Tuesday, May 8, 2018

ලුම්භිණි ප්‍රචාරණ දැන්වීම


පුවත්පතේ ඵලවූ ලිපිය 

මෙතනින්

සියළු බුදුවරයන්වහන්සේලා පහල වන දඹදිව පිළිබද සියල්ල පටලවා ගැනු ලැබූ සවාමීන් වහන්සේ නමක් විසින් ලංකාවේ එක්තරා ප්‍රසිද්ධියැයි කියා ගන්නා පුවත්පතට තම තෙවන ලිපියත් මුදල් ගෙවා පි‍ටුවක් පුරා ප්‍රචාරය කරන ලද්දේ 2018 මැයි 06 වෙනිදාය.ඉතිහාසය පටලවාගත් ස්වාමීන්වහන්සේ අසන ප්‍රශ්ණයට පිළිතුරු වන්නේ බෝසතානන් වහන්සේ උපත ලැබුවේ ලුම්බිණියේ යන්නයි. නමුත් ඉන්දියාවේ හෝ නේපාලයේ ලුම්බිණියක් නැති බැව් පත පොත පවසයි. තෙල්දෙණිය යනු පසු කාලීනව ව්‍යවහාර වූ නාමයකි. බුදුන්වහන්සේ වැඩ සිටි කාලයේ එවැනි නාමයක් නොවීය.උන්වහන්සේගේ ලිපිය හුදෙක් ලිපියක් නොව එක්තරා චාරිකා විශේෂයක් සදහා වූ ප්‍රචාරණ දැන්වීමකි. එසේ කියනුයේ මන්ද යත් ශ්‍රාස්ත්‍රීය ලිපියක් යනු තම මතය හුවා දැක්වීමක් හෝ බලෙන් මතය සමාජ ගත කිරීමට උත්සහ කිරීමක් නොවන නිසාය. තම මතය බලෙන් කුමන ආකාරයකින් හෝ අනිකා මත පටවන්නේ ප්‍රචාරණයෙනි.

සුපුරුදු පරිදි ග්‍රන්ථයකින් කොටසක් උපුටා දක්වමින් කතන්දරයක් ලියන උන්වහන්සේ ලිපිය පස් මහබැලුම් වලින් පටන් ගනී. එහි විග්‍රහය සම්මතයෙන් නිවැරදිය. නමුත් දීපය යනු දූපත යන්නයි. එම දීපය තුල පිහිටි දේශය යනු දඹදිව් තලයේ හෙවත් ජම්බුද්වීපයේ පිහිටි ශාක්‍ය ජනපදයයි ගත හැක. නමුත් ඉන්දියාව කියා කිසිම පැරණි ග්‍රන්ථයක සදහන් වන්නේ නැත. අප සැම සම්මතයෙන් දන්නා සිදුහත් උපතේ කථා පුවත විග්‍රහ කරන උන්වහන්සේ කිසිදු වග විභාගයකින් තොරව එය නේපාලයේ බැව් සදහන් කරයි. ප්‍රචාරණය නම් එයයි.

පරණ තැටියම කරකවන ලිපිය ලියන ස්වාමීන්වහන්සේ කපිලවස්තුව පිළිබද වූ විග්‍රයට පැමිණේ. උන්වහන්සේ කියන පරිදි පිප්රුවා හි කැනීම් පටන් ගන්නේ 1897 දී පමණය. නමුත් කැනීම් වලින් පලවෙනි මංජුසාව හමුවන්නේ 1896 සැප්තැම්බර් 22 වෙනිදාය. මෙසේ ආරම්භ කරන කැනීම් 1898 වසර දක්වා දිව යයි. ඒ කාලවකවානු වලදී ‍ෆියුරේ විසින් බුරුම භික්ෂූන් වහන්සේ නමකට ධාතුන් වහන්සේලායය හදුන්වමින් විවිධ දේ යවා තිබේ. 

1898 ජනවාරියේදී ඊසාන දිග Basti දිස්ත්‍රික්කයේ  Birdpur Estate හි පාලකයා වන W C Peppe මහතා නිවේදනයක් නිකුත් කරන්නේ ආභරණ සහ ධාතු සහිත මංජුසා පිප්‍රහ්වා අසල ස්තූපයකින් සොයා ගෙන. මෙහිදී එක් මංජුසාවක ලිපියක් කොටා ඇති අතර එම ලිපියේ දැක්වෙන්නේ බුදුන්වහන්සේගේ ධාතු බවත් ඒවා ශාක්‍ය වංශික නෑයන් විසින් කරවන ලද්දක් බවත් ඔහු නිගමනය කරයි. පසුව 1899 දී ඉන්දියාව පාලනය කල බ්‍රිතාන්‍යයන් මගින් බුරුමයේ සහ ලංකාවේ භික්ෂූන්වහන්සේලාට ඒවා ප්‍රධානය කර ඇත. කොටසක් දිල්ලි කෞතුකාගාරයේද තැන්පත් කර පවතී. මේවා සොයා කැනීම් කරන කාලයේ හමුවූ ධාතු යැයි කියා ගන්නා ද්‍රව්‍ය බුරුමයේ භික්ෂූන් වහන්සේලාටද යවා තිබේ. මේ පිළිබද දීර්ඝ විස්තර ඇතත් කෙටියෙන් පැවසීමට ඇත්තේ බුරුම රජයේ මැදිහත් වීමත් Dr hoey, සහ Wadellගේ හෙලිදරව් මත ශාක්‍යයන්ගේ යැයි ලිපි කොටමින් බෞද්ධයන් ‍රැවටූ හොර ධාතු මගඩිය හෙලි දරව් වූ බවයි. පොත පත නොකියවන බොහෝ දෙනා ශාක්‍යයන් ගැන ලියා ඇති ලිපිය බොරුවක් බවත් එය ‍ෆියුරේ විසින් ලියවන ලද්දක් බවත් නඩු විභාගයකදී ඔප්පු වී ඇති බවත් නොදනී. එසේ නොදැන තවත් බෞද්ධයන් මුලාවේ දැමීමට පත්තර දැන්වීම් ඵල කරයි. මේවා සමස්ත ජාත්‍යන්තරයේම ප්‍රසිද්ධය. නමුත් බෞද්ධයන් යැයි කියා ගන්නා උදවිය දන්නේ නැත. ඒ කෙසේ වෙතත් බොරු ලියන ස්වාමීන්වහන්සේ ඉන්දියාවෙන් ශාක්‍යයන් සනාථ කිරීමට තිබූ එකම ශාක්ෂිත් ව්‍යාජයක් බැව් දැන ගත යුතුය.

ඉන්පසු ස්වාමීන්වහන්සේ නේපාලයේ ලුම්භිණිය දෙසට හැරේ. පරසමය දේශ අනුව නේපාලය බුදුවරු පහල නොවන දේශනයක් වුවද උන්වහන්සේට අනුව සිදුහත් කුමරු නේපාල ජාතිකයෙකි. උන්වහන්සේ එය සනාථ කරීමට ගන්නා එකම සාක්ෂිය නේපාලේදී අශෝක රජ ලීවායයැයි කියන ටැම් ලිපියයි. නමුත් සොයා නොබලන නිසා එම ලිපිය ක‍තෝලිකයෙක් වූ ජර්මන් ජාතික ‍ෆියුරේගේ තවත් බොරුවත් බවත් ඔහුගේ ඒ සම්බන්ධයෙන් ලියවුනු සියලු ලේඛණ භාවිතයෙන් ඉවත් කර ඔහු නීතිය ඉදිරියේදී වරදකරුවෙකු වූ බවත් උන්වහන්සේ දන්නේ නැත. මේවා කෙටියෙන් විස්තර කරන්නේ මේ සම්බන්ධ දීර්ඝ විස්තර කලින් ඉදිරිපත් කර ඇති නිසාය. තවද සියළු නීත්‍යානුකූල ලියවිලිත් ලෝකයාට ප්‍රසිද්ධ කරද අවසන් නිසාය. ඵල වූ ලිපිවලින් කීපයක් මෙසේ කියවිය හැක.

ලුම්බිනි ආකෘතියේ බොරුව

කපිලවස්තු ධාතු මගඩිය

එකින් එක විස්තර නොකර ලිවීමට ඇත්තේ ලිපිය ලියන ස්වාමීන්වහන්සේ පවසන සියලු සාධක ව්‍යාජ ඒවා බැව් ඔප්පු වී බෝහෝ කල් බවය. නමුත් පත පොත නොකියවන නාමික බෞද්ධයන් ඉලක්ක කොට ගනිමින් මෙසේ ලියන්නේ හුදු තම තමන්ගේ වාසිය නිසාය. නාමික බෞද්ධයෙක් මෙවැනි ලිපි දු‍ටු ගමන් හුරේ දමන්නේ ඉන්දියාවේ සියල්ල ඔප්පු වී ඇති බැව් පවසමිනි. එය සැබෑ නාමික බෞද්ධ ගතියයි. කිසිදු විමසීමකින් තොරව උඩින් වැටෙන දේ ඇහිද ගන්නේ ඔවුන්ය. 2013 නේපාලයේ කල කැනීම්ද එසේමය. එය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව පූර්ව නිගමන මත කරන ලද රග පෑමකි. බොහෝ පුරාවිදැදුරන් ඒ කැනීම් ප්‍රතික්ෂේප කලේ එබැවිනි. සියලු රූගත කිරීම් මධ්‍යයේ කැනීම් සිදු කලේ එ නිසාය. සජීවීව පෙර සූදනම් ඇතිව ආලෝක කරණය, කැමරා ආදීය සූදානම් කරගෙන කරන දේ පුරාවිද්‍යා කැනීම් ලෙස හදුන්වන්නේ නැත. ඒවා හදුන්වන්නේ චිත්‍රපට හෙවත් නාඩගම් ලෙසය. නමුත් ඒ නාඩගම් ඔලුවේ තියාගන්නා පුද්ගලයන්ද නැතුවා නොවේ. 

වෙනත් සගරාවක ඵල වූ ලිපියක් ප්‍රසිද්ධ ජාතික පුවත් පතක ඵල කිරීමට හේතු දෙකක් ඇත. පළවැන්න නම් ප්‍රසිද්ධ පුවත් පත බංකොලොත් වීමය. දෙවැන්නනම් පි‍ටුවක් මුදල් ගෙවා වෙන් කර ගැනීමය. ඒ දෙකෙන් කුමන හේතුවක් මෙසේ ඵල වූ ලිපි සදහා හේතු වන්නට ඇතයි විමසීම පාඨකයාට භාරය. ලිපි තුනම කියවන විට ස්වාමීන්වහන්සේ සියල්ල හොද හැටි පටලවා ගෙන ඇති බැව් නම් පැහැදිලිය.  එසේ ලියූ උන්වහන්සේ තම දැන්වීමේ අවසානය මෙසේ සනි‍ටුවහන් කරයි.



මෙය "අපේ සමාගමෙන් ඉන්දියාවේ පලයල්ලා" ලෙස සරලව දැක්විය හැක.