදුවන ව්‍යසනවලින් මිදීමට ඇති එකම ක්‍රම නම් ධාර්මිය වීමය. එය රගපෑමට හෝ අන්‍යයන් රෑවටීමට සිදු කර වැඩක් නැත්තේ ස්බාදහම ‍රැවටීමට කිසිවෙකුට නොහැකි නිසාය. නොපමාව කුසල් දහමේ යෙදීම කල යුතුමය. මෙහිදී සිදුවිය උපරිම දෙය තමාගේ මරනයයි. මරණානුස්සතිය වඩන්නෙකුට මේ සදහා අමුතු තැති ගැනීමක් සිදු නොවනුයේ. ඒ ඔවුන් අද අදම මරණයට සූදානම් වන නිසාය. මරනයට සූදානම් වීම යනු මරණය සදහටම නවත්වාලීමට කටයුතු කිරීමය. එනම් බානෙන් මිදීම හෙවත් නිබ්බානයට කටයුතු කිරීමය.
                              

 සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!!!

Thursday, December 6, 2012

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ සැඟවුණු බුදුන් උපන් දේශය



1848 උපන් හුහ් නෙවිල් (Hugh Nevill ) වයස 17 දී ලංකාවට පැමිණෙන්නේ අග්‍ර විනිසුරු ගේ පෞද්ගලික ලේකම් ලෙසය. එසේ පැමිණීමෙන් පසු ඔහු ලංකාවේ සිටිය කාලයේ පරිපාලන සේවයේ ලේඛකයකු බවටද පත්වන අතර දිස්ත්‍රික්ක විනිශ්ය කාරවරයකු ලෙසත්, දිසාපතිගේ සාහයක ලෙසත් නොයෙක් තනතුරු ඉසිලීය. 1885 සිට 1897 දක්වා කාලයේ ඔහු ලංකාවේ පුස්කොලපොත් රාශියක් එකතු කරගත් අතර සමහර පුස්කොලපොත්  ඔහු පිටපත් කරගන්නා ලදී. මෙම එකතුවට  පුස්කොල පොත් 2227 ක් අඩංගුවේ. මෙම පුස්කොල පොත් වල ලංකාවේ මධ්‍යතන යුගයේ සිට 19 වන සියවස දක්වා විස්තර ඇතුලත් වේ. මේවායේ සාහිත්‍ය, ඉතිහාසය, බෞද්ධ සන්නයන්, කවි, සම්ප්‍රදායික කතා වස්තුන් අඩංගු වේ. 1897 අප්‍රේල් මාසයේ නෙවිල් ප්‍රංශයේදී මියයනු ලබන අතර ඔහු සතුව තිබු මෙම පුස්කොල පොත් 1904 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් මිලදී ගෙන තිබේ. මේවා සිංහලයන්ගේ පුස්කොලපොත් එකතුව එසේ නැත්නම් Hugh  Nevill Collection කියා හදුන්වනු ලැබේ. මෙම සිංහලයන්ගේ පුස්කොල පොත් එකතුව සහ ඒ ආශ්‍රිත මුද්‍රිත පොත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් ස්ථාපිත කර ඇති අතර එම කටයුත්තේ  සංවර්ධනය සදහා බ්‍රිතාන්‍ය පුස්තකාලයද දායක වී තිබේ.     



                             

මෙම සිංහලයන්ගේ පුස්කොලපොත් හි අඩංගු කරුණු මගීන් දඹදිව යනු ඉන්දියාව නොවන බවට අපට සොයාගන්නට  හැකියාව ලැබී  තිබේ. අපේ ඉපැරිණි මුතුන් මිත්තෝ අපේ රටේ ඉතිහාසය ගැන දැන ගෙන සිටියත් අද අපේ බොහෝ මිනිසුන් දන්නේ (විශේෂයෙන්ම යටත් විජිත යුගයේ සහ ඒ  ආසන්නයේ උපන් )  සුදු ජාතික  කොඩ්රින්ටන් ලා සාදාදුන් මංමුලා කල ඉතිහාසයයි.

මෙම පුස්කොල පොත් ගොන්නේ 254
වෙනි අංකය දරන පුස්කොල පොතෙහි බුදුන්වහන්සේ  පිටදුන් සිරි මහ බෝධිය ලංකාවේ පිහිටි බවට තහවුරු කර දෙනු ලැබේ. 
 

 සාර   අසන්කයට   පිටදුන්    බෝ
නෑර  මේ   ලංකාවෙ  වැඩ සිටි  බෝ
මාර   යුදෙන්  දිනවා  ජයගත්   බෝ
සරහ තිබෙන 
කල වැන්ඳු  සිරි මහ බෝ  
සාර අසන්කයක් බුදුන්වහන්සේලාට පිටදීම සදහා එම කාලය මුළුල්ලේම මේ බෝධිය ලංකාවේ වැඩ සිටිය බවත් මාර යුද්ධයෙන් ජය ගන්නට උපකාර කල වන්දනාමාන කල සිරි මහා බෝධිය යන්න දැක්වේ .  සියලු බුදුන් වහන්සේලා පිට දෙන බෝධීන් වහන්සේලා එකම බෝ මැඩ කින් (එකම ස්ථානයකින් ) ජනිත වන බව බුදු දහමේ පවතී. ලෝක විනාසයකින් පසුද යලි ලෝකය නිර්මාණය වී එම ස්ථානයෙන් මෙම බුදුන් පිට දෙන බෝධිය පැන නැගෙන බවත් දැක්වේ. එනම් බුදුන් වහන්සේලා පිටදෙන බෝධිය පඨවී නාභි එනම් ලෝකය මැද (center of world ) හි පිහිටන බව දැක්වේ. ලෝකය මැද නම් එය සමකයේ හෝ සමකය ආසන්නයේ රටක පිහිටිය යුතුය.ඉන්දියාවේ බුද්ධ ගයාව පිහිටියේ පඨවී නාභි වල නොවේ. එමෙන්ම 1891 දී  බුද්ධ ගයාවේ ඇති  බෝධියේ  ගත්  ඡයා රූප මගින් එම බෝධිය වසර 2000 කට වඩා පැරණි නැති ඉතා ලාබාල බෝධියක් බව මැනවින් පෙනේ. එම බෝධිය ඇලෙක්සැන්ඩර් කනින්හම් විසින් 1870 දී පමණ සිටවන ලද බව දැක්වේ. (Relighting the Lamp by S . Dhammika Thero. Australia  ). ඒ අනුව නම් ඉන්දියාවේ බුද්ධගයාවේ බුදුන් පිටදුන් බෝධියක් නම් නැත්තේමය.  
බුදුන්වහන්සේ උපත ලැබුවේ මහා සම්මත වංශයේ බව අපි දනිමු. මෙම පුස්කොල පොත් වල 438 නම් පුස් කොලයෙන් මහාසම්මත වංශය වූයේ  ලංකාවේ බව දැක්වේ.සසිරි බර මේ සිරි ලක, මහා සම්මත රජු නොයෙක,  උපන් බව වසවතු දැක, නසමි යන උපා දැක නැතිය වින මෙලෙසක;මේ අනුව මේ රටේ මහා සම්මත වංශය පැවතී බව පහදා දේ.                                     
                                   
මහා පරාක්‍රම බාහු රජගේ සන්නස්  පතකද සුර්යාවoශිකයන් හා  මහා සම්මත රාජ වංසයට නෑකම් කියන්නේ මේ රටේ මිනිසුන් බව දැක ගතහැක2 වන ගජබා රජු,මහා  පරාක්‍රමබාහු රජ,  කුරුරට රජපුරෙන් පැමිණෙන්නන් වේ. සුද්දන් විසින්  ඉන්දියාවේද කුරු රට පෙදෙසක් පෙන්වා තිබේ. දකුණු ඉන්දියාවේ කොරමන්ඩල් නමින් හදුන්වන පෙදෙස කුරුරට ලෙස සුද්දන් ආදේශ කරගෙන තිබේ. ඒ අනුව අපේ ඇතැම් රජවරුන් දකුණු ඉන්දියානුවන් ගෙන් පැවත  එන්නන් ලෙසද ගෙන තිබේ.  නමුත් බුදුන් උපන්දේශයේ කුරු රට පිහිටියේ උතුරුපැත්තට වෙන්නය. එහෙත් ඉන්දියාවේ එම පෙදෙස ඇත්තේ උතුරින් නොව දකුණෙනි

එමෙන්ම 301 වෙනි පුස්කොලයේ බුදුන්
අතීතයේ කලෙක හෙළ බසින් දහම් දෙසු බවද පහදා දේ.අප මුනි රජ කලෙක, එළු  කර දෙසු දහමෙක  නැණ පමණින් මෙ  දැක, කියන්  පදමානවක ජාතක. වාසනාවට එළු භාෂාව හෙවත් හෙළ භාෂාව ඉන්දියාවට අයිති වුවක් නොව මේ හෙළයේ උරුමයක් පමණි යටත් විජිත යුගයේ  ඉංග්‍රීසින් විසින් අපට කියාදුන් ආකාරයට හෙල භාෂාව ඉන්දියානු භාෂා වෙන්  බිදී ආ එකක් නොවේ. දැනට ඇමෙරිකාවේ නාසා ආයාතනය මගින් කරන ලද පරීක්ෂාන වලට අනුව ලෝකයේ  ඉපරිනිම භාෂාවක් ලෙස හෙළ භාෂාව හදුනා ගෙන තිබේ.  
                              

මේ පැරණි පත් ඉරූ  අතර පරාක්‍රම බාහු රජ දවස සිද්වු පුවතක් මෙසේ විස්තර කරනු ලැබේ.  රාමඤ්ඤ රට (බුරුමයේ කොටසක්) සහ අපේ රට බෞද්ධ රටවල් වන බැවින් දිගු කලක් තිස්සේ මිතුරන් වී සිට තිබේ. ලක්දීවෙන් ගිය කිසියම් පුද්ගලයකු කියන ලද  කේලමක් නිසා දෙරට අතර මිත්‍රත්වය පලුදු විය. එරටට ලක්දීවෙන් ගිය වෙළෙන්දූන්ට ඇතුන් විකිණීම සම්බන්ධයෙන් නොයෙක් සීමා පැනවූ රාමඤ්ඤ රට අපේ රටේ වෙළදුන්ට ඇතුන් සාමාන්‍ය මුදලමෙන් දෙගුණයකින් හෝ තුන්ගුණයකින් විකුණන මෙන් එරට වැසියන්ට අණ දී තිබේ. ලක්දීවෙන් යවන ලද  දුතයන් සතු දේ පැහර ගෙන  දුතයන්ගේ පාදවලට මෝල්ගස් වලින් ගසා ඔවුන් හිරගෙදර බර වැඩට යොදා තිබේ.  එමෙන්ම දඹදිව කාශ්‍යප නම් පරුමකවරයකු එවන ලද රන් සන්නස්  සහ පඬුරු ගෙන ගිය දුතයන්ට ගොඩ බසින්නට නොදී එම සන්නස්  සහ පඬුරු නින්දා අපවාද කොට පසුව ඒවා රජු විසින් ඔහුගේ නුවරට ගෙන්වා ගෙන තිබේ. ඉන් පසු නැවත ලක්දිවෙන් ගිය දුතයන්ට බැණ  වැදී මින් පසු සිහල දේශයෙන් නැව් මෙහි නොපැමිණිය යුතු බවත් එවන ලැබුව හොත් එම එවන දුතයන් අල්ලා  මරා දැමුවාට කමක් නැති යයි කියා ලියුමක් එම දුතයන් ගෙන්  අත්සන් කර ගෙන තිබේ. මේ අනුව සිහල දීපයේ ලක්දිවක් මෙන්ම දඹදිවක්ද තිබු බව පෙනේ. මේ රටේ මිනිසුන් සමග අමනාප වී  ඉන්දියාවේ මිනිසුන්ට හිංසා කරන්නට තරම් රාමඤ්ඤ රට රජුට අවශ්‍ය නැත. එමෙන්ම සිහල දීපය යනු ඉන්දියාව නොවේ. ඒ අනුව අපේ දීපයේ දඹදිව නමින්ද පෙදෙසක් වූ බව වැටහේ.
 

එමෙන්ම ක්‍රි.ව 1250 -1285 දක්වා පාලනය කල දෙවැනි පරාක්‍රම බාහු රජ තුමා දඹදිවින් සියලු බෞද්ධ  පොත පත ගෙන්වා භික්ෂුන්වහන්සේලා දැනුමින් ඔසවා තැබූ බවත්,  තමන්ගේ සහෝදර බුවනක බාහු කුමාරයා ත්‍රිපිටක විශාරදයකු කල බවත් දැක්වේ. දඹදිව යනු ඉන්දියාව නම් 13 වන සියවසේ ඉන්දියාවෙන් ත්‍රිපිටක ග්‍රන්ථ ගෙන්වීම විහිලුවට බඳුන් වන කරුණකි. 
ගාමිණී අභය කුමාරයා  රුවන්වැලි සැයට මුල් ගල පිහිටවන්නට පෙර දින සංඝයා කැඳවා පසු දින මහා සෑයට මුල් ගල තබන බව පවසා සියලු සංඝයා වහන්සේලාට සහ ජනතාවට එතනට රැස්වන ලෙස ආරාධනා කරන ලදී. පසුදින මෙම කටයුත්ත සදහා දහස් සංඛ්‍යාත භික්ෂුන්වහන්සේලා, රජගහ නුවරින්ද, ඉසිපතනාරාමයෙන්ද, ජේතවන විහාරයෙන්ද,  විශාල මහනුවර  මහා වනයෙන්ද, කොසොබෑ නුවරින්ද, පැළලුප් නුවරින්ද, බෝමළු වෙහෙරින්ද, වනවාස දේශයෙන්ද, උදේනි නුවර ගිරි විහාරයෙන්ද , අලසන්දා  නුවරින්ද, පල්ලවභෝග්ග ජනපදයෙන්ද ආදී වශයෙන් පැමිණි බව දැක්වේ. 

මේ සිද්ධීන්  මනාව තේරුම් කර ගන්නට
බ්‍රිතාන්‍ය රාජකීය නීතිවේදියකු වූ  Henry Charles විසින් 1850 දී  ලියන ලද Ceylon and The Cingalese පොතද උපකාරී වේ. මෙහි 301 වන පිටුවේ පිළිමතලාවේ අධිකාරම් විසින් සාකච්චාවක් සදහා ජෙනරාල් මැක්ඩොවල් දඹදිවට කැඳවන අතර දඹදිව පිහිටියේ කොළඹ සිට නැගෙනහිරට සැතපුම් 57 ක් පමණ දුරින් බවත් දඹදිව පෙර රාජ කීයන්ගේ වාස භූමියක් ලෙසත් දැක්වේ. මුල් යුගයේ ලොකු ප්‍රදේශයක් කරා පැතිරී  තිබු දඹදිව පසුව කෙමෙන්  කුඩා පෙදෙසක් දක්වා ශේෂ වී ගොස් ඇති බවක් පෙනේ.
Hugh Nevill පුස් කොලපොත් එකතුවේ 98 වෙනි පුස් කොලයේද මෙසේ දක්වා තිබේ.

 තථා තෙසං වත්ථුනාමුප්පති සො විධා භවන්ති ජම්බුදීපෙ සිහලදිපෙ  චාති.  තථා ජම්බුදිපේ තාලිසා සිහලදිපෙ තෙ සත්ථි. තෙසුචා ජම්බුදිපුපත්ති වත්ථුනි අපි භවිස්සති . 
මෙයින් පෙන්වා දෙනු ලබන්නේද මෙම ද්වීපයේ ජම්බුද්වීප නමි කොටසක් තිබුණු  බව නොවේද? මෙහි ජම්බුද්වීපය සහිත  සිහලදීපයේ ඇති කතා වස්තූන් 103 අයත්වේ. එහි කතාවස්තුන් 40 ක් ජම්බුදීපයට අදාළ කොටසටත්, වන අතර ඉතිරි ඒවා  ඉන් බැහැර සිහල දීපයේ කතා වස්තුන්ය.  එහෙත් අවාසනාවට සුද්දෝ ඉන්දියාවට ජම්බුද්වීප ලෙස ආදේශ කර ගත්  නිසා මෙතනදීද ඉන්දියාව ලෙස ගෙන තිබේ.  නිල්  පාට කන්නාඩි පැළඳ  ගත් අයට මුළු ලොවම නිල්  පාටින්  පෙනේ. කොළ, රතු, දම් ආදි පාටෙන් පැළඳ ගත්  අයට පෙනෙන්නේද එලෙසය.සුද්දෝ කියා දුන් දෙයින් බැහැරව සිතන්නට පුළුවන් කමක් නැත.  එක අතකට මෙය පුදුම විය යුතු දෙයක් නොවේ. හෙලයාට ඉතිරි වූ අන්තිම රාජධානිය වූ කන්ද උඩරට බන්දේසියක තියා සුද්දන්ට තෑගී කල අමනයන් සිටිය රටක, වහල් උන්මාදයෙන් පෙලෙන මිනිසුන් ජන්මයෙන්ම මෙරටට දායාදවීම  පුදුම විය යුත්තක් නොවේ.
Hugh Nevill පුස් කොලපොත් එකතුවේ 98 වෙනි පුස් කොලයේද
මෙවන් විස්තරයක් එකතු කර තිබේ. 

ස්රී ලන්කේස්වරවූ උතුම් දෙවනපතිස්ස දේවස්වාමිදුරුවානන් වහන්සේ සක්‍රදේවේන්ද්‍ර ලීලාවෙන් රාජ්‍යස්රියව කර වදාරන ප්‍රස්තාවට, දඹදිවින් වැඩිය, සනරන්ගයෙන්ද, දස අටකුලවාසින්ගෙන්ද, කටුව ආ අය  අතුරින් ඔවිටිපාන හිටි බණ්ඩාරට නින්දගන් හතක්  ලැබී තිබෙන ප්‍රස්තාවට,  ඔවිටිපාන හිටි බණ්ඩාර විසින් , අටුපොල කියන මේ අඩවිය අස්වද්ද ගෙවතු තනා අටුපොල යන නම කියමින් මෙම ගම භුකිති විඳගෙන එන ප්‍රස්තාවට, පරංගි හේවාකන් රටට පැමිනුනාය. 
මෙම පුවත දෙවන රාජසිංහ රජ යුගයට අයත් එකකි මෙහි ලංකාදීපයේ රජව සිටි දේවානම් පියතිස්ස රජගේ යුගයේ දඹදිවින් පැමිණි දස අට කුල වංශයෙන් පැමිණිය අතුරෙන් ඔවිටිපානේ හිටි බණ්ඩාරට නින්දගම් 7 ලැබී තිබුනු බවත් දැක්වේ,  බණ්ඩාරලා පරම්පරාවන්  ඉන්දියාවෙන් ආ අය  නම්  නොව මේ සිහලයේ මිනිසුන්ය. 
මේ මිනිසුන් ගෙනාවේ දේවානම් පියතිස්ස යුගයේදී බෞද්ධ වෙහෙර විහාර ඇතුළු නොයෙක් ඉදිකිරීම් සදහා යයි දැක්වේ. මේ පිරිස් ආවේ ඉන්දියාවෙන් නම් අපේ බෞද්ධ සිද්ධස්ථාන  ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන මෙන් හින්දු කෝවිල් වල ස්වරුපය ගත යුතුය. එමෙන්ම ඔවුන් ඉදිකලාක් මෙන් ගඩොලින් මෙම සිද්ධස්ථාන ඉදිවිය යුතුය. එහෙත් මේ රටේ මුල් යුගයේ සිද්ධස්ථාන ඉදිවී ඇත්තේ කළු ගල් පදම්  කරය.  ගඩොලින් සිද්ධස්ථාන හැදු ජන කොට්ටාශයක් ලංකාවට පැමිණ කළු ගලින් සිද්ධස්ථාන ඉදිකිරීම සදහා උපදෙස් දීම විශ්වාස කල නොහැක්කකි. 
ඉපැරිණි විස්තර වලට අනුව උරුවේලාව, උරුවෙල දනව්ව, උරුවෙල් මඩුල්ල, උරුවෙල් මහා වැව, නාලන්දාව,   බුදුන්වහන්සේ පරිනිර්වාණ සදහා කුසිනාරාවට ගමන් කල මගදී හමුවෙන , කෝටිගම, හස්තිගම, බණ්ඩාගම වැනි ගම්ද ආදී බෞද්ධ ඉතිහාසයේ එන බොහෝ ස්ථාන මෙහි තිබු බවට සොයා ගත හැකි වේ. ජීවමාන  බුදුන් දවස විස්තරවන සමුද්දගිරි, අම්බහට්ට පබ්බත,  මාතුලගිරි, මකුලාරාම, වැනි පෙදෙස් හි බුදුන් දවස පුන්න මහා තෙරණුවෝගමන් කල පෙදෙස්ය.රුහුණු රට බුදු දහමේ උන්නතිය වෙනුවෙන් උන්වහන්සේ බොහෝ සේවයක් කර තිබේ.එමෙන්ම මේ රටේ ප්‍රදේශ රට්ට, හෙවත් රට ලෙස බෙදා වෙන් කර තබා ඇති  අතර උදාහරණ ලෙස දනව්වා රට,ගිරිබා රට,කඳුරු රට, ගෝන  රට, කුරුන්දි රට, පදී රට, මලය රට, කුරුරට, කළුගල්බොල රට ආදී බොහොමයක් වේ.   සාතාගිරි, නගර ගිරි, ජිතගිරි,ලංකාගිරි, මාරාගිරි වැනි නම්ද පුද්ගල නාම අතර වේ. රට හෙවත් රට්ට ලෙස හදුන්වා ඇති පෙදෙස් බොහොමයක් මහා මුකලාන  වලින් වටවී තිබී ඇති අතර මෙම මුකලාන හැදින්වීම සඳහා හිමය, හිමවත. හිමවන්තො, හිමගිර  වැනි වචන යොදා තිබේ. බෞද්ධ ඉතිහාසයේ සදහන් වන මෙම වචන වලට සුද්දන් විසින් යටත් විජිත යුගයේ හිමාලය ලෙස පරිවර්තනය කර ආදේශ කරගෙන තිබේ. එබැවින් සුද්දන් විසින් නිර්මාණය කරන ලද බුදුන් උපන් දේශයට හිමාලයක්ද තිබේ.මෙම පුස්කොල පොත් පුරාවට මේ රටේ මිනිසුන් ශක්‍ර දෙවී කෙනෙකු ගැන සදහන් කරතත්,  පැරණි ඉන්දියානු පොත් පත් වල ශක්‍ර දෙවී කෙනෙකු ඉන්දියානුවන්  ඇදහු බවට සාක්කි නැත්තේය, ඔවුන්ගේ මුළු ඉතිහාසය පුරාවටම ඇත්තේ ලෝකය මවු මහා බ්‍රහ්මයකු, සහ විෂ්ණු අවතාර, ශිව, බගවත් ගීතා වැනි නාමය.
                         
     
දඹදිව පමණක් නොව, දඹ යන නමින් ආරම්භවන දඹ කොළ පටුන, දඹකොළ ගම, දඹකොළ වැව, දඹකොළ ලෙන, දඹකොළ වෙහෙර, දඹදෙණිය, දඹ ගස  ආදී බොහෝ  නාමයන් මෙම පැරණි පුස් කොළ පොත් පුරාවට ලියවී තිබුනත් දඹ නමින් වචනයක් නැති දඹ යන නාමය වත් හඳුනන්නේ නැති  ඉන්දියාවට දඹදිව කියා ලියා ගැනීම වහල් උන්මාදයට ලක්වූ මිනිසුන්ගේ ජන්ම  ගත උරුමයක් මිස අන් කවරකද? 


(සැකසුම සුභාෂිනී කුමාරි)

Wednesday, December 5, 2012

අනුපුබ්බංගම නිවන් මඟෙහි ඉදිරි පියවරයන්


සබ්බාසව සූත‍්‍රයේ පෙන්වා වදාළ පරිදි මෙම නිවන් මාර්ගය අනුපුබ්බංගම නිවන් මාර්ගයකි. එහි පළමුවන පියවර පළමුකොටම තේරුම් නොගෙන දෙවන හෝ තුන්වන පියවරකින් පටන් ගැනීමෙන් නිවන් මඟ පූර්ණ කරගත නොහැකිය. සෝතාපන්න මඟ ඵලයට  පත්වීම  සඳහා  මිනිසෙකුට  උපකාර  වන  දස්සනේන  පහාතබ්බා  යන  පළමු පියවරත්, සංවරේන පහාතබ්බා යන සංවර සීලයේ පිහිටා කටයුතු කරන්නට උපකාර වන දෙවන  පියවරත්  නිවැරදිව  තේරුම්  ගත්  කෙනෙකුට  ඊළඟ  පියවරයන්  අනුගමනය කරන්නට බාහිර කාගේ හෝ උපදෙස් හෝ මඟ පෙන්වීමද අවශ්‍ය නොවේ. ඒ සඳහා විර්යයඋත්සාහය  ගැනීමද  අවශ්‍ය  නොවේ.  ලැබූ  යථාවබෝධය  නිසාම  ධර්මයෝ ධර්මයෝ පවත්වති යන න්‍යායට අනුව ගඟක් මුහුද කරාම ගලාගෙන යන්න සේ ඒ පුද්ගලයා නිවන කරාද ගමන් කරයි.
කෙසේ වෙතත් ඊළග පියවරයන් පිළිබඳවත් දැනගෙන සිටීම ඉතාම වැදගත්ය. මේ හැම පියවරකින්ම සිදුවන්නේ මෙතෙක් සිත අඳුරු කර, සිත වසා සිටි ආසව තට්ටු ප‍්‍රහාණය කර, කුණු සළාහැර, චිත්තපාරිශුද්ධියට පත්වීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර ගැනීමයි. හැම පෘථග්ජන පුද්ගලයෙකුගේම සිතෙහි ඇති ආසව කොටස් තුනකට බෙදා බුදුපියාණන් පෙන්වා වදාළ සේක.
01.      කාමාසව       02.      භවාසව        03.      අවිද්‍යාසව
යනු මේ කොටස් තුනයි. මෙ ආසව තට්ටුවලින් සිත මුවහ කර, වසා සිටින තුරාවට කිසිම පෘථග්ජන පුද්ගලයෙකුට මේ පැවැත්ම ජීවත්වීම යන හේතුඵල පරම්පරාවෙහි සත්‍යම වූ ස්වරූපය ඇත්ත ඇති සැටියෙන් දැකගත නොහැකිය. ඒ ආසව තට්ටු පහකර දමා කුණු සළාහැර ආසව තට්ටුවලින් සිත මුදවා ගත්තොත් එතැනදී ප‍්‍රඥාව උදාවෙයි. පැවැත්මෙහි ඇත්ත, ඇති සැටියෙන් යථාභූතඥාණයෙන් දැක ගන්නට ලැබෙයි. පැවැත්මේ නිසරු බව, නොවටිනා බව දැකගත් පසුව දුක අවබෝධ වෙයි. ඒ මොහොතේ පටන් හැකි ඉක්මනින් මේ කුණු කන්දරාවම පහකර දමා නිදහස්වීම එකම අරමුණ කරගනී. ගමන නවතා දමා රිය අරිය කිරීම එතැන් පටන් සිතෙහි පවත්වන එකම අපේක්ෂාවයි. පළමුවන හා දෙවන පියවරයන්  අවබෝධ  කරගත්  පුද්ගලයා  අරිය  උත්තමයෙකි.  දෙවන  පියවරේදී  ලැබූ යථාවබෝධය නිසාම ඉන්ද්‍රියයන් හයෙන්ම මේ තාක් එකතු කරමින් සිටි විඤ්ඤාණ ආහාර එකතු කිරීම නවත්වා ඉන්ද්‍රියයන් හයම සංවර කරගෙන ඇත. ඒ ඉන්ද්‍රියයන් සංවර කරගත  යුත්තේ  ලැබූ  යථාවබෝධය  නිසාමය.  සංවරත්වයට  පත්වීමත්  සමඟම  ලැබූ සත්‍යාවබෝධය  නිසා  තුන්වැනි  පියවර  වන  පටිසේවනා  පහාතබ්බා  සිට  විනෝදනා පහාතබ්බා  යන  හයවන  පියවර  දක්වාම  ක‍්‍රමානුකූලව  ආසව  ප‍්‍රහාරණය  කර  චිත්ත පාරිශුද්ධතාවයට පත්වීමට අවශ්‍ය පියවරයන් සම්පූර්ණ කරගත හැකිවෙයි.
පටිසේවනා පහාතබ්බා යනු පටිසංඛා යෝනිසෝමනසිකාරයෙන් යුතුව කටයුතු කිරීමයි.පැවිද්දෙකු       නම්          දායකයින්ගෙන්,        අනුගාමිකයින්ගෙන්,            අනුග‍්‍රාහකයන්ගෙන් ලබාගන්නා සිවු පසයට නොබැඳී, වහල් නොවී, ඊට නොඇලී දානය දෙන පුද්ගලයාට නොබැ`දී ප‍්‍රත්‍යවේක්‍ෂා නුවණින් යුතුව සිවුපසය පරිභෝග කිරීමයි. රස තෘෂ්ණාවෙන්, ප‍්‍රිය මධුරතාවය පතා යමක් උපාදානය කර ගන්නට සම්බන්ධවන්නට හෝ ඒ මත්තේම යැපෙන්නට හෝ කටයුතු කිරීමෙන් වැළකී චතුරාර්ය සත්‍යාවබෝධය පූර්ණ කර ගැනීමේ එකම අරමුණෙන් සිවුපසය පරිභෝග කිරීමට පුරුදුවීම, පුහුණුවීම පටිසේවනා පහාතබ්බා යන්නෙහි තේරුමයි. දෙවන පියවරේ දී සංවරා පහාතබ්බා සම්පූර්ණ කරගත් කෙනෙකු ඉන්ද්‍රිය හයම සංවර කරගෙන ඇති නිසා ඉන්ද්‍රියයන් පිනවන්නට, රස තණ්හාවෙන් රස බලන්නට, රස විඳින්නට කටයුතු කිරීමෙන් වැළකී නිදහස ්වෙයි. ධර්ම මාර්ගයේ හැසිරී චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගෙන නිවන නිදහස පූර්ණ කර ගැනීමේ එකම අරමුණ ඇතිව මේ කය පවත්වාගෙන යනු මිස සැප සුව පතා යමක් ඉල්ලා ලබාගෙන, පරිභෝග කිරීමෙන්ද වැළකෙයි.
අධිවාසනා පහාතබ්බා යනු ඉවසීමෙන් කටයුතු කර සැනසීම අත්කර ගැනීමයි. සීතල, උෂ්ණ, මැසි මදුරු, සර්පයින් ආදී බාහිර කරදර, උපද්‍රව ඉවසා දරා ගැනීමත්, ඒවා මඟහැර ඒවාට නොපැටළවී අතහැර, නිදහස් වීමත්, සැර පරුෂ වචන භාවිතා කරන්නන් මෙන්ම සංදර්ශන, සන්නිවේදන, සංචාරයන්ගෙන් ද වෙන් වී ඒවා බැහැර කොට, ඒවාට නොඇලී කටයුතු කිරීමත් අධිවාසනා පහාතබ්බා යනුයි.
පරිවප්ජනා පහාතබ්බා යනුවෙන් පෙන්වා වදාළ ඊළග අවස්ථාව ඇති විය හැකි බාහිර බාධක, උපද්‍රව මඟහැර ඒවායින් මිදී නිදහස් වීමයි. නපුරු මිනිසුන්, අඳ බාල මිනිසුන් මෙන්ම නපුරු රුදුරු තිරිසන් සතුන්ගේ ආශ‍්‍රයෙන් ද ඉවත් වී, ඔවුන් මඟහැර තමාම ඉවත් වීමයි. නුසුදුසු වාසස්ථාන වලින් මිදී නිදහස් වීමද නිවන් මඟට බාධක ඇති සුව පහසු යාන වාහන, නිදියහන්, මන්දිර මෙන්ම ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශ වලින් ද ඉවත් වී, වෙන්වී යාම පරිවජ්ජනා පහාතබ්බා යන කොටසට අයත්ය. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කර මෙවැනි දේවල හේතුඵල ධර්මතාවයම තේරුම්ගෙන හේතුන්ම අතහැර, මඟහැර, හේතුවෙන්ම මිදී, පරම්පරාවෙන් ද මිදී නිදහස් වීමයි. අන්තරායකාරී දේ ආශ‍්‍රය කිරීම මෙන්ම ප‍්‍රිය මනාප දේවලට ඇලීමද නිවනට බලවත් බාධක ලෙසින්ම දැක ඒවා මඟහැර යා යුතුයි.
විනෝදනා පහාතබ්බා යනු ඊළග අවස්ථාවයි. මේ පියවර නිවන් මාර්ගයේ ඉතාම වැදගත් අවස්ථාවකි. තම සිත තුළින්ම උපත ලබන කාම විතක්ක, විහිංසා විතක්ක දැන හඳුනාගෙන ඒවා සියල්ලම ලෝභ- අලෝභ, ද්වේෂ - අද්වේෂ, මෝහ - අමෝහ ගති ලක්ෂණයන් නිසාම උපත ලබන සමුදය ධර්මයන් බව තේරුම් ගෙන ඒවා ප‍්‍රහාරණය කර, නිදහස් වීම, විනෝදනා පහාතබ්බා යනුයි. මිනිසෙකුගේ සිතක මතුවන සියලූම අවිද්‍යා සංඛාර මතු වෙන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක හෝ විහිංසා විතක්ක ලෙසින්ම පමණි. අතීත සම්බන්ධතා පවතින තුරාවට මෙවැනි විතක්ක මතුවී විචාර පැවැත්වීම ද ස්වභාවික දෙයකි. හේතුඵල දහම ගැන මනා වැටහීමක් ලැබුවෙකු මෙවැනි විතක්ක විචාර සිතෙහි අරමුණු වෙනවාත් සමඟම ඒවා දැක, දැන හඳුනා ඒවායින් ඉවත්වීමට පුරුදු විය යුතුය. මෙම විතක්ක විචාර අතහැර ඒවායින් නිදහස්වීම සඳහා නෙක්ඛම්ම සවිතක්ක සවිචාර පැවැත්වීම අව්‍යාපාද සවිත්තක සවිචාර පැවැත්වීම අවිහිංසා සවිත්තක සවිචාර පැවැත්වීමට ද පුරුදු පුහුණු කරගත යුතුයි.
කාමවිතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක සිතෙහි අරමුණු වීම සහමුළින්ම නැතිකර ගැනීම සඳහා පරම මෙත්තා භාවනාවක් පුරුදු පුහුණු කර ගැනීම සියලූ ලෝක සත්ත්වයා වෙත සම මෙත පැතිරවීමට පුරුදු පුහුණුවීම හැම කෙනෙකුම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි. සංසාරයේ අනන්ත අප‍්‍රමාණ කාලයක සිට එකතු කරගත් ද්වේෂ - අද්වේෂ ගති ලක්ෂණයන්ගෙන් සඳහටම මිදී නිදහස්විය හැකි වන්නේ පරම මෙත් පැතිර වීමෙන්ම පමණි.
හේතුඵල දහම දැක ත‍්‍රිලක්ඛණය අවබෝධ කරගත් පසුව ලෝක සත්ත්වයා කෙරෙහි උපන් අවංක අනුකම්පාවෙන් ඔවුන් කෙරෙහි සම මෙත පැතිරවීමට ශක්තියක් හැකියාවක් ලැබුණු පසුව සිතක කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මතුවූවත් ඒවා දිගේ දිගින් දිගටම සිතා රෝද ගසා කටයුතු කිරීමෙන් වැළකී ඒවා නිරෝධ කර සිත සමනය කර ගනී. මේ අවස්ථාව වන විට ලැබූ ධර්මාවබෝධය සත්‍යාවබෝධය නිසා සතියෙහි පිහිටා සියලූ කටයුතු කරන්නටද පුහුණුව ලැබෙයි. එය සතර සතිපට්ඨානයේ පිහිටා කටයුතු කිරීමයි.
අනුපුබ්බංගම නිවන් මාර්ගයේ අවසාන පියවර වන්නේ භාවනා පහාතබ්බා යන අංගයයි. වෙනකිසි ආකාරයකින් ක‍්‍රියාමාර්ගයකින් ප‍්‍රහාණය කරගත නොහැකි බලවත් අවිද්‍යාසව කොටසක් රූප රාග, අරූපරාග, මාන, දිට්ඨි, අවිද්‍යා ලෙසින් තවමත් සිතෙහි රැඳී පවතී.
දැන් මේ අවස්ථාව වන විට ලැබූ යථාවබෝධය නිසාම දස්සනයෙන් පහකළ යුතු ආසව කොටස් පහකර, කුණු සළාහැර, ඉන්ද්‍රියයන් හයම සංවරත්වයට පත්කර, සීලයෙහි පිහිටා, අලූතින් ආසව එකතු කිරීමද නතර කර, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක පහකර, විපස්සනා අනුපස්සනා නුවණ මතුකරගන්නට තරම් යථාවබෝධය ශක්තිමත් වී ඇත. භාවනාවෙන් පහකර ගත යුතු ආසව කොටස් ප‍්‍රහාණය කරන්නට විපස්සනා අනුපස්සනා නුවණම උපකාර කර ගත යුතුය. ඒ නිසා බුද්ධ භාෂිතයේ ගෙනහැර දැක්වූ විපස්සනා අනුපස්සනා භාවනාව වෙනත් කිසිදු ආගමික දර්ශනයක පෙන් වූ එකක් නොවේ.
මහා කල්ප 91ක පටන් එකතු කරගත් ගතිගුණ, ගති ලක්ෂණ, කාමාසව, භවාසව හා අවිද්‍යාසව ලෙසින් තම චිත්තසංථානය තුළම ගබඩා වී පවතී. මෙවන් බලවත් ආසව තට්ටු සළාහැර,            ප‍්‍රහාණය       කර          චිත්තපාරිශුද්ධතාවයට       පත්විය         හැකි වන්නේ විපස්සනා අනුපස්සනා භාවනාවකින් පමණි. මෙතැනදී කළයුතු වන්නේත් සිදුවන්නේත් මහා කල්ප ගණනක් තුළ චිත්තසංථානය තුළ ක‍්‍රියාත්මක වෙමින් පැවති කර්මජ බීජ, ආසව ක‍්‍රමයෙන් ප‍්‍රහාණය  කර  දැමීම  නිසා  ලෝකෝත්තර  කුණු  සළාහැරශුද්ධ  පවිත‍්‍ර  වීම  නිසා, සත්තසම්බොජ්ජංග සම්පූර්ණ වීමයි. සත්තසම්බොජ්ජංග යනු බුද්ධියේ අංග හතයි. හැම පෘථග්ජන මිනිසෙකුගේම සිතෙහි මේ අංග හතම රැුදී පැවතුනත් ලෝභ- අලෝභ, ද්වේෂ - අද්වේෂ, මෝහ- අමෝහ යන කෙළෙස් නිසා ඒවා වැසී ආවරණය වී පවතී. කුණු සළාහැර ඉවත්කරත්ම කෙළෙස් ප‍්‍රහාණය කරත්ම බුද්ධියේ අංග හතම නිරාවරණය වී ප‍්‍රඥාව මතුවෙයි. ප‍්‍රඥාව යනු ප‍්‍රකෘති ඥාණයයි. ඥාණයේ පරම තත්ත්වයයි. ප‍්‍රඥාව යනු නැවත කවදාවත් කෙළෙස් නිසා කුණු නිසා, කිළිටි කළ නොහැකි, අඳුරු කළ නොහැකි, වසා මුවහ කර තැබිය නොහැකි පිරිසිදු තත්ත්වයකි. ප‍්‍රඥාලෝකය උදාවීමත් සමඟම මෙතෙක් සිතින් මවාගෙන සිටි ලෝකය අලෝක වෙයි. විඤ්ඤාණ තත්ත්වයෙන් තොර චිත්තය, ඉතාම පිරිසිදු, ශාන්ත වූ කම්පා නොවන, විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිණාමී තත්ත්වයකි.
සිත මේ පිරිසිදු තත්ත්වයට පත්වීම යනු අලූතින් සිතක් හෝ ප‍්‍රඥාවක් හෝ බුද්ධියක් හෝ වර්ධනයක් කර ලබා ගන්නා එකක් නොවේ. මෙතෙක් සිත අඳුරු කර, මුවහකර වසා සිටි සිත විකෘති කළ, විෂම තත්ත්වයට පත් කළ කුණු සළාහැර විඤ්ඤාණ තත්ත්වයෙන් මිදී පරම පවිත‍්‍ර තත්ත්වයට පත් කරගැනීමයි.
සිතින් එකතු කරගත් කර්මජ බීජම භාවිතා කරමින් මෙතෙක් කලක් සංසාරය කියා සංඑකතුකරගෙන ගිය සංසාර රිය ගමන පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැක, අවිද්‍යාවෙන්, තණ්හාවෙන් සාරයි කියා නිගමනය කර ගිය ගමන නිමාකොට සංඑකතු කිරීමට මෙතෙක් කලක් රෝද කළ සිත රෝද - නිරෝධ කර, රාග - විරාග කර, රිය - අරිය කර, භූත අභූත කර, ජාත - අජාත කර, සංඛත - අසංඛත තත්ත්වයට පත්කර ගැනීම ලෝකය රහබැලීම සම්පූර්ණයෙන්ම අත්හැර ලෝක - අලෝක කර, ලෝකය රහබැලීම අවසන් කිරීම අරහත් තත්ත්වයට පත්වීමයි.

පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අලුත් ග්‍රන්ථය හා මේ ලිපියේ ඉතිරිය කියවීමට පිවිසෙන්න. http://panhinda.sirisaddharmaya.net/